WORLD FOCUS

ලූලාගේ ජයග්‍රහණය: මැතිවරණ පෙරළියක් පමණත් නොවේ..

ලූලාගේ ජයග්‍රහණය: මැතිවරණ පෙරළියක් පමණත් නොවේ..

ලූලාගේ ජයග්‍රහණය බ්‍රසීලයේ දේශපාලන ඉතිහාසයේ විශේෂ අවස්ථාවකි. පළමු වටයේදී ෆ්ලාවියෝ බොල්සොනාරෝ ලූලාට වඩා ඡන්ද ලබා ගත්තේය. එහෙත් දෙවැනි වටය වන විට දේශපාලන පරිසරය වෙනස් විය. වීදිවල ජනතා ක්‍රියාකාරිත්වය ඉහළ ගියේය. තරුණයන් විශාල වශයෙන් දේශපාලන ක්‍රියාවලියට සම්බන්ධ වූහ. සමාජ මාධ්‍ය ප්‍රචාරණය දැවැන්ත ලෙස පුළුල් විය. විශේෂයෙන් WhatsApp හරහා සංවිධානය වූ “Lula’s Army” ජාලය අතිශය වේගයෙන් වර්ධනය විය. එහි සාමාජිකත්වය දින දෙකක් තුළ 50,000 සිට මිලියනය දක්වා ඉහළ ගොස් පසුව මිලියන 10කට වැඩි පිරිසක් දක්වා වර්ධනය වූ බව වාර්තා වේ. මෙය සාම්ප්‍රදායික මැතිවරණ ප්‍රචාරණයේ සීමාවන් වෙනස් කරන සිදුවීමකි. වීදිය සහ ඩිජිටල් අවකාශය අද දේශපාලන අරගලය සිදුවන්නේ පාර්ලිමේන්තුවේ හෝ මැතිවරණ වේදිකාවේ පමණක් නොවේ.…
Read More
පෘතුගාලයේ ජනතා අරගලය යළි නැගී සිටී: කම්කරු ජයග්‍රහණයෙන් නිවාස අයිතිය දක්වා නව අරගල චක්‍රයක්..

පෘතුගාලයේ ජනතා අරගලය යළි නැගී සිටී: කම්කරු ජයග්‍රහණයෙන් නිවාස අයිතිය දක්වා නව අරගල චක්‍රයක්..

පසුගිය ජූනි මාසයේ රජයේ කම්කරු ප්‍රතිසංස්කරණ පැකේජය පරාජය කිරීමේ සිට ඔක්තෝබර් මාසයේ නිවාස හා ජීවන වියදම පිළිබඳ විරෝධතා දක්වා සිදුවීම් පෙළක් මෙහි විස්තර කෙරේ. පෝර්ටෝ නගරයේ කූඩාරම් කඳවුරක් වටා වර්ධනය වූ ජනතා බලමුලු ගැන්වීම සහ එය වෘත්තීය සමිති ව්‍යාපාර සමඟ සම්බන්ධ වීම මෙම නව අරගල චක්‍රයේ විශේෂ ලක්ෂණයකි. කම්කරු නීති ප්‍රතිසංස්කරණය පරාජය කළ ජනතා බලය දැන් ඉහළ යන කුලී, ජීවන වියදම සහ නිවාස අර්බුදයට එරෙහිව වීදි බැස ඇත. වෘත්තීය සමිති, තරුණයන් සහ විවිධ ජනතා සංවිධාන අතර නව එකමුතුවක් ගොඩනැගෙමින් තිබේ. පසුගිය ජූනි මස අවසානයේදී පෘතුගාලයේ වාමාංශය සහ කම්කරු ව්‍යාපාරය අපේක්ෂා නොකළ ජයග්‍රහණයක් අත්කර ගත්තේය. එනම්, රජය විසින් ඉදිරිපත් කළ කම්කරු…
Read More
ප්‍රංශයේ තරුණ නැඟිටීම: “අනාගතය සඳහා අරගලයක්..”

ප්‍රංශයේ තරුණ නැඟිටීම: “අනාගතය සඳහා අරගලයක්..”

