Avatar photo

Mahinda Hattaka

20 Posts
අප අතරින් වියෝ නොවන ලාල් විජේනායක..

අප අතරින් වියෝ නොවන ලාල් විජේනායක..

ලාල් විජේනායක කායිකව අපෙන් සමු ගත් නමුත් ඔහු තම ජීවිත කාලය පුරාම පෙනී සිටි කැප වූ අරමුණු සහ පරමාර්ථ ශ්‍රී ලංකාවේ මෑත කාලින ඉතිහාසයෙන් කිසි දින සමු ගන්නේ නැත. ජාති ආගම් සහ වාර්ගික වශයෙන් බෙදී සිටින ජනතාව එකම වහළක් යට සාමයෙන් සතුටින් ජීවත් වනු දැකීම ඔහුගේ අපේක්ෂාව විය. දේශපාලන කැපවීමක් සහ පරිත්‍යාගයක් නොමැතිව එක්සත් ශ්‍රී ලංකාවක් පිළිබඳ සිහිනය කිසි දින යථාර්ථයක් නොවන බව ඔහු දැන සිටියේය. ඔහු තම ජීවිත කාලයෙන් දශග හයකට වැඩි කාලයක් වැය කෙලේ එම සිහිනය යථාර්ථයක් වනු දැකිමට අවශ්‍ය මතවාදයක් සහ ක්‍රියා පිළිවෙතක් ගොඩ නැගිමටය. ලාල් විජේනායක යුග පුරුෂයෙකු වන්නේ එම නිසාය. නමසිය හැට ගණන්වල පේරාදෙණිය සරසවියෙන්…
Read More
ආගමේ නාමයෙන් වැරදිකරුවන් රැකීම ආගමට කරන අපහාසයක්..

ආගමේ නාමයෙන් වැරදිකරුවන් රැකීම ආගමට කරන අපහාසයක්..

දියේ ගිලෙන්නට යන මිනිසා පිදුරු ගහෙත් එල්ලෙනවා යනු ගැමි වහරේ කියමනකි. කිසිම පිළිසරණක් නැතිව අනතුරකට හෝ විපතට පක්වන මිනිසා ඉන් ගැලවීමට කුමන හෝ දෙයක් යොදා ගැනීමට පෙළඹෙන බව ඉන් අදහස් වේ. පිදුරු ගහක එල්ලීමෙන් දිවි ගලවා ගත නොහැකි බව සක් සුදක් සේ දන්නේ නමුත් එහි එල්ලෙන්නේ ගත හැකි වෙනත් කිසිදු පියවරක් නැත නිසාය. ඉන් දිවි ගලවා ගැනීමේ කිසිදු බලාපොරොත්තුවක් නැත. අපේ විපක්ෂයේ සියලු දේශපාලන පත්ෂ ( දෙළෙ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ හැර) වසර හයයක සිර දඬුවමක් නියම වූ ගලබොඩඅත්තේ ඥනසාර හිමිගේ චීවරයේ එල්ලෙන්නේ ද දියේ ගිලෙන්නට ගිය මිනිසා මෙනි. 22 ජන අරගලයෙන් පසුව ශ්‍රී ලාංකික ජන විඥානයේ ඇති වු වෙනස්කම…
Read More
රාජ්‍ය බලය ලබා ගෙන ඩොලර් අධිරාජ්‍යයට ආවඩන මාක්ස්වාදය..

රාජ්‍ය බලය ලබා ගෙන ඩොලර් අධිරාජ්‍යයට ආවඩන මාක්ස්වාදය..

