Socio-Political

අප අතරින් වියෝ නොවන ලාල් විජේනායක..

අප අතරින් වියෝ නොවන ලාල් විජේනායක..

ලාල් විජේනායක කායිකව අපෙන් සමු ගත් නමුත් ඔහු තම ජීවිත කාලය පුරාම පෙනී සිටි කැප වූ අරමුණු සහ පරමාර්ථ ශ්‍රී ලංකාවේ මෑත කාලින ඉතිහාසයෙන් කිසි දින සමු ගන්නේ නැත. ජාති ආගම් සහ වාර්ගික වශයෙන් බෙදී සිටින ජනතාව එකම වහළක් යට සාමයෙන් සතුටින් ජීවත් වනු දැකීම ඔහුගේ අපේක්ෂාව විය. දේශපාලන කැපවීමක් සහ පරිත්‍යාගයක් නොමැතිව එක්සත් ශ්‍රී ලංකාවක් පිළිබඳ සිහිනය කිසි දින යථාර්ථයක් නොවන බව ඔහු දැන සිටියේය. ඔහු තම ජීවිත කාලයෙන් දශග හයකට වැඩි කාලයක් වැය කෙලේ එම සිහිනය යථාර්ථයක් වනු දැකිමට අවශ්‍ය මතවාදයක් සහ ක්‍රියා පිළිවෙතක් ගොඩ නැගිමටය. ලාල් විජේනායක යුග පුරුෂයෙකු වන්නේ එම නිසාය. නමසිය හැට ගණන්වල පේරාදෙණිය සරසවියෙන්…
Read More
ලෝකයේ ඉහළම වක්‍ර බදු ශ්‍රී ලංකාවේ වේ..

ලෝකයේ ඉහළම වක්‍ර බදු ශ්‍රී ලංකාවේ වේ..

පහත පලවන්නේ ඉන්දීක හෙට්ටිආරච්චි Daily Mirror වෙබ් අඩවියට සැපයූ ලිපියක Ai පරිවර්තනයකි. සංස්කරණය ‘විවරණ’ විසිනි.ඉන්දීක හෙට්ටිආරච්චි ආයෝජන, උපායමාර්ගික සහ ප්‍රතිපත්ති උපදේශන වෘත්තිකයෙකි. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක්, ඇමෙරිකා එක්සත් ජනපදයේ විස්කොන්සින් විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාරික අධ්‍යයනය පිළිබඳ ප්‍රථම උපාධියක් මෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයේ CFA charter ලබා ඇත. නවතම නිල දත්ත වලට අනුව, 2026 පළමු හය මස තුළ ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 4.7 කින් වර්ධනය වී ඇත. බොහෝ විශ්ලේෂකයින් මෙය ආර්ථිකය ස්ථාවර තත්ත්වයට පත්වීමක සලකුණක් ලෙස පැසසුමට ලක් කළද, සාමාන්‍ය ජනතාවට මෙම ආර්ථික සහනය තවමත් දැනෙන්නේ කලාතුරකින් බව ඇතැමෙක් තර්ක කරති. මෑතකදී සිදුකරන ලද සමීක්ෂණයකින් හෙළි වන්නේ රටේ පවුල්වලින් සියයට…
Read More
ආගමේ නාමයෙන් වැරදිකරුවන් රැකීම ආගමට කරන අපහාසයක්..

ආගමේ නාමයෙන් වැරදිකරුවන් රැකීම ආගමට කරන අපහාසයක්..