ප්‍රංශයේ 2026 උසස් පාසල් ශිෂ්‍ය අරගලය දෙස හුදෙක් “ශිෂ්‍ය විරෝධතාවක්” ලෙස බැලීම ප්‍රමාණවත් නොවේ. එය අධ්‍යාපන අසමානතාව, පාසල් පහසුකම් පිරිහීම, ගුරු හිඟය, තරුණ පරම්පරාවේ අනාගත අනාරක්ෂිතභාවය සහ දේශපාලන පද්ධතිය කෙරෙහි ඇති විශ්වාසය පිරිහීම හා සම්බන්ධ වන පුළුල් සමාජ අර්බුදයක ප්‍රකාශනයකි. ඔක්තෝබර් 6 දින රට පුරා පැවති විරෝධතාවල සහභාගීත්වය පිළිබඳ සංවිධායකයන් සහ ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය දක්වන සංඛ්‍යා අතර වෙනසක් පවතී. සංවිධායකයන් 450,000ක් පමණ සහභාගී වූ බව කියන අතර, අමාත්‍යාංශය එය 266,000ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. (Le Monde.fr) මෙම ලිපිය, එම අරගලය පුළුල් සමාජ හා දේශපාලන පසුබිම තුළ කියවීමට ගත් උත්සාහයකි. 2026 ප්‍රංශ උසස් පාසල් ශිෂ්‍ය අරගලය, අධ්‍යාපන අර්බුදය ඉක්මවා යන…
Read More
එක්සත් ජාතින්ගේ සාම දෙවොලට අරක්ගත් යුද්ධයේ රාක්ෂයින්..

එක්සත් ජාතින්ගේ සාම දෙවොලට අරක්ගත් යුද්ධයේ රාක්ෂයින්..

මේ දිනවල ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ පැවැත්වෙන එක්සත් ජාතික්ගේ 81 වැනි වාර්ෂික සම්මේලනය මෙතෙක් පැවති අන් සියලුම මහා සභාවලට වඩා වෙනස් ය. ඒ අන් කිසිවක් නිසා නොව එහිදී කතා කළ ලොව ප්‍රබල රාජ්‍යය කීප දෙනෙක්ම සංවිධානයේ අරමුණු සහ පරමාර්ථවලට හාත්පසින්ම වෙනත් වාග් ප්‍රලාප ඉදිරිපත් කළ නිසාය. එක්සත් ජාතින්ගේ ප්‍රඥප්තියේ දැක්වෙන ආකාරයට එහි පරමාර්ථ සහ ප්‍රතිපත්ති වන්නේ සාමයට ඇති තර්ජන වැළැක්වීම සහ ඉවත් කිරීම ද ආක්‍රමණික ක්‍රියා හෝ සාමය බිඳී යාමට තුඩු දෙන ක්‍රියා මැඩ පැවැත්වීම ද අරභයා ප්‍රබල විධි විධාන යෙදීම යනාදී වශයෙනි. එමෙන්ම සාමය බිඳී යා හැකි පරිද්දෙන් ඇති වන ජාත්‍යන්තර භේද හෝ ආරවුල් සමගි සමාදානයෙන් සමථයට පත්…
Read More
හොල්මන් ධනවාදයෙන් කැළඹෙණ ඉන්දියාව අවදි කළ කැරපොතු අරගලය..

හොල්මන් ධනවාදයෙන් කැළඹෙණ ඉන්දියාව අවදි කළ කැරපොතු අරගලය..

සති දෙකකට වැඩි කාලයක් ඉන්දියාවේ අගනුවර නවදිල්ලියේ සහ සෙසු ප්‍රධාන නගර ගණනාවක පැවති ශිෂ්‍ය තරුණ විරෝධතාවය ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලිම වූ අධ්‍යාපන ඇමති ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය තනතුරෙන් ඉල්ලා අස්වීමෙන් අවසන් විය. වෛද්‍ය විද්‍යාලවලට පිවිසීම සදහා වූ ජාතික යෝග්‍යතා සහ ප්‍රවේශ පරීක්ෂණයේ (NEET ) ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම සහ අධ්‍යාපනය හා සම්බන්ධ වෙනත් දූෂණ ක්‍රියා නිසා හටගත් මෙම විරෝධතාවය ලංකාව, බංග්ලාදේශය සහ නේපාලනයේ හටගත් තරුණ ශිෂය විරෝධතාවයන්ට බෙහෙවින් සමානය. එහෙත් එහි ඉල්ලිම් සහ සංවිධාන ස්වරූපය සැලකිය යුතු ආකාරයෙන් වෙනස් ය. මුලින්ම මෙම විරෝධතාවයට නායකත්වය දීමට සංවිධානයක් කලින් ම බිහි විය. එය හැඳින්වූයේ කැරපොතු ජනතා පක්ෂය නමිනි. පාලක භාරතීය ජනතා පක්ෂයේ නමට (බීජේපී)…
Read More
අවබෝධතා ගිවිසුමෙන් කියවෙන ගල්ප් කලාපයේ නව දේශපාලන යථාර්ථය..