මාක්ස්වාදී පක්ෂයක් ලෙස පෙනි සිටීමට කැමති ජනතා විමුක්ති පෙරමුණ ඇතුළත් ජාතික ජන බල වේගයේ රජය තවත් පිම්මක් පැන ඇත. ඒ ඇමරිකා එක්සත් ජනපදය විසින් නීති විරෝධී ලෙස ඉරානයට එරෙහිව පනවා ඇති සම්බාධකවලට අවනතව ශ්‍රී ලංකාව අසළ මුහුදේ අතරමංව සිටින ඉරාන වානිජ නැව් 20 කට ජලය ඖෂධ සහ ආහාර වැනි අත්‍යාවශ්‍ය දේ ලබා දිම ප්‍රතික්ෂේප කිරීම ය. ආණ්ඩුව එවැනි දේ සම්පාදනය නොකරන බව පවසා නැව්වලට ආහාර ජලය සහ වෙනත් අත්‍යාවශ්‍ය දේ සපයන පෞද්ගලික සමාගම්වලටද අනතුරු හැගවීම් කෙළේය. ඇමරිකාවෙන් පනවා ඇති සම්බාධක නොතකා ක්‍රියා කළහොත් එම සමාගම්වලට මූල්‍ය ගනුදෙනුවලදී ඇමරිකානු බැංකුවල සම්බාධකවලට ලක්වීමට ඉඩ ඇති බව අවධාරණය කිරීමෙනි. ඒ ආහාර පාන සැපයීමට…
Read More
එක්සත් ජාතින්ගේ සාම දෙවොලට අරක්ගත් යුද්ධයේ රාක්ෂයින්..

එක්සත් ජාතින්ගේ සාම දෙවොලට අරක්ගත් යුද්ධයේ රාක්ෂයින්..

මේ දිනවල ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ පැවැත්වෙන එක්සත් ජාතික්ගේ 81 වැනි වාර්ෂික සම්මේලනය මෙතෙක් පැවති අන් සියලුම මහා සභාවලට වඩා වෙනස් ය. ඒ අන් කිසිවක් නිසා නොව එහිදී කතා කළ ලොව ප්‍රබල රාජ්‍යය කීප දෙනෙක්ම සංවිධානයේ අරමුණු සහ පරමාර්ථවලට හාත්පසින්ම වෙනත් වාග් ප්‍රලාප ඉදිරිපත් කළ නිසාය. එක්සත් ජාතින්ගේ ප්‍රඥප්තියේ දැක්වෙන ආකාරයට එහි පරමාර්ථ සහ ප්‍රතිපත්ති වන්නේ සාමයට ඇති තර්ජන වැළැක්වීම සහ ඉවත් කිරීම ද ආක්‍රමණික ක්‍රියා හෝ සාමය බිඳී යාමට තුඩු දෙන ක්‍රියා මැඩ පැවැත්වීම ද අරභයා ප්‍රබල විධි විධාන යෙදීම යනාදී වශයෙනි. එමෙන්ම සාමය බිඳී යා හැකි පරිද්දෙන් ඇති වන ජාත්‍යන්තර භේද හෝ ආරවුල් සමගි සමාදානයෙන් සමථයට පත්…
Read More
කැළෑව වෙනුවට ගස් දකින දේශපාලන කලාව..

කැළෑව වෙනුවට ගස් දකින දේශපාලන කලාව..

පළාත් සභා ඡන්දය දින නියමයක් නැතිව කල් දමා ඇති සහ වෙනත් ඡන්දයක් පෙනෙන තෙක් මානයේ හෝ නැති තත්වයක් යටතේ වුවද දේශපාලකයන් රට වටා ඡන්ද රැස්වීම් පවත්වමින් ශබ්ද දූෂණය උපරිමයට නංවා ඇති බව පෙනේ. විමල් වීරසිංහ ද ඇතුළත් විපක්ෂයේ ඒකාබද්ධ පෙරමුණ අනුරාධපුරයේ රැස්වීමක් පැවැත්විමට සූදානම් වෙත්ම ජාතික ජන බලවේගය ජනාධිපති ගේ නායකත්වයෙන් රැස්වීම් මාලාවක් සූදානම් කර ඇත. එහි පළමු රැස්විම් දෙක පැවැත් වුණේ කළුතර දිස්ත්‍රික්කයේය. ඒකාබද්ධ විපත්ෂයේ රැස්වීම අනුරාධපුරයේ පැවැත් වු දිනම ජනාධිපති අනුර තුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් පොළොන්රුවේ ජන රැලියක් පැවැත්විණ. ඊට පසුදින අනුරාධපුරායේ ජනතා විමුක්ති පෙරමුනේ තවත් රැලියකි. (නාමල් රාජපත්ෂ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමත් ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමත් අතර ඇති…
Read More
වී මෝල් හිමියන්ට අඩු පොලියට ණය දීමෙන් ගොවියාට සෙතක් නැත..