දියේ ගිලෙන්නට යන මිනිසා පිදුරු ගහෙත් එල්ලෙනවා යනු ගැමි වහරේ කියමනකි. කිසිම පිළිසරණක් නැතිව අනතුරකට හෝ විපතට පක්වන මිනිසා ඉන් ගැලවීමට කුමන හෝ දෙයක් යොදා ගැනීමට පෙළඹෙන බව ඉන් අදහස් වේ. පිදුරු ගහක එල්ලීමෙන් දිවි ගලවා ගත නොහැකි බව සක් සුදක් සේ දන්නේ නමුත් එහි එල්ලෙන්නේ ගත හැකි වෙනත් කිසිදු පියවරක් නැත නිසාය. ඉන් දිවි ගලවා ගැනීමේ කිසිදු බලාපොරොත්තුවක් නැත. අපේ විපක්ෂයේ සියලු දේශපාලන පත්ෂ ( දෙළෙ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ හැර) වසර හයයක සිර දඬුවමක් නියම වූ ගලබොඩඅත්තේ ඥනසාර හිමිගේ චීවරයේ එල්ලෙන්නේ ද දියේ ගිලෙන්නට ගිය මිනිසා මෙනි. 22 ජන අරගලයෙන් පසුව ශ්‍රී ලාංකික ජන විඥානයේ ඇති වු වෙනස්කම…
Read More
රාජ්‍යය, ආගම සහ ඥානසාර ක්‍රමය..

රාජ්‍යය, ආගම සහ ඥානසාර ක්‍රමය..

පහත පලවන්නේ තිසරණී ගුණසේක්ර The Island Online වෙබ් අඩවියට සැපයූ ලිපියක Ai පරිවර්තනයකි. සංස්කරණය ‘විවරණ’ විසිනි. “..මෙම රටේ අපට තවමත් සිංහල පොලිසියක් තියෙනවා; අපට තවමත් සිංහල හමුදාවක් ඉන්නවා. අදින් පසු එක් මරක්කලයෙකු හෝ වෙනත් පරයෙකු එක සිංහලයෙකුට හෝ අත තැබුවහොත්… එය ඔවුන්ගේ අවසානය යි..”-ගලබොඩඅත්තේ ඥානසාර (අලුත්ගම 15 .6 .2014) භික්ෂූන් වහන්සේලාගේ විනය විරෝධී හැසිරීම් බුදුන් වහන්සේගේ සමයේ පවා පැවතිණි. අතීත ලංකාවේ ද ඒවා නොඅඩුව තිබුණි. වෙනස නම්, අපේ කාලයේ දී ඒවා සාමාන්‍යකරණය වී තිබීමත්, එවැනි ක්‍රියාවල යෙදෙන්නන්ට අද ලැබෙන මුක්තියත් ලබා ගැනීමේ හැකියාවත් ය. ‘..භික්ෂූන්ගේ විනය විරෝධී සිදුවීම් පිළිබඳ ප්‍රථම ලේඛනගත වාර්තාව හමුවන්නේ සද්ධාතිස්ස රජ සමයේදී ය. අනුරාධපුරයේ භික්ෂූන් වහන්සේලා…
Read More
මාලිමාවේ හැරීම..

මාලිමාවේ හැරීම..

පහත පලවන්නේ තිසරණී ගුණසේක්ර Daily FT වෙබ් අඩවියට සැපයූ ලිපියක Ai පරිවර්තනයකි. සංස්කරණය ‘විවරණ’ විසිනි. මේ රටේ සතෙකුටවත් බඩගින්නේ සිටීමට සිදු නොවිය යුතුය.” වීදි සුනඛයින් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ දැන්වීමක පළ විය. තරුණ පිරිසක් ආපන ශාලාවකට ඇතුළු වෙති. ඔවුන්ගෙන් එක් අයෙකු අන්ධ බව අයිතිකරුට වැටහුණු විට, ඔහු ඇයට බ්‍රේල් ක්‍රමයේ මෙනු පතක් ඉදිරිපත් කරයි. “ඔබ අප ගැන සිතුවේ කෙසේද?” ඇය මවිතයෙන් අසයි. “මම කඩේ විවෘත කරන විට, හැමෝම ගැනම සිතුවා,” අයිතිකරු පිළිතුරු දෙයි. “ඔබ මාලිමාවේ  සාමාජිකයෙක්ද?” ඇය අසයි. “ඔව් මිස්,” ඔහු පිළිතුරු දෙයි ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ වෙළඳ දැන්වීම්, සැමට සාධාරණ සහ යුක්තිසහගත සමාජයක් ගොඩනඟන්නේ කෙසේද යන්න පිළිබඳ දාර්ශනික…
Read More
රාජ්‍ය බලය ලබා ගෙන ඩොලර් අධිරාජ්‍යයට ආවඩන මාක්ස්වාදය..

