Philosophy & Perspectives

සජීවී පදාර්ථ සහ මළ පදාර්ථ අතර වෙනස..

සජීවී පදාර්ථ සහ මළ පදාර්ථ අතර වෙනස..

මම ලියූ 2025/12/26 ‘හේගල්ගේ මළ පදාර්ථ දර්ශනය’ ලිපිය සම්බන්ධව Facebook එකේ ව්‍යාජ නමකින් පෙනී සිටින කෙනෙක් ප්‍රශ්නයක් නගා ඇත. ඔහු මාක්ස්වාදය වෙනුවෙන් පෙනී සිටිමින් විඥානවාදය අනුමත කරමින් ප්‍රශ්නය ඉදිරිපත් කර ඇත. හොඳයි, ඔහුගේ ප්‍රශ්නය පහතින් කළු පාටින් ඉස්මතු කරමින් මගේ පිළිතුරු සටහන් කරන්නෙමි. මෙල්බර්න් සටන්කරුගේ ප්‍රශ්නය – “..මෙහිදී චමිල් සහෝ කියන පරිදි, හේගල් යනු දේවල් බිහිවී ඇත්තේ පදාර්ථ වලින් නොවේ කියන්න තරම් මෝඩ චරිතයක් නෙමෙයි, ඒක අති ඉතාමත්ම සරල දෙයක් හේගල් කතා කරලා තියෙන දේවල් එක්ක බැලුවම. මෙතන dead matter කියන්නේ, අජීවී ද්‍රව්‍ය කියන එකට, එනම් පස්, ගල්, යකඩ වගේ. එනම් හේගල් ට අනුව ජීවි ද්‍රව්‍ය වන්නේ, මිනිසා, සතුන්, ගස්…
Read More
කාල් මාක්ස් විශ්වයේ විවිධත්වය තුළ සමස්ථය හඳුනාගත්තා..

කාල් මාක්ස් විශ්වයේ විවිධත්වය තුළ සමස්ථය හඳුනාගත්තා..

කාල් මාක්ස් ආචාර්ය උපාධි නිබන්ධය ආසන්න වශයෙන් මීට වසර 182ට පෙර එනම් වර්ෂ 1841දී පමණ ජර්මන් භාෂාවෙන් ලියා අවසන් කරන ලද 1842 වර්ෂයේ දී මුද්‍රණයෙන් එළි දැක්වුන කාල් මාක්ස්ගේ ආචාර්ය උපාධි නිබන්ධය වූයේ ‘ඩිමොක්‍රිටස්ගේ ස්වාභාවික දර්ශනය සහ එපිකියුරස්ගේ ස්වාභාවික දර්ශනය අතර වෙනස’ යන්න ය. එය ලොව පුරා විශාල ප්‍රමාණයක් විද්වතුන්ගේ සහ විචාරකයින්ගේ අවධානය දිනාගත් සුවිශේෂ කෘතියක් ලෙසින් ද සැලකෙයි. භාෂා ගණනාවකට පරිවර්තනය වී ඇති මෙම ඓතිහාසික නිබන්ධය මුල්වතාවට සිංහල භාෂාවට පරිවර්තනය කර එළි දැක්වීමක් පසුගිය පෙබරවාරි 22 දින සිදුව ඇත. දක්ෂ ලේඛකයෙකු මෙන්ම වාමාංශික දේශපාලන ක්‍රියාකාරීකයෙකු වන චමිල් ජයනෙත්ති මහතා විසින් එම සුවිශේෂ කාර්ය සිදුකර ඇත. ජයනෙත්ති මහතා කාල් මාක්ස්ගේ…
Read More
ශ්‍රමය, සොබාදහම හා මාක්ස්වාදය..

ශ්‍රමය, සොබාදහම හා මාක්ස්වාදය..

මාක්ස් විසින් ධනවාදය පිළිබඳ ඔහුගේ විශ්ලේෂණය තුළට ස්වාභාවික තත්වයන් ඇතුළත් කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමට, ඉතිහාසය පිළිබඳ මාක්ස්ගේ භෞතිකවාදී සංකල්පයන් සලකා බැලීමට අවශ්‍ය වේ. මාක්ස්ගේ ස්වාභාවික භෞතිකවාදය, ඓතිහාසික භෞතිකවාදය හා අපෝහක භෞතිකවාදය සමග සමාජීය මූලද්‍රව්‍ය පිළිබඳ පුළුල් දෘෂ්ටියක් සපයන අතර, ස්වාභාවික මානව නිෂ්පාදන බලවේගයන් ගැන ද විස්තරාත්මක විග්‍රහයක් ඉදිරිපත් කරයි. මාක්ස් ස්වභාවධර්මය හා මානව ඉතිහාසය සමග ධනේශ්වර ප්‍රාග්ධනය විශ්ලේෂණය කරන්නේ ‘ප්‍රාග්ධනය ශ්‍රම වටිනාකමක්‘ ලෙසය. එනම් සෘජු පරිභෝජනයක් ලෙස හෝ වක්‍ර නිෂ්පාදන මාධ්‍යයන් ලෙස හෝ මානව අවශ්‍යතා තෘප්තිමත් කරන නිෂ්පාදනයක් ගැන හෝ මාක්ස් පෙන්වන්නේ: “භාවිත අගයන් හා ප්‍රාග්ධනයේ සමාජ ස්වරූපය කුමක් වුවත්, ද්‍රව්‍යමය නිෂ්පාදනය සමාජයට වැඩි කරනවා වෙනුවට මූල්‍ය ප්‍රාග්ධනය වැඩිකිරීමක්…
Read More