Agricultural Crisis

වී මෝල් හිමියන්ට අඩු පොලියට ණය දීමෙන් ගොවියාට සෙතක් නැත..

වී මෝල් හිමියන්ට අඩු පොලියට ණය දීමෙන් ගොවියාට සෙතක් නැත..

යල කන්නයේ වී අස්වැන්න නෙළා ගැනීමත් සමග නැවත වරක් වී අලෙවි කිරීමේ ප්‍රශ්නය ජන මාධ්‍ය යේ සහ සමාජ මාධ්‍යයේත් රජයේත් කැපී පෙනෙන මාතෘතාවක් විය. රජය නියම කර ඇති වී කිලෝ එකට රු.120/ මිලට වඩා ශතයක්වත් අඩුවෙන් වී නොවිකුණන ලෙස කෘෂිකර්ම ඇමති සහ වෙළඳ ඇමති ගොවීන්ට තරයේ අවවාද කෙළේ වී මොල් හිමියන් සුපුරුදු පරිදි අඩු මිලට වී මිලදී ගන්නා බව දිවයිනේ  නොයෙකුත් ප්‍රදේශවලින් වාර්තා වු නිසාය. වී අලෙවි මණ්ඩලයේ ගබඩා සහතික මිලට ගැනීමට සූදානමෙන් සිටින බවද ඔවුහු අවධාරණය කළහ. ඒ අනුව ගොවීන් කොපමණ ප්‍රමාණයක් සහතික මිලට වී අලෙවි කෙළේද යන්න ප්‍රකාශ නොවුවත් වී අලෙවි මණ්ඩලයේ ගබඩා පිරි ඉතිරී ගොස් ඇති බවට…
Read More
සීතල නුවරඑළියේ එළවළු ගොවියන්ගේ ඇඟ රත්වෙන කතාව..

සීතල නුවරඑළියේ එළවළු ගොවියන්ගේ ඇඟ රත්වෙන කතාව..

සීතල පරයන උණුසුම් කතාබහක යෙදෙන්නට පසුගිය දවසක අපට අවස්ථාවක් ලැබුණි. හමුව නුවරළියේ එළවළු  ගොවීන් සමග ය. නගර මධ්‍යයේ පිහිටි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට ඔවුන් එක්‍ රැස්ව සිටියේ අවනඩුවක් කියන්න ය. එම කටයුත්ත සංවිධානය කර තිබුණේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගිනි. පිරිස පනහක් පමණ වන්නට ඇත. සිංහල හා දෙමළ ජනවර්ග දෙකක ස්ත්‍රී පුරුෂ හා තරුණ මෙන්ම වැඩිහිටි පිරිසක් ඒ අතර විය. අද අප දකින නුවරඑළිය සොයාගෙන ඇත්තේ සැමුවෙල් බේකර් විසිනි. එදා සිට අද දක්වා  පරපුරෙන් පරපුරට එක දිගට ගලා එන ජනප්‍රවාදයකට අනුව අදටත් ජනතාව හෙණ ඉල්ලන ඒ වගේම හැම අවුරුද්දකම පාහේ අඩුම තරමින් එක හෙණයක් හෝ පාත්වන තැනක් නුවරඑළිය නගර…
Read More
රජයෙන් වී මිලදී ගැනීමෙන් සහල් අර්බුදය විසඳේ ද?

රජයෙන් වී මිලදී ගැනීමෙන් සහල් අර්බුදය විසඳේ ද?

දැනට වෙළඳ පෙළේ පවතින රතු සහල් හිඟයට හේතුව පසුගිය ආණ්ඩුව 2024 මැතිවරණය ඉලක්ක කර ගෙන පවුලකට රතු සහල් කිලෝ ග්‍රෑම් විස්ස බැගින් බෙදා දීමයැයි වෙළඳ ඇමති වසන්ත සමරසිංහ පසුගිය දා ප්‍රකාශ කෙළේය. මෙම ප්‍රකාශයට ජනමාධ්‍යයේ ඉහළම ප්‍රචාරයක් ලැබුණේ ඔහු වෙළඳ ඇමති නිසා ද නැතිනම් ජාතික ජන බලවේගයේ චතුර කතිකයෙකු නිසා ද යන්න පැහැදිලි නැත. කෙසේ වුවත් මෙම ප්‍රකාශය ආණ්ඩු බලයක් නොමැතිව සිටිය දී සාමාන්‍යයෙන් ජනමාධ්‍යයේ අවධානය ලබා ගැනීමට කළ ප්‍රකාශවලින් වෙනස් වන්නේ නැත. හදිසියේම අඩු ආදායම්ලාභී පවුල් අතර කැකුළු සහල් බෙදීමට ගත් තීරණය ඡන්ද ගුණ්ඩුවක් බවට කිසිදු සැකයක් නැත. එහෙත් මෙම සහල් බෙදා දීම ඊට මාස කිපයකට පසු රටේ රතු…
Read More
සියලු දේශපාලන කුණු කන්දල් අරුගම් බොක්කට ගෙන යන රනිල්..

සියලු දේශපාලන කුණු කන්දල් අරුගම් බොක්කට ගෙන යන රනිල්..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිංගප්පූරුවේ දෙදින සංචාරයක් නිම කර ආ සැනින්ම නැගෙනහිර පළාතේ අරුගම් ප්‍රදේශයට ගොස් එය සංචාරක කලාපයක් කරන බව ප්‍රකාශ කෙළේය. එහෙත් ඔහුට හම්බන්තොට දිස්ත්‍රික්කයේ වතුරු නැතිව වියළී ගිය කුඹුරු බැලීමටත් එහි ගොවින් සමග සාකච්ඡා කිරීමටත් ඉස්පාසුවක් තිබුණේ නැත. ඇත්තෙන්ම ඉස්පාසුවකට වඩා ඕනෑකමක් තිබුණේ නැතැයි සිතේ. ක්‍රිකට්වලට වඩා වානිජ ව්‍යාපාරයක් බවට පත්ව ඇති එල් පී එල් තරගාවලියේ අවසාන තරගය බැලීමට වේලාව තිබු පුද්ගලයාට හම්බන්තොට ගොවීන් හමුවිමට කාලය වෙන් කර ගැනීමට නොහැකි වන්නට හේතුවක් නැත. නොඑසේ නම් ගොවි ප්‍රශ්නයට විසඳුම් සෙවීමට වඩා සංචාරකයන් ගෙන්වා ගැනීම වැදගත් යැයි සිතන නිසා විය හැකිය. ජනාධිපති රනිල් ආරුගම්බේ සහ පීනට් ෆාම් වරළ තීරයේ නිරීක්ෂණ…
Read More