Arts, Culture & Book Reviews

ජන ඝාතනයට එරෙහි වීදි  චිත්‍රශිල්පියාටත් තහංචි..

ජන ඝාතනයට එරෙහි වීදි  චිත්‍රශිල්පියාටත් තහංචි..

ලන්ඩනයේ සුප්‍රකට වීදි චිත්‍ර ශිල්පියෙකු වන බැන්ක්සි මෙහි දැක්වෙන බිත්ති චිත්‍රය ප්‍රදර්ශනය කෙළේ ලන්ඩනයේ අධිකරණයේ පිටත බිත්තියක ය. ගාසා තීරයේ ඊශ්‍රායෙලය සිදු කරන ජනඝාතන යුද්ධයට එරෙහිව ඔහු මෙම චිත්‍රය නිර්මාණය කෙළේ බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂය විරෝධතාකරුවන් ත්‍රස්තවාදීන් සේ නම් කොට අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම උපහාසයට ලක් කිරීම සඳහා ය. එහෙත් චිත්‍රය ප්‍රදර්ශනය වූ පළමු දිනයේම පොලීසිය එය මහජනයාට නොපෙනෙන සේ ආවරණය කොට පසුව මකා දමන ලදී. අන්වර්ථ නාමයෙන් පෙනී සිටින බැන්ක්සි මින් අදහස් කෙළේ ලේබර් ආණ්ඩුව සාධාරණය වෙනුවෙන් පෙනී සිටින විරෝධතාකරුවන් මැඩීමට නීතිය යොදා ගන්නා ආකාරය හාස්‍යයට ලක් කිරීමටය. චිත්‍රෙයන් දැක්වෙන්නේ බිම වැටී සිටින ලේ තැවරුණ පුවරුවක් රැගත් විරෝධතාකරුවෙකු…
Read More
දෘශ්‍ය කලාවෙන් පැවැත්මේ විශ්වීයත්වය සොයා යන – විශ්වි

දෘශ්‍ය කලාවෙන් පැවැත්මේ විශ්වීයත්වය සොයා යන – විශ්වි

Traces of being (පැවැත්මේ සලකුණු) යන විශ්වි රාජකරුණා විසින් පැවැත්වූ ඒකපුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය ගැන මම දැනගත්තේ සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ දැන්වීමකිනි. එම දැන්වීම දුටු විගසම මම එම චිත්‍ර ප්‍රදර්ශනය බලන්න යාමට තීන්දු කළේ; දැන්වීමේ තිබූ එක් සිතුවමක් මගේ දෘශ්‍යමානයට ආකර්ෂණ වූ නිසාවෙනි. එම චිත්‍ර ප්‍රදර්ශනයට ගොස් මම ඇයගේ චිත්‍ර එකින් එක මාගේ දෘශ්‍යමානයට නතුකර ගනිමින් සිටින විට වින්සන්ට් වැන්ගෝ ගේ (1853-1890) චිත්‍ර ශානරයට නෑකම් කියන චිත්‍රයක් හමුවීමෙන් මම එතැන නතර වුනෙමි. ඇය අසල සිටි නිසා, ඇයට පැනයක් යොමු කළේ මාගේ දෘශ්‍යමානයට හසු වූ කරුණ පැහැදිලි කර ගැනීම සඳහාය. මම විමසුවේ: “මේ සියලු චිත්‍ර අතරින් මේ චිත්‍රයේ පමණක් වෙනසක් තියෙනවා,…
Read More
පැරණිතම බුදුසිරිත හෙළිදරව් කරන අලුත් පොතක්..

පැරණිතම බුදුසිරිත හෙළිදරව් කරන අලුත් පොතක්..

ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත බුද්ධ ශ්‍රාවකයන්ට ශාස්තෘවරයා වන්නේ එක ම ගෞතම බුදුන් වහන්සේ ය. අවුරුදු දහස් ගණනකට කලින් උන්වහන්සේ පිරිනිවන් පා වදාළ සේක. පසුකාලීන බුද්ධ ශ්‍රාවකයන්ට බුදුන් වහන්සේ ගැන ඇත්තේ සිතින් මවාගත් චිත්‍රයකි. ඔවුන් ඒ චිත්‍රය සිතෙහි ඇඳගන්නේ කෙසේ ද? තම තමන් අසා දැනගත් තරමින් සහ සිතින් සිතාගත් තරමිනි. ඒ අනුව, එකිනෙකාගේ සිතෙහි ඇඳෙන බුදුරූ එකිනෙකින් වෙනස් වේ. තමන්ගේ සිතෙහි වැඩඉන්නා බුදුරුවට බැතිබර වෙන අතර ම, වෙනත් කෙනකුගේ සිතෙහි ඇඳුණු බුදුරුවක් ගැන විපරම් කිරීමෙන් ද අමුතු ආස්වාදයක් ලැබෙයි මේ තාක් ලෝකයේ නොයෙක් දෙනා නොයෙක් භාෂාවලින් බුද්ධ චරිතය ලියා තිබේ. ඒවා අතර සමානකම් වාගේ ම වෙනස්කම් ද තිබේ. Footprints in the…
Read More
තිස්පස් වරක් ජනපති සම්මානය දිනූ නැටුමට සූර පීටර් සූරසේන දිවි රඟමඩල හැර යයි..