රාජ්‍ය බලය ලබා ගෙන ඩොලර් අධිරාජ්‍යයට ආවඩන මාක්ස්වාදය..

මාක්ස්වාදී පක්ෂයක් ලෙස පෙනි සිටීමට කැමති ජනතා විමුක්ති පෙරමුණ ඇතුළත් ජාතික ජන බල වේගයේ රජය තවත් පිම්මක් පැන ඇත. ඒ ඇමරිකා එක්සත් ජනපදය විසින් නීති විරෝධී ලෙස ඉරානයට එරෙහිව පනවා ඇති සම්බාධකවලට අවනතව ශ්‍රී ලංකාව අසළ මුහුදේ අතරමංව සිටින ඉරාන වානිජ නැව් 20 කට ජලය ඖෂධ සහ ආහාර වැනි අත්‍යාවශ්‍ය දේ ලබා දිම ප්‍රතික්ෂේප කිරීම ය. ආණ්ඩුව එවැනි දේ සම්පාදනය නොකරන බව පවසා නැව්වලට ආහාර ජලය සහ වෙනත් අත්‍යාවශ්‍ය දේ සපයන පෞද්ගලික සමාගම්වලටද අනතුරු හැගවීම් කෙළේය. ඇමරිකාවෙන් පනවා ඇති සම්බාධක නොතකා ක්‍රියා කළහොත් එම සමාගම්වලට මූල්‍ය ගනුදෙනුවලදී ඇමරිකානු බැංකුවල සම්බාධකවලට ලක්වීමට ඉඩ ඇති බව අවධාරණය කිරීමෙනි. ඒ ආහාර පාන සැපයීමට…
Read More
අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි අදීන නීතිවේදියා: බැසිල් ප්‍රනාන්දු

අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි අදීන නීතිවේදියා: බැසිල් ප්‍රනාන්දු

පහත පලවන්නේ ක්‍රිෂාලි පින්ටෝ ජයවර්ධන Sunday Times වෙබ් අඩවියට සැපයූ ලිපියක Ai පරිවර්තනයකි. සංස්කරණය ‘විවරණ’ විසිනි. පසුගිය බදාදා අභාවප්‍රාප්ත වූ මානව අයිතිවාසිකම් පිළිබඳ ප්‍රවීණ නීතිඥ, කැළඹිලි සහිත කාල පරිච්ඡේදයක් පුරා ‘ක්‍රමවේදයට’ එරෙහිව නොසැලී සටන් කළ සගයකු මෙන්ම අසමසම මිතුරකු වූ බැසිල් ප්‍රනාන්දු මහතා, මීට මාස කිහිපයකට පෙර පැවැති සංවාදයකදී, වසර ගණනාවකට පෙර රට හැරගිය ද කිසිදා වෙන් වීමට නොහැකි වූ සිය රට මුහුණ දෙන පීඩාවන් පිළිබඳව උද්යෝගයෙන් කතාබහ කළේය.සැබැවින්ම මේ රටේ ජීවත් වන අයටත් වඩා ශ්‍රී ලංකාව තුළ ජීවත් වන බවට මම බොහෝ විට ඔහු සමඟ විහිළු කළෙමි. මෙම සුවිශේෂී අදහස් හුවමාරුව ඇති වූයේ මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ අතිශය භීෂණකාරී…
Read More
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම..

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම..

