Rights & Freedoms

සිරකරුවන් වෙනුවෙන් කිඹුල් කඳුලු හෙලන පාලකයෝ..

සිරකරුවන් වෙනුවෙන් කිඹුල් කඳුලු හෙලන පාලකයෝ..

රජයක් සිරකරුවන් ආරක්ෂා කළ යුතුයැයි කියලා ජාත්‍යන්තර ප්‍රඥප්තීන් තියෙනවලු. ලංකාවේ සිරකරුවන් 11,000 කට පමණ ඉඩකඩ තිබුණත් 41,000 කට වැඩිය සිරගෙවල ගාල්කර තිබෙනවලු. මෙහෙම වෙන්න හේතුව රස පරීක්ෂක වාර්තා පමාවීම, පොලිසිය කුඩු සැකකරුවන් ඇල්ලීම සහ ඇප ගෙවීමේ නොහැකියාව,දඩ මුදල් ගෙවාගත නොහැකිවීම ආදී දුගී බවේ පවතින ප්‍රශ්න හා නීතිරීතිවල අඩුපාඩු කියලත් කියනවා. ලෙඩට දුකට බේත් හේත් නැතිලු. මේවගේ කරුණු නිසා හිරගෙවල ගැටුම් ඇතිවෙනවා කියලා බොහෝ ගවේෂකයන් පෙන්වාදීල තිබෙනවා. මේවාත් සිරකරුවන්ගේ මානසික ආතතිය වැඩි කරන්න හේතු කාරණා තමයි. නමුත් ප්‍රධානම කාරණාව මේවාම නොවෙයි කියලයි මගේ පිළිගැනීම. ව්‍යවස්ථාදායකය විසින් සම්පාදනය කරන්නා වූ නීති කඩකරන්නන් අත් අඩංගුවට ගෙන අධිකරණය ඉදිරියට පැමිණවීම පොලිසියේ රාජකාරියයි. පොලිසිය අත්අඩංගුවට…
Read More
සේවකයින් මගහැර ධනවතුන්ට ලස්සන පොහොසත් රටක් ගොඩ නැගීම..

සේවකයින් මගහැර ධනවතුන්ට ලස්සන පොහොසත් රටක් ගොඩ නැගීම..

ජනාධිපති අනුර කුමාර දිසානායක මුදල් ඇමති ලෙස ඉදිරිපත් කළ දෙවන අයවැය ලේඛනය දැනටමත් බොහෝ දෙනෙකුගේ කතා බහට ලක්ව ඇත. දරා ගත නොහැකි ජීවන බරින් පෙළෙන ජනතාව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා සහනයක් බලා පොරොත්තු වූ අතර වෛද්‍යවරු සහ වෙනත් වෘත්තිකයෝ බදු සහන බලාපොරොත්තු වූහ. මෙම අයවැයෙන් අලුතින් බදු කිසිවක් පනවන්නේ නැති බව කලින්ම ප්‍රකාශ කර තිබුණ නිසා වෙළඳ ව්‍යාපාරිකයන් සහ ආයෝජකයන් අයවැය තුළින් වෙනසක් බලාපොරොත්තු නොවන්නට ඇත. මෙම අයවැයෙන් ඉදිරිපත් කළ පෙරළිකාර යෝජනාව වූයේ වතුකම්කරුවන් ගේ වැටුප රු.200කින් වැඩි කිරීම සහ පැමිණීමේ දිරි දීමනාවක් වශයෙන් භාණ්ඩාගාරයෙන් සහනාධාරයක් වශයෙන් ඔවුන්ට තවත් රු. 200 ක් ගෙවීම ය. ඒ අනුව වතු කම්කරුවන්ගේ වැටුප රු.…
Read More
කිරිපෝරුවේ  පුෂ්පලතා; නිෂ්පාදන ඉලක්ක හමුවේ පලමු බිල්ල..

කිරිපෝරුවේ  පුෂ්පලතා; නිෂ්පාදන ඉලක්ක හමුවේ පලමු බිල්ල..

