ජන ඝාතනයට එරෙහි වීදි චිත්‍රශිල්පියාටත් තහංචි..
ලන්ඩනයේ සුප්‍රකට වීදි චිත්‍ර ශිල්පියෙකු වන බැන්ක්සි මෙහි දැක්වෙන බිත්ති චිත්‍රය ප්‍රදර්ශනය කෙළේ ලන්ඩනයේ අධිකරණයේ පිටත බිත්තියක ය. ගාසා තීරයේ ඊශ්‍රායෙලය සිදු කරන ජනඝාතන යුද්ධයට එරෙහිව ඔහු මෙම චිත්‍රය නිර්මාණය කෙළේ බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂය විරෝධතාකරුවන් ත්රස්තවාදීන් සේ නම් කොට අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම උපහාසයට ලක් කිරීම සඳහා ය. එහෙත් චිත්‍රය ප්‍රදර්ශනය වූ පළමු දිනයේම පොලීසිය එය මහජනයාට නොපෙනෙන සේ ආවරණය කොට පසුව මකා දමන ලදී. අන්වර්ථ නාමයෙන් පෙනී සිටින බැන්ක්සි මින් අදහස් කෙළේ ලේබර් ආණ්ඩුව සාධාරණය වෙනුවෙන් පෙනී සිටින විරෝධතාකරුවන් මැඩීමට නීතිය යොදා ගන්නා ආකාරය හාස්‍යයට ලක් කිරීමටය. චිත්‍රෙයන් දැක්වෙන්නේ බිම වැටී සිටින ලේ තැවරුණ පුවරුවක් රැගත් විරෝධතාකරුවෙකු…