[මෙය 2026 සැප්තැම්බර් 11 වන දින ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී තරුණ නීතිඥ සංගමය විසින් සංවිධානය කරන ලද ‘අප අලුත් ජනතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් පෙළගැසිය යුත්තේ ඇයි?’ යන තේමාව යටතේ පැවැති ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයේදී මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර පවත්වන ලද කථාවේ සංස්කරණය කරන ලද Ai පිටපතිකි.] අද විශාල ව්‍යාකූලත්වයක් තිබේ: ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිතවාදය යනු කුමක්ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු කුමක්ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය වන්නේ ඇයි? ඒ ගැන මහජන අවධානයට ලක්විය යුතු කරුණු පිළිබඳව සෑම විටම හඬක් නැඟුවේ මේ රටේ වෘත්තිකයන් ඇතුළු සිවිල් සමාජයයි. ඒ සන්දර්භය තුළ නීතිඥ සංගම් ද සෑම විටම පෙරමුණගෙන කටයුතු කර ඇත. අතීතයේදී තත්ත්වය අද තරම් නරක යැයි මා සිතන්නේ නැත. මන්ද අද…
Read More
කැළෑව වෙනුවට ගස් දකින දේශපාලන කලාව..

කැළෑව වෙනුවට ගස් දකින දේශපාලන කලාව..

පළාත් සභා ඡන්දය දින නියමයක් නැතිව කල් දමා ඇති සහ වෙනත් ඡන්දයක් පෙනෙන තෙක් මානයේ හෝ නැති තත්වයක් යටතේ වුවද දේශපාලකයන් රට වටා ඡන්ද රැස්වීම් පවත්වමින් ශබ්ද දූෂණය උපරිමයට නංවා ඇති බව පෙනේ. විමල් වීරසිංහ ද ඇතුළත් විපක්ෂයේ ඒකාබද්ධ පෙරමුණ අනුරාධපුරයේ රැස්වීමක් පැවැත්විමට සූදානම් වෙත්ම ජාතික ජන බලවේගය ජනාධිපති ගේ නායකත්වයෙන් රැස්වීම් මාලාවක් සූදානම් කර ඇත. එහි පළමු රැස්විම් දෙක පැවැත් වුණේ කළුතර දිස්ත්‍රික්කයේය. ඒකාබද්ධ විපත්ෂයේ රැස්වීම අනුරාධපුරයේ පැවැත් වු දිනම ජනාධිපති අනුර තුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් පොළොන්රුවේ ජන රැලියක් පැවැත්විණ. ඊට පසුදින අනුරාධපුරායේ ජනතා විමුක්ති පෙරමුනේ තවත් රැලියකි. (නාමල් රාජපත්ෂ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමත් ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමත් අතර ඇති…
Read More
වී මෝල් හිමියන්ට අඩු පොලියට ණය දීමෙන් ගොවියාට සෙතක් නැත..

වී මෝල් හිමියන්ට අඩු පොලියට ණය දීමෙන් ගොවියාට සෙතක් නැත..

යල කන්නයේ වී අස්වැන්න නෙළා ගැනීමත් සමග නැවත වරක් වී අලෙවි කිරීමේ ප්‍රශ්නය ජන මාධ්‍ය යේ සහ සමාජ මාධ්‍යයේත් රජයේත් කැපී පෙනෙන මාතෘතාවක් විය. රජය නියම කර ඇති වී කිලෝ එකට රු.120/ මිලට වඩා ශතයක්වත් අඩුවෙන් වී නොවිකුණන ලෙස කෘෂිකර්ම ඇමති සහ වෙළඳ ඇමති ගොවීන්ට තරයේ අවවාද කෙළේ වී මොල් හිමියන් සුපුරුදු පරිදි අඩු මිලට වී මිලදී ගන්නා බව දිවයිනේ  නොයෙකුත් ප්‍රදේශවලින් වාර්තා වු නිසාය. වී අලෙවි මණ්ඩලයේ ගබඩා සහතික මිලට ගැනීමට සූදානමෙන් සිටින බවද ඔවුහු අවධාරණය කළහ. ඒ අනුව ගොවීන් කොපමණ ප්‍රමාණයක් සහතික මිලට වී අලෙවි කෙළේද යන්න ප්‍රකාශ නොවුවත් වී අලෙවි මණ්ඩලයේ ගබඩා පිරි ඉතිරී ගොස් ඇති බවට…
Read More