සිරි මාමාගේ කොලොම

විනාඩියක් පමණයි…

විනාඩියක් පමණයි…

පූරක: සුපුරුදු පරිදි අදත් මේ ඇරඹෙන්නේ ඔබට රසාස්වාදය ගෙනා විනාඩියක් පමණයි. අද අපේ විනාඩියක් පමනයි වැඩ සටහනට සම්බන්ද වන්නේ සිරිවර්දන මහත්තයා. අද අපේ මාතෘකාව 22. තහනම් වචනය සූරසේන. තරගයේ නීති රීති. විනාඩියකට වඩා නිශ්ශබ්දව ඉන්න බෑ. තනි වචනයෙන් උත්තර දෙන්න බෑ.තහනම් වචනය කියන්න බෑ. පැහැඳිළියිද? සිරිවර්දන: ඔව් පැහැඳිළියි. පූරක:  එහෙනම් අපි පටන් ගනිමු. 22 කියන්නේ මොකක්ද? සිරිවර්දන: විසිදෙක කියන්නේ 21 ට පස්සේ එන 23 ඉස්සර එන එක. පූරක: 21 ට පස්සේ එන 23 ට ඉස්සර දේවල් ගොඩක් තියෙනවනේ. මේ 22 කියන්නේ උත්තරීතර නීතිය. මේ රටේ ව්‍යවස්ථාව. ඒ ගැන මොනවද දන්නේ? සිරිවර්දන: මගෙන් අහන්නේ ව්‍යවස්තාව ගැනද? විය අවස්තාව සන්දිවෙලා තමයි ව්‍යවස්තාව…
Read More
සම්පත් ගේ අයිස් පැක්ටේරිය..

සම්පත් ගේ අයිස් පැක්ටේරිය..

සර් සම්පත් ඇවිල්ලා’ ‘..කවුද.. බදුල්ලේ බඩාද..?’ බරාඳයේ හාන්සි පුටුවේ දිගා වී සිහින දකිමින් සිටි මහින්ද හිස ඔසවන්නේ නැතිවම ඇසුවේය. ‘..නෑ සර් මිද්දෙනියේ අපේ සම්පත්..’ ගෝලයා මහින්ද අසළටම පැමිණ සිහින් හඩින් කීවේය. ‘..මොකා හරි එන්න කියනවා.. දැන් මාව බලන්න බල්ලෙන්වත් එන්නෙ නෑ..’ මහින්ද කීවේ තරමත පසුතැවිල්ලකිනි. ගෝලයා කළ සංඥාවකින් මිදුළේ කොණේ සිටි සම්පත් බරාඳයට ගොඩ වූයේ වෙවුලන දෙපයිනි. ‘..හා මේ හාදයාද..?’ හාන්සි පුටුවේ ඇන්දේ රඳවා ගෙන සිටි දකුණු කකුළ පහතට ගත් මහින්ද කීවේ තරමක් උස් හඩිනි. ‘..ඔව් සර් හරි වැඩේනෙ වුණේ.. පොලිසියෙන් මාව පන්නවා..’ මිද්දෙනියේ සම්පත් කීවේ අඳෝනාවක් සේය. ‘..ඒ මොකටද..? ’ මහින්ද ඇසුවේ තරමක් සැරෙනි. ‘..සර් අර අයිස් පැක්ටරිය ගැන..’…
Read More
රම්ප් අවුරුද්දට තඹුත්තේගම ගිහිල්ලා..

රම්ප් අවුරුද්දට තඹුත්තේගම ගිහිල්ලා..

අවුරුදු නිවාඩුවට ගමේ ගිය අනුර පාන්දරින්ම නැගිට අම්මා පිසු කිරිබත් කෑලි දෙකක් කා එළියට බැස්සේ ජයතිලක ද සිල්වා සිංහලට පරිවර්තනය කළ දාස් කැපිටාල් පොත ද රැගෙනය. මේ පොත කලින් කිප වතාවක්ම කියවා තිබුණ ද දැන් ඒ කිසිවක් මතකයේ නැත. නිවාඩු දවස් කීපයේ එය කියවා අවසන් කිරීමට සිතා ගත් ඔහු පහළ ගෙදර කොල්ලන් මිදුළේ අඹ ගසේ බැඳ තිබු උන්චිල්ලාවේ වාඩි වී පොත දිග හැරියේය. පිටු දෙකක් කියවීමටත් පෙර කව්දෝ පිටට තට්ටු කරනු දැනී හිස ඔසවා බැළුවේය.  හත්දෙයියනේ ට්‍රම්ප්! පොත බිම දමා නැගි සිටි අනුර ‘වාඩිවෙන්න සර්’ කීවේ පුටුවක් හෝ නොදැකය. අඹ ගහ යට තිබු ප්ලාස්ටික් පුටුවේ හරි බරි ගැසී වාඩි වූ…
Read More
බුරුල් කරා තල්ලු කරා..

බුරුල් කරා තල්ලු කරා..

අනුර හලාවත රැස්වීමට ගොස් ගෙදර ආවේය.රෑ නින්දට ගියේ රනිල්ට රැල්ලක් ගහන්න පටන් අරන් කියා එක එකා කියන කතාව ගැන හිත හිතා ය. ණයක් අරන් ඒක පෙන්නලා මිනිස්සු වෙනස් කරන්න පුළුවන් නම් මොකටද මෙහෙම ජනතාවක් කියා හිත හිතා නින්දට වැටුණු අනුරට මධ්‍යම රාත්‍රියේදී බර්ටෝල් බ්‍රෙෂ්ට් හමුවිය. බ්‍රෙෂ්ට් මදවේලාවක් අනුර දෙස බලා සිට ඇසුවේ ‘..තාම අලුත් ජනතාවක් පත් කරගන්න බැරි වුණා නේද..’ කියාය. අනුර විමසිලිමත්ව බලා අමුත්තා කවුදැයි සැකහැර දැනගෙන කීවේ, ‘..හලාවත බස්ටෑන්ඩ් එක කට කපලා හිටියා, ලොකු අවුලක් නෑ..’ කියාය. බ්‍රෙෂ්ට් මුහුණට බැරෑරුම් පෙනුමක් ආරූඪ කරගෙන කීවේ ‘..ඒ උනාට ඉතින් ඉස්සරත් ඔහොම කට කපලා හිටියනේ..’ කියාය. අනුර කීවේ ‘..අපිට හති වැටෙනකම්…
Read More