අවබෝධතා ගිවිසුමෙන් කියවෙන ගල්ප් කලාපයේ නව දේශපාලන යථාර්ථය..

පසුගිය සතියේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ස්විට්සර්ලන්තයේ දීත් ඉරාන ජනාධිපති තෙහෙරාන් නගරයේ දීත් අත්සන් කළ අවබෝධතා ගිවිසුම සටන් විරාමයක් ද යුද්ධයෙන් හෙම්බත් වූ දෙපාර්ශ්වය විඩා නිවා ගැනීමට ගත් කල් බැලීමක් ද යන්න ඉදිරි දින කීපය තුළ පැහැදිලිවනු ඇත. අවබෝධතා ගිවිසුමේ පළමු වගන්තියම කඩ කිරීමේ චෝදනාවක් මත ඉරානය දින කීපයකට පෙර විවෘත කළ හෝර්මුස් සමුද්‍රසන්ධිය නැවත වසා දැමු බවද වාර්තාවේ. ඉරානය පවසන ආකාරයට අවබෝධතා ගිවිසුම අනුව ලෙබනනය ඇතුළු සියලු පෙරමුණුවල සටන් නතර කළ යුතු වුවද ඊශ්‍රායෙලය දිගටම ලෙබනනයට ගුවන් පුහාර එල්ල කරයි. එමනිසා ඇමරිකාව එය නතර කිරීමට පියවර ගත යුතුය. හොර්මුස් සමුද්‍රසන්ධිය නැවත වසා දමා ඇත්තේ එමනිසාය. ස්විට්සර්ලන්තයේ පැවති සාකච්ඡාවලින් පසුව…
Read More
යැංකි-සයොනිස්ට් මිසයිල වලට ඉරානය යටපත් කරන්න බැහැ..

යැංකි-සයොනිස්ට් මිසයිල වලට ඉරානය යටපත් කරන්න බැහැ..

ඇමරිකාව හා ඊශ්‍ර්‍රායලය ඉරානයට පහර දීම බොහෝ කලක සිට තිබුණු සැලැසුමක් බව අපට පෙනෙනවා. ඉරානයේ සිටි කාසිම් සුලෙයිමානි හමුදා ජෙනරාල්වරයා කුර්දි සටන්කරුවන්ගේ පවා ආදරය දිනාගත් කෙනෙක්.  ඔහුගේ අභිලාෂය වුණේ මුළු මැද පෙරදිග කලාපයේ සුන්නි, ෂියා වැනි ඉස්ලාම් ආගමෙන් බිඳී ගිය සියළු ආගමික කොටස් එකතු කරළා මුස්ලිම් කියන ජාතික අන්‍යයතාවයට ගෙනෙන්න. ඒ තුළින් මැද පෙරදිග ඉරාන ආරක්‍ෂක යාන්ත්‍රණය ගොඬනැගීමේ දිගු කාලීන සැළසුමක් ඔහු සතුව තිබුණා. ඇමරිකන් සහය ලැබූ ISIS  (Islamic State of Iraq and Syria)  සන්නද්ධ පිරිස් අසාද්ගේ සිරියාවෙන් පලවා හැරීමට සුලෙයිමානී ජෙනරාල්වරයා වරක් කුර්දි සටන්කාමීන්ද තම හමුදාවට එකතු කරගත්තා. මැද පෙරදිග කලාපයේ බොහෝ පාලකයන් බ්‍රිතාන්‍ය සම්භවයක් තිබෙන හා ඇමරිකන් රූකඩයන්…
Read More
මංකොල්ලකාරී අධිරාජ්‍යවාදය නැවතත් ලෝක සමය බවට පත්වේ..

මංකොල්ලකාරී අධිරාජ්‍යවාදය නැවතත් ලෝක සමය බවට පත්වේ..

