තිස්පස් වරක් ජනපති සම්මානය දිනූ නැටුමට සූර පීටර් සූරසේන දිවි රඟමඩල හැර යයි..
සෝල්බරි සාමිවරයා, ඉදිරිපෙළ අග්‍රේෂ ප්‍රභූ අසුන හිමි ව සිටියේ ය. ඔහු අබියස පිඨිකාව රංගාවතරණයට සූදානම් ය. ඒ ලංකාව බ්‍රිතාන්‍ය යටත් කොලනියක් ව තිබී ඩොමීනියන් වරම හිමි කර ගත් කාලයයි. කිරීටයට වග කියන ආණ්ඩුකාරවරයා වූයේ සොල්බරි සාමිවරයාය. එදා නව හැවිරිදි කුඩා කොලු ගැටයෙකුද ආණ්ඩුකාර උතුමාණන් වූ සොල්බරි සාමිවරයා ඉදිරියේ සිය ප්‍රතිභාව දක්වන්නට කරළියට පිළිපන්නේ ය. ඒ උඩැක්කිය වයමිනි. පොල්වත්තේ ගෙදර ගුණයා සහ සිරිපිනාගේ තුන්වැනි පිරිමි දරුවා වූ මේ කොලුවා පීටර් සූරසේන ය. ඔහුට මහනුවර, හඟුරන්කෙත හා කොත්මලේ බලි ඇදුරු පරම්පරාවල ලේ උරුමය තිබුණේ ය. ඒ ලේ උරුමය ද සමග 1940 ජනවාරි 13 වැනිදා මහනුවර අරුප්පල දී උපන් පීටර් සූරසේන හත් හැවිරිදි…