Avatar photo

Dr. Ajith Amarasinghe

8 Posts
මහින්දාගමනය විද්‍යාත්මක සත්‍යයකි..[අවසන් ලිපිය]

මහින්දාගමනය විද්‍යාත්මක සත්‍යයකි..[අවසන් ලිපිය]

මා විසින් මහින්දාගමනය ගැන ඓතිහාසික සාධක මත ලියූ ලිපිපෙල අවසානයේ මම මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාගෙන් පහත සඳහන් ප්‍රශ්නවලට එතුමාගේ නිශ්චිත පිළිතුරු ගෞරවයෙන් ඉල්ලා සිටියෙමි. දැනට ඇති ඓතිහාසික සාධක මත ක්‍රි පූ 3 වෙනි සියවසේදී අශෝක අධිරාජයා විසින් ලංකාවට බෞද්ධ ධර්මදූත පිරිසක් එවූ බව පිළිගන්නේද? මේ පිරිසගේ නායක හිමිනමගේ නම මහින්ද යැයිද, ඒ වනවිට ලංකාවේ රජුව සිටියේ දේවානම්පිය (තිස්ස) යැයිද පිළිගන්නේද? මේ ධර්මදූත පිරිස විසින් එකල ලංකාවේ සිටි ප්‍රධාන රජු හා ඔහුගේ සහපිරිවර බෞද්ධයන් බවට පත්කල පසු ඉතා කෙටිකලක් තුල ලංකාවේ බුදුදහම පැතිරගිය බව  පිළිගන්නේද? එනිසා මේ සිදුවීම ලංකා ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් ලෙස පිළිගන්නේද? එසේම මම විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු වන එතුමාගෙන්…
Read More
මහින්දාගමනය විද්‍යාත්මක සත්‍යයකි.. [දෙවන කොටස]

මහින්දාගමනය විද්‍යාත්මක සත්‍යයකි.. [දෙවන කොටස]

මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා විසින් පලකරන ලද වීඩියෝ දෙකකට පිළිතුරු වශයෙන් ලියැවන “මහින්දාගමනය විද්‍යාත්මක සත්‍යයකි”  යන ලිපිපෙලෙන් ඉදිරියේදී පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සැපයෙනු ඇත. ඒවානම්, ඉන්දියාවේ විසූ අශෝක රජු ලංකාවට ධර්මදූත පිරිසක් යැවීද ?එසේනම් ඒ කුමන කාලයේද? මේ අය පැමිණියේ ලංකාවටමද? මේ පිරිස බෞද්ධ ධර්මදූතයන්ද? අශෝක රජු බෞද්ධයෙක්ද? මේ අය එනවිටත් ලංකාවේ බෞද්ධයන් සිටියාද? එසේ සිටියේ නම් මේ ධර්මදූත පිරිස ලංකාවට ඒමේ වැදගත්කම කුමක්ද? මේ පිරිස ලංකාවට පැමිණි බවට ඇති සාක්ෂි මොනවාද? මේ පිරිස පැමිණි පසු ලංකාව තුල සීඝ්‍රයෙන් බුදුදහම පැතුරුණාද? යන ඒවායි. මහාචාර්ය නිර්මාල් මහතා මහාවංශයේ මහින්දාගමනය පිලිබඳව ඇති විස්තරය “මිත්‍යාවක්” යැයි හඳුන්වමින් එය ලංකාවේ බුදුදහම පැතිරුණු පසු…
Read More
මහින්දාගමනය විද්‍යාත්මක සත්‍යයකි.. [පලමුකොටස]

මහින්දාගමනය විද්‍යාත්මක සත්‍යයකි.. [පලමුකොටස]

කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාසය විෂය පිළිබඳ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මැතිතුමා යූ ටියුබ් චැනලයක මීට මාස කිහිපයකට පෙර කරන ලද සාකච්ඡාවක් පිලිබඳව මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල විවිධ මත පළවෙමින් පවතී. අද ලංකාවේ සාමාන්‍යයෙන් සිදුවන්නාක් මෙන් මෙවන් කරුණක් සම්බන්ධයන් සිදුවන සාකච්ඡා තම තමන්ගේ පුද්ගලික අදහස් වලින්, අපහාස , අවලාද, මඩ ප්‍රහාර වලින්  ඔබ්බට  නොගොස් එකතැන පල්වෙමින් පවතී. මහාචාර්ය නිර්මාල් රංජිත් මහතාගේ මතය මහාචාර්ය නිර්මාල් රංජිත් මහතාට අනුව මහාවංශයේ සඳහන්වන අන්දමට ධර්මාශෝක අධිරාජයාගේ පුතෙකුවූ මහින්ද නම් මහරහතන්වහන්සේ නමක්, උතුරු ඉන්දියාවේ සිට අහසින් මිස්සක පවුවට වැඩ, ඒ වනවිට ලංකාවේ රජකම්කල දේවානම්පියතිස්ස රජු බෞද්ධයෙකු කලපසු, ලංකාව බෞද්ධ රටක් වූයේ යැයි යන්න මිත්‍යාවකි. අද මහින්දාගමනය…
Read More
මේ නිදහස් සෞඛ්‍ය සේවයේ අවසානයද?