නිෂ්පාදන ක්ෂේත්‍රයේ අසීමිත ඉලක්ක හඹායාමේදී කම්කරුවන් මුහුණ දෙන  දුෂ්කර වැඩ කොන්දේසි පිලිබඳ කතා බහ දශක ගණනාවක් පුරාවට දිවෙයි. ඒ ගැන  යළිත් කරලියට  පැමිණෙන්නේ  ඇඟළුම් කම්කරු ස්ත්‍රියකගේ මරණයත් සමඟය.  මෙවැනි අධික වැඩ කොන්දේසි හමුවේ කම්කරුවන්ට අධික තෙහෙට්ටුව හා මානසික ආතතතියට පත්ව රෝගී වුවද, අවශ්‍ය ඉලක්ක සපුරාලීමට බල කෙරනු ඇත. ලෝක කම්කරු සංවිධානය මගින් වැඩබිමේ ආරක්ෂාව හා සෞඛ්‍ය ගැන සම්මුතීන් සකස් කර තිබුන ද ඒවා ප්‍රායෝගික යථාර්ථයක් වන්නේ ඉතාමත් අවම වශයෙනි. ලංකාවේ වාර්ෂික ව වැඩබිමේ සිදුවන  මාරාන්තික නොවන  අනතුරු 2,000ක් ද, මාරාන්තික අනතුරු 60-80ක් ආසන්න වන බව ලෝක කම්කරු සංවිධානයේ නවතම වාර්තා පෙන්වා දී ඇත. රෝගී වුවද ඇණවුමට අදාළ නිෂ්පාදන ඉලක්ක සපුරාලීමට…
Read More
වෘත්තීය සමිති ඉදිරියේ  ආණ්ඩුව දණ නැමුවාද..?

වෘත්තීය සමිති ඉදිරියේ  ආණ්ඩුව දණ නැමුවාද..?

වෘත්තීය සමිති ව්‍යාපාරයට   විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා දෙමින්,  කම්කරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්වූ සේවය අවසන් කිරීමේ පනත නැවතත් රටපුරාම බලාත්මක කිරීමේ නියෝගයක්  අධිකරණය මගින් පැනවිණි. ඒ කොළඹ වරාය නගර ආර්ථික කොමිසම් සභාව යටතේ තිබෙන සමාගම් හතරකට බදු සහන හා කම්කරු නීති බලාත්මක නොවන ලෙසට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉකුත් ජුලි 14 වැනිදා අංක 2445/2, 2445/3, 2445/4 සහ අංක 2445/5 ලෙස  නිකුත් කළ ගැසට් නිවේදන  හතරක්  ආපසු කැඳවීම මගිනි. මෙම ගැසට් නිවේදනයට එරෙහිව නඩුව විටින් විට දින තුනක් කැඳවීමෙන් අනතුරුව   අභියාචනාධිකරණයේ දී ඉකුත් 27 වැනිදා  කැඳවූ  අවස්ථාවේදී ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටී නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥයා විසින් ආණ්ඩුවේ තීරණය දැනුම් දී තිබිණ.  ගැසට්ටු හතරක් ආපස්සට…
Read More
වතු කම්කරු වැටුප් වැඩි වීම් අද නොවේ හෙට ..

වතු කම්කරු වැටුප් වැඩි වීම් අද නොවේ හෙට ..

රාජ්‍ය අංශයට වඩා පෞද්ගලික අංශයට වතු කළමනාකරණය කළ හැකිය යන වැරදි මතයක් මත සමාගම් 22 කට වතු කළමනාකාරිත්වය බාර දී ඇත. අවාසනාවකට මෙන් ඇතැම් සමාගම්වල වකම කළමනාකරණ උපායමාර්ග ලෙස පෙනී යන්නේ කම්කරුවන් භුක්ති විඳින ඕනෑම මුල්‍ය සහ වෙනත් අයිතීන් අහිමි කිරීමෙන් ඔවුන්ගේ ලාභය උපරිම කර ගැනීමයි. පෞද්ගලික කළමනාකාරිත්වය යටතේ මෙන්ම දැනට රාජ්‍ය පාලනයේ ඇති වතුවල කම්කරුවන්ට, දෛනික වැටුප් ලබන අනෙකුත් කම්කරුවන් හා සසඳන විට ලැබෙන අඩුම වැටුපකි. මෙම තත්වය ඔවුන් දරිද්‍රතාවයට තල්ලු කරයි. සමාගම් වල කම්කරු විරෝධී ක්‍රියා අතර ස්වාධීන අනියම් සේවකයන්ගේ සේවක පදනමක් පිහිටුවීමේ පියවරක් වන බාහිර වගා ක්‍රමය [outgrow system] පුළුල් කිරීම, අත්තනෝමතික ලෙස සේවා ඉලක්ක සහ සම්මතයන්…
Read More
‘ආනන්දපුරම්’; බතලේගොඩ වතු කම්කරුවන්ගේ අරගලයක ආනන්දය..

‘ආනන්දපුරම්’; බතලේගොඩ වතු කම්කරුවන්ගේ අරගලයක ආනන්දය..