තිස්පස් වරක් ජනපති සම්මානය දිනූ නැටුමට සූර පීටර් සූරසේන දිවි රඟමඩල හැර යයි..

සෝල්බරි සාමිවරයා, ඉදිරිපෙළ අග්‍රේෂ ප්‍රභූ අසුන හිමි ව සිටියේ ය. ඔහු අබියස පිඨිකාව රංගාවතරණයට සූදානම් ය. ඒ ලංකාව බ්‍රිතාන්‍ය යටත් කොලනියක් ව තිබී ඩොමීනියන් වරම හිමි කර ගත් කාලයයි. කිරීටයට වග කියන ආණ්ඩුකාරවරයා වූයේ සොල්බරි සාමිවරයාය. එදා නව හැවිරිදි කුඩා කොලු ගැටයෙකුද ආණ්ඩුකාර උතුමාණන් වූ සොල්බරි සාමිවරයා ඉදිරියේ සිය ප්‍රතිභාව දක්වන්නට කරළියට පිළිපන්නේ ය. ඒ උඩැක්කිය වයමිනි. පොල්වත්තේ ගෙදර ගුණයා සහ සිරිපිනාගේ තුන්වැනි පිරිමි දරුවා වූ මේ කොලුවා පීටර් සූරසේන ය. ඔහුට මහනුවර, හඟුරන්කෙත හා කොත්මලේ බලි ඇදුරු පරම්පරාවල ලේ උරුමය තිබුණේ ය. ඒ ලේ උරුමය ද සමග 1940 ජනවාරි 13 වැනිදා මහනුවර අරුප්පල දී උපන් පීටර් සූරසේන හත් හැවිරිදි…
Read More
අප ගාසාව හරදා යන්නේ නෑ..”ගාසාවෙන් ලිපියක්”

අප ගාසාව හරදා යන්නේ නෑ..”ගාසාවෙන් ලිපියක්”

මට ඔබ සමඟින් සැක්‍රමෙන්ටෝ හි රැඳී සිටීමට අවශ්‍ය සෑම දෙයක්ම ඔබ කර ඇති බව පැවසෙන ඔබේ ලිපිය දැන් මා වෙත ලැබී තියෙනවා. කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු අංශයට මාව පිළිගෙන ඇති බවට දැක්වෙන පුවත ද මා වෙත ලැබී තියෙනවා. මගේ මිත්‍රයා, සෑම දෙයකටම මම ඔබට ස්තූතිවන්ත විය යුතුයි. නමුත්, මේ පුවත මම ඔබට පවසන විට ඔබට එය අමුතු දෙයක් ලෙස පෙනෙනවා ඇති. – ඒ ගැන කිසිදු සැකයක් ඇති කරගන්න එපා, මට කිසිඳු පැකිලීමක් කොහෙත්ම දැනෙන්නේ නෑ, ඇත්ත වශයෙන්ම මම දැන් තරම් පැහැදිලිව දේවල් කලින් දැක නොමැති බව මම ඉතා තදින් විශ්වාස කරනවා. නෑ මගේ මිත්‍රයා, මම මගේ අදහස වෙනස් කළා. ඔබ…
Read More
නිර්මාල් ගේ ”කිතලංගමුවේ මර්තේලිස් ”කෘතිය, ලංකාවේ වාමාංශික දේශපාලනයේ ස්ථාපිත ඉතිහාසයට විකල්පයක් ද?

නිර්මාල් ගේ ”කිතලංගමුවේ මර්තේලිස් ”කෘතිය, ලංකාවේ වාමාංශික දේශපාලනයේ ස්ථාපිත ඉතිහාසයට විකල්පයක් ද?