මේ නිදහස් සෞඛ්‍ය සේවයේ අවසානයද?

නව වසර උදාවත් සමඟම  “විප්ලවීය” කැබිනට් තීරණ දෙකක් එළිදක්වා ඇත. හයේ පොතේ අසභ්‍ය වෙබ් අඩවිය, අහිංසකාවියකට අපහාසකිරීම, මිහින්තලේ වනචාරියා කවුරුන්දැයි සෙවීම වැනි මහා මාතෘකා මධ්‍යයේ  05.01.2026 දින කැබිනට් තීරණ දැණුම්දීමේ පත්‍රිකාවේ අංක 04 වෙනි හා  අංක 05 වෙනි තීරණ  කිසිවෙකුගේ අවධානයට යොමු නොවීය. එසේ අවධානයට යොමුවූවත්, ඒවායේ අන්තර්ගතයේ බැරෑරුම්කම අවබෝධකර ගැනීම සෞඛ්‍ය ආර්ථික විද්‍යාව පිලිබඳ යම් දැනුමක් නැතිව අපහසුය. දැන් සිදුවෙමින් පවතින සිදුවීම් දෙස බලනවිට මේ තීරණ ඒ කැබිනට් පත්‍රිකාවට ඇතුළුකල අය පවා එහි  බැරෑරුම්කම වටහා ගෙන නොතිබියේ නම් පුදුමයක් නොවේ. මේ ලිපියෙන් පසු සිදුවීමට ඉඩ ඇත්තේ මේ තීරණය කැබිනට් පත්‍රිකාවට ඇතුළුකලේ කවුරුන්දැයි සෙවීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා, රහස් පොලීසියට පැමිණිල්ලක්…
Read More
දරුවන්ට ශාරීරික දඬුවම්දීම  වැරදියි..

දරුවන්ට ශාරීරික දඬුවම්දීම  වැරදියි..

පාසල්වලදී දරුවන්ට ශාරීරික දඬුවම්දීම නතර කිරීම සඳහා  දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන ඇති කිරීම සම්බන්ධයෙන් සමාජයේ විවිධ  පාර්ශවයන් මීට පක්ෂව සහ විපක්ෂව මේ දිනවල තම අදහස් දක්වයි. ගරු ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ද නිවේදනයක් නිකුත් කරමින් ඊට සිය විරෝධය පළ කර තිබේ. සමාජයේ මේ කතිකාවතට හේතු වී තිබෙන්නේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර මේ වන විට මෙය දෙවරක් කියවා අවසාන කර ඇති දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන පිළිබඳ කෙටුම්පතයි. වෘත්තීය සමිති නායකයින් හා ඇතැම් විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ද පාසලක විනය පවත්වා ගැනීමට මෙමගින් බාධා පැමිණේ යයි යන සැකය නිසා මේ ගැන බියවී ඇති බව පෙනේ. දරුවන් යනු හඬක් නැති, ඡන්ද බලයක්  නැති පිරිසකි. ඒ නිසා ඒ…
Read More
වියතුන් තැනූ “මෝඩ බැම්ම”ක් නිසා දුක්විඳින මාතර මිනිස්සු

