සේවකයින් මගහැර ධනවතුන්ට ලස්සන පොහොසත් රටක් ගොඩ නැගීම..
ජනාධිපති අනුර කුමාර දිසානායක මුදල් ඇමති ලෙස ඉදිරිපත් කළ දෙවන අයවැය ලේඛනය දැනටමත් බොහෝ දෙනෙකුගේ කතා බහට ලක්ව ඇත. දරා ගත නොහැකි ජීවන බරින් පෙළෙන ජනතාව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා සහනයක් බලා පොරොත්තු වූ අතර වෛද්‍යවරු සහ වෙනත් වෘත්තිකයෝ බදු සහන බලාපොරොත්තු වූහ. මෙම අයවැයෙන් අලුතින් බදු කිසිවක් පනවන්නේ නැති බව කලින්ම ප්‍රකාශ කර තිබුණ නිසා වෙළඳ ව්‍යාපාරිකයන් සහ ආයෝජකයන් අයවැය තුළින් වෙනසක් බලාපොරොත්තු නොවන්නට ඇත. මෙම අයවැයෙන් ඉදිරිපත් කළ පෙරළිකාර යෝජනාව වූයේ වතුකම්කරුවන් ගේ වැටුප රු.200කින් වැඩි කිරීම සහ පැමිණීමේ දිරි දීමනාවක් වශයෙන් භාණ්ඩාගාරයෙන් සහනාධාරයක් වශයෙන් ඔවුන්ට තවත් රු. 200 ක් ගෙවීම ය. ඒ අනුව වතු කම්කරුවන්ගේ වැටුප රු.…