වී මෝල් හිමියන්ට අඩු පොලියට ණය දීමෙන් ගොවියාට සෙතක් නැත..

යල කන්නයේ වී අස්වැන්න නෙළා ගැනීමත් සමග නැවත වරක් වී අලෙවි කිරීමේ ප්‍රශ්නය ජන මාධ්‍ය යේ සහ සමාජ මාධ්‍යයේත් රජයේත් කැපී පෙනෙන මාතෘතාවක් විය. රජය නියම කර ඇති වී කිලෝ එකට රු.120/ මිලට වඩා ශතයක්වත් අඩුවෙන් වී නොවිකුණන ලෙස කෘෂිකර්ම ඇමති සහ වෙළඳ ඇමති ගොවීන්ට තරයේ අවවාද කෙළේ වී මොල් හිමියන් සුපුරුදු පරිදි අඩු මිලට වී මිලදී ගන්නා බව දිවයිනේ  නොයෙකුත් ප්‍රදේශවලින් වාර්තා වු නිසාය. වී අලෙවි මණ්ඩලයේ ගබඩා සහතික මිලට ගැනීමට සූදානමෙන් සිටින බවද ඔවුහු අවධාරණය කළහ. ඒ අනුව ගොවීන් කොපමණ ප්‍රමාණයක් සහතික මිලට වී අලෙවි කෙළේද යන්න ප්‍රකාශ නොවුවත් වී අලෙවි මණ්ඩලයේ ගබඩා පිරි ඉතිරී ගොස් ඇති බවට…
Read More
හොල්මන් ධනවාදයෙන් කැළඹෙණ ඉන්දියාව අවදි කළ කැරපොතු අරගලය..

හොල්මන් ධනවාදයෙන් කැළඹෙණ ඉන්දියාව අවදි කළ කැරපොතු අරගලය..

සති දෙකකට වැඩි කාලයක් ඉන්දියාවේ අගනුවර නවදිල්ලියේ සහ සෙසු ප්‍රධාන නගර ගණනාවක පැවති ශිෂ්‍ය තරුණ විරෝධතාවය ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලිම වූ අධ්‍යාපන ඇමති ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය තනතුරෙන් ඉල්ලා අස්වීමෙන් අවසන් විය. වෛද්‍ය විද්‍යාලවලට පිවිසීම සදහා වූ ජාතික යෝග්‍යතා සහ ප්‍රවේශ පරීක්ෂණයේ (NEET ) ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම සහ අධ්‍යාපනය හා සම්බන්ධ වෙනත් දූෂණ ක්‍රියා නිසා හටගත් මෙම විරෝධතාවය ලංකාව, බංග්ලාදේශය සහ නේපාලනයේ හටගත් තරුණ ශිෂය විරෝධතාවයන්ට බෙහෙවින් සමානය. එහෙත් එහි ඉල්ලිම් සහ සංවිධාන ස්වරූපය සැලකිය යුතු ආකාරයෙන් වෙනස් ය. මුලින්ම මෙම විරෝධතාවයට නායකත්වය දීමට සංවිධානයක් කලින් ම බිහි විය. එය හැඳින්වූයේ කැරපොතු ජනතා පක්ෂය නමිනි. පාලක භාරතීය ජනතා පක්ෂයේ නමට (බීජේපී)…
Read More
අවබෝධතා ගිවිසුමෙන් කියවෙන ගල්ප් කලාපයේ නව දේශපාලන යථාර්ථය..

අවබෝධතා ගිවිසුමෙන් කියවෙන ගල්ප් කලාපයේ නව දේශපාලන යථාර්ථය..