වියතුන් තැනූ “මෝඩ බැම්ම”ක් නිසා දුක්විඳින මාතර මිනිස්සු

ලංකාවේ ගොවින් සදහටම දුක් විඳින්නන්ය. වැස්ස, නියඟය, අලි පාලු කිරිම, ණය බර, අතරමැදියන් ගසා කෑම , අධික පොහොර මිල වැනි මෙකී නොකී සියලු සියළු දෑ නිසා අපේ ගොවින් සදා දුකින් පෙළේ. මේ දුකින් පෙළෙන්නන් අතරට අමුතු ගැටලුවක් නිසා එකතුවී ඇති පිරිස මාතර දිස්ත්‍රික්කයේ ගොවියන්ය. මෙය සිදුව ඇත්තේ ලංකාවේ මෙතෙක් නොඇසූ අලුත්ම හේතුවක් නිසාය. මේ ගැටලුවට මුල මාතර දිස්ත්‍රික්කය හරහා ගලන නිල්වලා ගඟ හරහා මෑතදී බඳින ලද බැම්මකි. දුරදිග නොබලා  වර්ෂ 2019 දී ඉදිකිරිම ආරම්භවූ මේ බැම්ම නිසා දුක් විඳින්නේ ගොවියන් පමණක් නොවේ. මේ නිසා ගොවියන් නොවන වැසියන්ට තම ගෙවල් දොරවල් වසරකට කිහිපවරක් ගංවතුරට යටවනු හිසෙහි අතගසා බලා සිටීමට සිදුවී තිබේ.…
Read More
‘..තත්ත්ව පාලනයෙන් තොරව ඖෂධ ගෙන්වීමට සම්බන්ධ සියල්ලන්ටම අපරාධ නඩු පවරා දඬුවම් දිය යුතුය..’

‘..තත්ත්ව පාලනයෙන් තොරව ඖෂධ ගෙන්වීමට සම්බන්ධ සියල්ලන්ටම අපරාධ නඩු පවරා දඬුවම් දිය යුතුය..’

ශිරාගත කරන ලද (injection ) ඖෂධ නිසා සිදුවූ මරණ සහ ඇසට දැමු ඖෂධ නිසා දෑස් අන්ධ වීම ඇතුළු අහිතකර සිදුවීම්  රාශියක් මෑත කාලයේ දී අපේ රටේ එක පෙළට සිදු විණි. මේ නිසා රෝගවලට ඖෂධ ගැනීම සම්බන්ධයෙන් සාධාරණ බියක් සාමාන්‍ය  ජනතාව තුළ දැන් පැතිරී තිබේ. ඖෂධ මෙලෙස රෝගීන්ට අහිතකර වන්නේ කොහොමද ? එම ඖෂධයෙහි  අවශ්‍ය මාත්‍රාව තිබේ දැයි සොයා බැලීමතත්ත්වයෙන් බාල සමහර ඖෂධවල, ඖෂධයට වඩා එහි අඩංගු අනෙක් ද්‍රව්‍ය වැඩි විය හැකිය. එම ඖෂධයෙහි සිරුරට හානි කරන රසායන ද්‍රව්‍ය තිබේ දැයි සොයා බැලීම. සමහර ඖෂධයන්හි එම ඖෂධයට අමතරව සිරුරට හානි කරන විවිධ රසායන ද්‍රව්‍ය අඩංගු වී තිබිය හැකිය. මීට එක් උදාහරණයක්…
Read More
ජාතියේ අනාගතය වනසන ළමා මන්දපෝෂණය..

ජාතියේ අනාගතය වනසන ළමා මන්දපෝෂණය..

අපි වර්තමානයේ මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මන්දපෝෂණය කියලා කියන්නේ. මන්දපෝෂණය මනින ප්‍රධාන විදි තුනක් තියෙනවා. එක තමයි බර මැනීම. දෙවැනි විදිය තමයි උස මැනීම. මේ දෙකම ප්‍රස්තාරයට දාලා උසට සරිලන බර තියනවද කියලා බලන එක තමයි තුන්වෙනි විදිය. බර උස සහ කෘෂ බව මැනිම තමයි මන්දපෝෂණය මැනීමේ ප්‍රධානම ක්‍රමවේද තුන වෙන්නේ. මන්දපෝෂණය ඇති වන විධි කීපයක් තියෙනවා. එක තමයි කැලරි උනතාවය ප්‍රොටීන් ඌනතාවය නිසා ඇති වන මන්දපෝෂණය සහ ක්ෂුද්‍ර රසායන අංශු නිසා ඇතිවන මන්දපෝෂණය ආදී ලෙස එය සඳහන් කළ හැකිය. යම් දරුවකුගේ උස බර ප්‍රමාණවත්ව තිබුනත් යකඩ හෝ වෙනත් විටමින් වර්ගයක ඌනතාවය නිසා මන්දපෝෂණය ඇතිවන අවස්ථා ඕනෑතරම් දැකගත හැකියි.…
Read More