BOOK REVIEWS

පැරණිතම බුදුසිරිත හෙළිදරව් කරන අලුත් පොතක්..

පැරණිතම බුදුසිරිත හෙළිදරව් කරන අලුත් පොතක්..

ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත බුද්ධ ශ්‍රාවකයන්ට ශාස්තෘවරයා වන්නේ එක ම ගෞතම බුදුන් වහන්සේ ය. අවුරුදු දහස් ගණනකට කලින් උන්වහන්සේ පිරිනිවන් පා වදාළ සේක. පසුකාලීන බුද්ධ ශ්‍රාවකයන්ට බුදුන් වහන්සේ ගැන ඇත්තේ සිතින් මවාගත් චිත්‍රයකි. ඔවුන් ඒ චිත්‍රය සිතෙහි ඇඳගන්නේ කෙසේ ද? තම තමන් අසා දැනගත් තරමින් සහ සිතින් සිතාගත් තරමිනි. ඒ අනුව, එකිනෙකාගේ සිතෙහි ඇඳෙන බුදුරූ එකිනෙකින් වෙනස් වේ. තමන්ගේ සිතෙහි වැඩඉන්නා බුදුරුවට බැතිබර වෙන අතර ම, වෙනත් කෙනකුගේ සිතෙහි ඇඳුණු බුදුරුවක් ගැන විපරම් කිරීමෙන් ද අමුතු ආස්වාදයක් ලැබෙයි මේ තාක් ලෝකයේ නොයෙක් දෙනා නොයෙක් භාෂාවලින් බුද්ධ චරිතය ලියා තිබේ. ඒවා අතර සමානකම් වාගේ ම වෙනස්කම් ද තිබේ. Footprints in the…
Read More
නිර්මාල් ගේ ”කිතලංගමුවේ මර්තේලිස් ”කෘතිය, ලංකාවේ වාමාංශික දේශපාලනයේ ස්ථාපිත ඉතිහාසයට විකල්පයක් ද?

නිර්මාල් ගේ ”කිතලංගමුවේ මර්තේලිස් ”කෘතිය, ලංකාවේ වාමාංශික දේශපාලනයේ ස්ථාපිත ඉතිහාසයට විකල්පයක් ද?

මහාචාර්ය නිර්මල රන්ජිත් දේවසිරි  (මෙයින් පසු නිර්මාල්) අතින් ලියැවුන කිතලංගමුවේ මර්තේලිස් පොත කතුවරයා විසින්ම හඳුන්වන්නේ “ලංකා සමසමාජ පක්ෂයේ අනෙක් ඉතිහාසයේ පරිච්ඡේදයක්” ලෙස ය. මේ පොත මා දකින්නේ මෙරට ඉතිහාසයේ වැලිතලාවට යටවී ගිය සමසමාජ ඉතිහාසය නැවත විවර කිරීමට උදව්වක් හැටියට ය. පොත ගැන පූර්ව දැනුම් දීම කණ වැකුණ ගමන්ම එය කියවීමේ උවමනාව සමසමාජ කාරයෙකු හැටියට මා තුළ ඇතිවීම පුදුමයක් නොවේ. (පොතේ පිටපතක් තෑගි කිරීම ගැන නිර්මාල්ට පින්.) තුන් කෝරළය සහ ඒ වටා ඡන්ද සටන්, දේශපාලන පංති, සහ සම්මන්ත්‍රණ වලට 1960 ගණන් අග සිට මා සහභාගි වී තිබුන ද  මට මර්තේලිස් සහෝදරයා හමුවූ බවක මතකයක් නැත. 1975 සමසමාජය – සිරිමාගේ ආණ්ඩුවෙන් අස්වීමෙන්…
Read More
ආර්ථික අර්බුදයට ජනතා විසඳුමක්..

ආර්ථික අර්බුදයට ජනතා විසඳුමක්..

ජගත් ගුරුසිංහ, සුමනසිරි ලියනගේ සහ කල්ප රාජපක්ෂ විසින් රචිත මෙම කුඩා පොත් පිංච අප රට  මුහුණ දී ඇති ආර්ථික අර්බුදය තේරුම් ගැනීමට ඉමහත් දායකත්වයක් ලබා දේ. උග‍්‍ර කඩදාසි හිඟයක් පවතින තත්වය තුළ මෙවැනි උත්සාහයක් ගැනීම ද අගය කළ යුතු ය. කතුවරුන් විසින් ම දක්වන ආකාරයට මෙම පොත් පිංච ඉදිරිපත් කිරීමේ ප්‍රධාන අරමුණු තුනකි. අර්බුදයේ වපසරිය පමණට වඩා පුම්බා දැක්වීමට සමාජයේ ඉහළ පංතිය ගන්නා වෑයම හෙළිදරව් කිරීම, සැබෑ ජාතික පරිශ්‍රමයකින් අර්බුදයෙන් ගොඩ ආ හැකි බව පෙන්වීම සහ පාලක පංතිය විසඳුම් වශයෙන් ඉදිරිපත් කරන වැඩ පිළිවෙළ නිසා පහළ මාලයේ ජනතාව වඩාත් දුෂ්කර තත්වයකට පත්වීම යන කරුණු ගැන සාමාන්‍ය ජනතාවට තේරුම් ගත හැකි…
Read More