පසුගිය සතියේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ස්විට්සර්ලන්තයේ දීත් ඉරාන ජනාධිපති තෙහෙරාන් නගරයේ දීත් අත්සන් කළ අවබෝධතා ගිවිසුම සටන් විරාමයක් ද යුද්ධයෙන් හෙම්බත් වූ දෙපාර්ශ්වය විඩා නිවා ගැනීමට ගත් කල් බැලීමක් ද යන්න ඉදිරි දින කීපය තුළ පැහැදිලිවනු ඇත. අවබෝධතා ගිවිසුමේ පළමු වගන්තියම කඩ කිරීමේ චෝදනාවක් මත ඉරානය දින කීපයකට පෙර විවෘත කළ හෝර්මුස් සමුද්‍රසන්ධිය නැවත වසා දැමු බවද වාර්තාවේ. ඉරානය පවසන ආකාරයට අවබෝධතා ගිවිසුම අනුව ලෙබනනය ඇතුළු සියලු පෙරමුණුවල සටන් නතර කළ යුතු වුවද ඊශ්‍රායෙලය දිගටම ලෙබනනයට ගුවන් පුහාර එල්ල කරයි. එමනිසා ඇමරිකාව එය නතර කිරීමට පියවර ගත යුතුය. හොර්මුස් සමුද්‍රසන්ධිය නැවත වසා දමා ඇත්තේ එමනිසාය. ස්විට්සර්ලන්තයේ පැවති සාකච්ඡාවලින් පසුව…
Read More
මංකොල්ලකාරී අධිරාජ්‍යවාදය නැවතත් ලෝක සමය බවට පත්වේ..

මංකොල්ලකාරී අධිරාජ්‍යවාදය නැවතත් ලෝක සමය බවට පත්වේ..

යුද්ධයේ ශාපයෙන් මානව වර්ගයා මුදවා ගැනීමට පිහිටුවන ලද එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර නීතිය, සහ මානව අයිතිවාසිකම් වැනි සංකල්ප පදනම්ව අටවා ගත් සියලු සංවිධාන සහ සම්මුතීන් කඩ කරමින් ලොව ධනවත් බලවත් රටවල් නීතිය යනු තමන් බව සනාථ කරමින් මාස හයක් වැනි කාලයක් ඇතුළත දෙවන වරටත් තම අවිවල නග්න බලය ප්‍රදර්ශනය කළහ. ඒ පසුගිය සෙනසුරාදා ඊශ්‍රායෙලය සහ ඇමරිකාව ඉරානයට ගුවන් සහ මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙනි. මෙම ප්‍රහාරය එල්ල කෙළේ ඉරානයේ දේශපාලන ගමන් මග වෙනස් කිරීම සඳහා එහි නායකත්වය ඝාතනය කිරීමටය. පළමු ප්‍රහාරයෙන් ඉරානයේ අධ්‍යාත්මික නායකයා වූ අයතොල්ලා  අලි කමේනි සහ ඔහුගේ පවුලේ සමීතම ඥාතීන් මරා දමන ලදී. මෙවැනි ඝාතන දැනට ඉතිහාසයේ කුණු…
Read More
කැලෑ නීතිය සාමාන්‍ය භාවිතය වන ලෝක සමයක ආරම්භයක්..

කැලෑ නීතිය සාමාන්‍ය භාවිතය වන ලෝක සමයක ආරම්භයක්..

විද්‍යා තාක්ෂණයේ සුවිශේෂී ඉදිරි පිමි සමග ලෝකය එකම ගමක් වී ඇතැයි යන්න එම සංවර්දනයත් සමගම දැන් ලෝකයම වල් වැදෙමින් පවතීයැයි වෙනස් කිරීමට කාලය එළඹ ඇතැයි සිතේ. රටේ ජනතා ඡන්දයෙන් තේරී පත් වූ රාජ්‍ය නායකයෙකු මහ රෑ කඩා වදින හොර කණඩායමක් විසින් අත් අඩංගුවට ගෙන පැහැර ගෙන යෑමක් සිදු විය හැක්කේ වල් වැදී ඇති ලෝකයක ය. සාමය තහවුරු කොට සමානාත්මතාවය සහ ස්වෛරීත්වය පවතින ලෝකයක එවැනි දෙයක් සිදුවීම අදහා ගත නොහැකි තරම්ය. එහෙත් විසි එක්වැනි සිය වසේ පළමු කාර්තුව පසු කරන අපට දකින්නට ඇසෙන්නට ලැබෙන්නේ එවැනි දේය. කණගාටුව වන්නේ මානව අයිතිවාසිකම් සහ නීතිය පදනම් පාලනයක් ගැන කතා කරන බලවත් රටවල් මේ සියල්ල…
Read More