මහාචාර්ය නිර්මල රන්ජිත් දේවසිරි  (මෙයින් පසු නිර්මාල්) අතින් ලියැවුන කිතලංගමුවේ මර්තේලිස් පොත කතුවරයා විසින්ම හඳුන්වන්නේ “ලංකා සමසමාජ පක්ෂයේ අනෙක් ඉතිහාසයේ පරිච්ඡේදයක්” ලෙස ය. මේ පොත මා දකින්නේ මෙරට ඉතිහාසයේ වැලිතලාවට යටවී ගිය සමසමාජ ඉතිහාසය නැවත විවර කිරීමට උදව්වක් හැටියට ය. පොත ගැන පූර්ව දැනුම් දීම කණ වැකුණ ගමන්ම එය කියවීමේ උවමනාව සමසමාජ කාරයෙකු හැටියට මා තුළ ඇතිවීම පුදුමයක් නොවේ. (පොතේ පිටපතක් තෑගි කිරීම ගැන නිර්මාල්ට පින්.) තුන් කෝරළය සහ ඒ වටා ඡන්ද සටන්, දේශපාලන පංති, සහ සම්මන්ත්‍රණ වලට 1960 ගණන් අග සිට මා සහභාගි වී තිබුන ද  මට මර්තේලිස් සහෝදරයා හමුවූ බවක මතකයක් නැත. 1975 සමසමාජය – සිරිමාගේ ආණ්ඩුවෙන් අස්වීමෙන්…
Read More
පීඩිතයා හා පීඩකයා වෙන් කර පෙන්වූ රත්න ශ්‍රීන්ගේ ‘මතක පද’

පීඩිතයා හා පීඩකයා වෙන් කර පෙන්වූ රත්න ශ්‍රීන්ගේ ‘මතක පද’

අවසානයේ රත්න ශ්‍රී විජේසිංහ නම් අප ජ්‍යෙෂ්ඨ කිවිසුරු විසින් දෙමළා පීඩිතයා බවත් සන්නද්ධ සිංහල හමුදා නියෝජනය කරන්නේ ‘පීඩකයා’ බවත් උදෙසන ලදි. උදෙසනවා යනු ‘ඩික්ලෙයා’ කිරීම යන්න හඟවන සිංහල වචනයයි. උදෙසනවා යනු තමන්ගේ අදහස ප්‍රසිද්ධියේ කියා පෑම යි. නොවළහා කියා පෑමයි. අවකංව කීමයි. බොක්කෙන් ම කීම යි. මගේ අදහස වන්නේ ‘මතක පද’ අතරතුර සිදුවූ මෙම රත්න ශ්‍රීන්ගේ මෙම උදෙසීම, සමස්ථ සමාජය විසින් මඟහැර නොයා යුතු වැදගත් සංසිද්දියක් බව යි. ගැඹුරු මෙන්ම කර්ණ රසායන හඬ පෞරුෂයක් සහිත, ගැමුණු ජයන්ත වන්නිනායක නම් අප මිත්‍රවරයාගේ ‘මතක පද’ යනු සිංහල සහෘද ප්‍රජාව අතර බෙහෙවින් කීර්තිමත් මතකාවර්ජන ගීතමය සංලාපයකි. ගැමා විසින්  ඒය මුලින් නිර්මාණය කෙරුණේ ගුවන්…
Read More
ආර්ථික අර්බුදයට ජනතා විසඳුමක්..

ආර්ථික අර්බුදයට ජනතා විසඳුමක්..

ජගත් ගුරුසිංහ, සුමනසිරි ලියනගේ සහ කල්ප රාජපක්ෂ විසින් රචිත මෙම කුඩා පොත් පිංච අප රට  මුහුණ දී ඇති ආර්ථික අර්බුදය තේරුම් ගැනීමට ඉමහත් දායකත්වයක් ලබා දේ. උග‍්‍ර කඩදාසි හිඟයක් පවතින තත්වය තුළ මෙවැනි උත්සාහයක් ගැනීම ද අගය කළ යුතු ය. කතුවරුන් විසින් ම දක්වන ආකාරයට මෙම පොත් පිංච ඉදිරිපත් කිරීමේ ප්‍රධාන අරමුණු තුනකි. අර්බුදයේ වපසරිය පමණට වඩා පුම්බා දැක්වීමට සමාජයේ ඉහළ පංතිය ගන්නා වෑයම හෙළිදරව් කිරීම, සැබෑ ජාතික පරිශ්‍රමයකින් අර්බුදයෙන් ගොඩ ආ හැකි බව පෙන්වීම සහ පාලක පංතිය විසඳුම් වශයෙන් ඉදිරිපත් කරන වැඩ පිළිවෙළ නිසා පහළ මාලයේ ජනතාව වඩාත් දුෂ්කර තත්වයකට පත්වීම යන කරුණු ගැන සාමාන්‍ය ජනතාවට තේරුම් ගත හැකි…
Read More