යුද්ධයේ ශාපයෙන් මානව වර්ගයා මුදවා ගැනීමට පිහිටුවන ලද එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර නීතිය, සහ මානව අයිතිවාසිකම් වැනි සංකල්ප පදනම්ව අටවා ගත් සියලු සංවිධාන සහ සම්මුතීන් කඩ කරමින් ලොව ධනවත් බලවත් රටවල් නීතිය යනු තමන් බව සනාථ කරමින් මාස හයක් වැනි කාලයක් ඇතුළත දෙවන වරටත් තම අවිවල නග්න බලය ප්‍රදර්ශනය කළහ. ඒ පසුගිය සෙනසුරාදා ඊශ්‍රායෙලය සහ ඇමරිකාව ඉරානයට ගුවන් සහ මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙනි. මෙම ප්‍රහාරය එල්ල කෙළේ ඉරානයේ දේශපාලන ගමන් මග වෙනස් කිරීම සඳහා එහි නායකත්වය ඝාතනය කිරීමටය. පළමු ප්‍රහාරයෙන් ඉරානයේ අධ්‍යාත්මික නායකයා වූ අයතොල්ලා  අලි කමේනි සහ ඔහුගේ පවුලේ සමීතම ඥාතීන් මරා දමන ලදී. මෙවැනි ඝාතන දැනට ඉතිහාසයේ කුණු…
Read More
ට්‍රම්ප්ගේ (පැරණි) ලෝක සමය තුළ මාවතක් සොයා යෑම..

ට්‍රම්ප්ගේ (පැරණි) ලෝක සමය තුළ මාවතක් සොයා යෑම..

මෙය, තිසරණී ගුණසේකර විසින් Daily FT වෙබ්අඩවියට සම්පාදනය කල ලිපියක Ai පරිවර්තනයකි. සංස්කරණය ‘විවරණ’ විසිනි. මරිකා එක්සත් ජනපදය ස්වදේශික ඇමරිකානුවන්ට එරෙහි අවසන් ප්‍රහාරය දියත් කළේ දකුණු ඩැකෝටා ප්‍රාන්තයේ වයිට් රිවර් (සුදු නදිය) හි අතු ගංගාවක් වන වුන්ඩඩ් නී ක්‍රීක් (Wounded Knee Creek) ප්‍රදේශයේදීය. 1890 දෙසැම්බර් මාසයේදී ඇමරිකානු හමුදාව විසින් 300කට ආසන්න ලැකෝටා (Lakota) ජාතිකයන් පිරිසක් සමූලඝාතනය කළ අතර ඔවුන්ගෙන් වැඩි පිරිසක් කාන්තාවන් සහ දරුවන්ය. ඉන් ඉඩම් පැහැර ගැනීම්වලට සහ බලහත්කාරයෙන් සිදුකෙරුණු සංස්කෘතික යටපත් කිරීම්වලට එරෙහිව ස්වදේශික ඇමරිකානුවන් ගේ විරෝධය අවසන් විය. ස්වදේශික ජනතාවගේ විරෝධය මර්දනය කිරීමත් සමඟ, යටත් කර ගැනීමට තවත් ‘භූමිය’  ඉතිරිව නොමැති බව එක්සත් ජනපද සංගණන කාර්යාංශය ප්‍රකාශ…
Read More
කැලෑ නීතිය සාමාන්‍ය භාවිතය වන ලෝක සමයක ආරම්භයක්..

කැලෑ නීතිය සාමාන්‍ය භාවිතය වන ලෝක සමයක ආරම්භයක්..

විද්‍යා තාක්ෂණයේ සුවිශේෂී ඉදිරි පිමි සමග ලෝකය එකම ගමක් වී ඇතැයි යන්න එම සංවර්දනයත් සමගම දැන් ලෝකයම වල් වැදෙමින් පවතීයැයි වෙනස් කිරීමට කාලය එළඹ ඇතැයි සිතේ. රටේ ජනතා ඡන්දයෙන් තේරී පත් වූ රාජ්‍ය නායකයෙකු මහ රෑ කඩා වදින හොර කණඩායමක් විසින් අත් අඩංගුවට ගෙන පැහැර ගෙන යෑමක් සිදු විය හැක්කේ වල් වැදී ඇති ලෝකයක ය. සාමය තහවුරු කොට සමානාත්මතාවය සහ ස්වෛරීත්වය පවතින ලෝකයක එවැනි දෙයක් සිදුවීම අදහා ගත නොහැකි තරම්ය. එහෙත් විසි එක්වැනි සිය වසේ පළමු කාර්තුව පසු කරන අපට දකින්නට ඇසෙන්නට ලැබෙන්නේ එවැනි දේය. කණගාටුව වන්නේ මානව අයිතිවාසිකම් සහ නීතිය පදනම් පාලනයක් ගැන කතා කරන බලවත් රටවල් මේ සියල්ල…
Read More