ඉතිහාසය මූලිකව තබාගැනීම: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහි තර්කයක්..
මෙම වසර මුලදී, අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව කතා කිරීමට පටන් ගත් විට, බොහෝ දෙනෙකුට ඉහළ බලාපොරොත්තු තිබුණි. රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්තිම දිගටම කරගෙන යාමට වත්මන් ආණ්ඩුව තීරණය කර තිබියදීත්, අඩුම තරමේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ හෝ තත්ත්වය වෙනස් වනු ඇතැයි යනුවෙන් ප්‍රබල විශ්වාසයක් පැවතුණි. තම දේශපාලන පැවැත්ම තහවුරු කිරීමට එකදු පිරිවෙනක්වත් මඟ නොහැරි දේශපාලන පක්ෂයක් ලෙසත්, සාධාරණ සහ සමාන අධ්‍යාපන ක්‍රමයක් වෙනුවෙන් දිගු කලක සිට පෙනී සිටි පක්ෂයක් ලෙසත්, ඔවුන්ගෙන් ඉහළ බලාපොරොත්තු තැබීම සාධාරණය. අධ්‍යාපනයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් ලෙස පුද්ගලයින් සහ කණ්ඩායම්, 2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට අගමැතිනිය සැලසුම් කරමින් සිටි ප්‍රතිසංස්කරණ ගෙනහැර දක්වන ඕනෑම විධිමත් ලේඛනයක්…