මුහුදු බඩ ඇතුළු පහත රට පාලනය කරමින් සිටී බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයෝ  ගිවිසුමක් ඔස්සේ උඩරට මහනුවර රාජ්‍ය අත්පත් කර ගැනීමත් සමගින්, 1815 මාර්තුවේදී ලංකාව ඒකීය රාජ්‍යයක් බවට පත් කළෝය. එතෙක් පැවති වැඩවසම් සමාජය ටිකෙන් ටික ධනේශ්වර ක්‍රමයක් කරා පරිවර්තනය වන්නට වුයේ ඉන් පසුවය.  කෝපි වැවිලි බෝගයක් ලෙසින් මුලින්ම හදුන්වා දුන් අතර පසුව එය තේ, රබර්, පොල්, සින්කෝනා  දක්වා වර්ධනය කෙරිණි. වගාවන්ට කම්කරුවන් රැගෙන ආවේ දකුණු ඉන්දියාවේ දරිද්‍රතාවෙන් පෙළුණු ගම්මානවලින්ය. එසේ රැගෙන එන ඔවුන් මුහුදු මගින් තලෛ මන්නාරමට පැමිණ ඉන් පසු මාධ්‍ය කඳුකරය දක්වා රැගෙන යන්නේ පා ගමනින්ය. දහසකුත් පීඩාවන්ට ලක්ව ගමනාන්තයන් කරා ලඟා වන විට බොහෝ දෙනෙක් රෝගී තත්වයන්ට ගොදුරුව…
Read More
දකුණු ආසියානු තේ කම්කරුවාගේ හෙට දවස..

දකුණු ආසියානු තේ කම්කරුවාගේ හෙට දවස..

දකුණු ආසියාවේ මිලියන සංඛ්‍යාත වතු කම්කරුවන් අතරින්  තේ කම්කරුවන්ට ලැබෙනුයේ ප්‍රමුඛ ස්ථානයකි. ශ්‍රීලංකාව, ඉන්දියාව, බංගලාදේශය සහ නේපාලය  කලාපයේ   තේ නිපදවෙන ප්‍රධාන රටවල් හතර අතරින්  ලෝක වෙළඳ මධ්‍යස්ථාන වාර්තාවන්ට අනුව තේ අපනයන අතින්  තුන් වන තැන ලංකාවටත්, හත් වැනි තැන නේපාලයටත් හිමිය. ඉන්දියාවට 51 වැනි ස්ථානයේත්, බංගලාදේශය 133 ස්ථානයේත් පසුවේ. එහෙත්  මෙකී රටවල තේ  වතු කම්කරුවන්, විශේෂයෙන් ස්ත්‍රීන්ට  හා කම්කරු පන්තික පවුල්වලට බලපාන ජිවන කොන්දේසි පවතිනුයේ ඉතාමත් ශෝචනීය තත්වයකයි.  කම්කරු  අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් වලට ඔබ්බට ගොස් ඔවුන්ගේ     ආදිවාසී, දලිත් වාර්ගික සහ අනෙකුත් ආන්තික ජන  අයිතිවාසිකම් හා  සමාජ යුක්තිය කෙරෙහි ද   මෙම රටවල් හතර පුරාම ගැටළු පැන නැගී ඇත. ලංකාව, ඉන්දියාව, බංගලාදේශය…
Read More
කිසිදු හව්හරණක් නැතිව අවසන් ගමන් යන ගෘහ සේවිකාවෝ…

කිසිදු හව්හරණක් නැතිව අවසන් ගමන් යන ගෘහ සේවිකාවෝ…

ජාත්‍යන්තර ගෘහස්ථ කම්කරු දිනය ජූනි 16 දිනට දී තිබේ. 2011 වසරේ සිට ලොවපුරා ගෘහස්ථ ශ්‍රමිකයින් නියෝජනය කරන වෘත්තීය සමිති, විවිධ සංවිධාන විසින් මෙම දිනයේදී තමන්ගේ අයිතිවාසිකම් ලොවට කියා පෑමට සහ දිනා ගැනීමට විවිධ වැඩසටහන් සිදු කරයි. 2011 ජූනි පැවති ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මහා සම්මේලනයේදී ලෝකයේ ගෘහස්ථ කම්කරුවන් වෙනුවෙන් වන ථෙයිතිහාසික ප්‍රඥප්තියක් සමමිත විය. එනම් ගෘහස්ථ ශ්‍රමිකයින් සඳහා සුනිසි මෙහෙවර (Decent work) සඳහා වන C189 ප්‍රඥප්තියයි.  මෙම සම්මුතිය රටවල් තුළ අපරානුමත කර ගෘහස්ථ කම්කරුවන් සඳහා යහපත් රැකියා කොන්දේසි දිනා ගැනීම සඳහා ජාත්‍යන්තර ගෘහස්ථ කම්කරු සම්මේලනය සහ එහි සාමාජික ලොව පුරා විසිරි සිටින වෘත්තීය සමිති කටයුතු කරමින් සිටී. කම්කරු අමාත්‍යවරයාගේ පොරොන්දු ප්‍රොටෙක්ට්…
Read More