Health & Wellness

මේ නිදහස් සෞඛ්‍ය සේවයේ අවසානයද?

මේ නිදහස් සෞඛ්‍ය සේවයේ අවසානයද?

නව වසර උදාවත් සමඟම  “විප්ලවීය” කැබිනට් තීරණ දෙකක් එළිදක්වා ඇත. හයේ පොතේ අසභ්‍ය වෙබ් අඩවිය, අහිංසකාවියකට අපහාසකිරීම, මිහින්තලේ වනචාරියා කවුරුන්දැයි සෙවීම වැනි මහා මාතෘකා මධ්‍යයේ  05.01.2026 දින කැබිනට් තීරණ දැණුම්දීමේ පත්‍රිකාවේ අංක 04 වෙනි හා  අංක 05 වෙනි තීරණ  කිසිවෙකුගේ අවධානයට යොමු නොවීය. එසේ අවධානයට යොමුවූවත්, ඒවායේ අන්තර්ගතයේ බැරෑරුම්කම අවබෝධකර ගැනීම සෞඛ්‍ය ආර්ථික විද්‍යාව පිලිබඳ යම් දැනුමක් නැතිව අපහසුය. දැන් සිදුවෙමින් පවතින සිදුවීම් දෙස බලනවිට මේ තීරණ ඒ කැබිනට් පත්‍රිකාවට ඇතුළුකල අය පවා එහි  බැරෑරුම්කම වටහා ගෙන නොතිබියේ නම් පුදුමයක් නොවේ. මේ ලිපියෙන් පසු සිදුවීමට ඉඩ ඇත්තේ මේ තීරණය කැබිනට් පත්‍රිකාවට ඇතුළුකලේ කවුරුන්දැයි සෙවීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා, රහස් පොලීසියට පැමිණිල්ලක්…
Read More
‘..තත්ත්ව පාලනයෙන් තොරව ඖෂධ ගෙන්වීමට සම්බන්ධ සියල්ලන්ටම අපරාධ නඩු පවරා දඬුවම් දිය යුතුය..’

‘..තත්ත්ව පාලනයෙන් තොරව ඖෂධ ගෙන්වීමට සම්බන්ධ සියල්ලන්ටම අපරාධ නඩු පවරා දඬුවම් දිය යුතුය..’

ශිරාගත කරන ලද (injection ) ඖෂධ නිසා සිදුවූ මරණ සහ ඇසට දැමු ඖෂධ නිසා දෑස් අන්ධ වීම ඇතුළු අහිතකර සිදුවීම්  රාශියක් මෑත කාලයේ දී අපේ රටේ එක පෙළට සිදු විණි. මේ නිසා රෝගවලට ඖෂධ ගැනීම සම්බන්ධයෙන් සාධාරණ බියක් සාමාන්‍ය  ජනතාව තුළ දැන් පැතිරී තිබේ. ඖෂධ මෙලෙස රෝගීන්ට අහිතකර වන්නේ කොහොමද ? එම ඖෂධයෙහි  අවශ්‍ය මාත්‍රාව තිබේ දැයි සොයා බැලීමතත්ත්වයෙන් බාල සමහර ඖෂධවල, ඖෂධයට වඩා එහි අඩංගු අනෙක් ද්‍රව්‍ය වැඩි විය හැකිය. එම ඖෂධයෙහි සිරුරට හානි කරන රසායන ද්‍රව්‍ය තිබේ දැයි සොයා බැලීම. සමහර ඖෂධයන්හි එම ඖෂධයට අමතරව සිරුරට හානි කරන විවිධ රසායන ද්‍රව්‍ය අඩංගු වී තිබිය හැකිය. මීට එක් උදාහරණයක්…
Read More
බාල ඖෂධවලින් නිර්වින්දනය කර කනත්තට යවන සමාජයක්..

බාල ඖෂධවලින් නිර්වින්දනය කර කනත්තට යවන සමාජයක්..

මුලින්ම කතා බහට ලක් වූයේ ඖෂධ හිඟයකි. අත්‍යවශ්‍ය ඖෂධ පමණක් නොව පැරසිටමෝල් වැනි ඹෟෂධ පවා රජයේ රෝහල්වල නැති බව වෛද්‍යවරු මෙන්ම එම ක්ෂේත්‍රයේ වෙනත් සේවකයෝ ද පැවසූහ. සෞඛ්‍ය ඇමති ඒ ගැන කලබල වූයේ නැත. වෛද්‍යවරුන් කුමක් කීවත් අවශ්‍ය ප්‍රමාණයට ඖෂධ රෝහල් පද්ධතියට ලබා දී ඇති බව මාධ්‍යයට කීවේය. ඖෂධ හිගයන් පවතින්නේ නම් ඉන්දියානු ආධාර ක්‍රමය යටතේ ඒවා ගෙන්වා ගැනීමට කඩිනම් පියවර ගන්නා බවට ඔහු සහතික වූයේය. ඇත්තෙන්ම පසුගිය වසර කිපය තුළ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය නැතිව ඖෂධ කඩිනමෙන් ගෙනවිත් ඇත. එහෙත් හිගය පිරිමැසුණේ නැත. දෙවැනිව මතු වූ ප්‍රශ්නය නිර්වින්දන හෝ වෙනත් එන්නත් නිසා රෝහල්වල රෝගීන් මිය යෑම ය. ලෝකයේ…
Read More
බාල ඖෂධවලින් හා ප්‍රමිතියකින් තොර ප්‍රතිපත්තිවලින් රටම ලෙඩ වෙලා..

බාල ඖෂධවලින් හා ප්‍රමිතියකින් තොර ප්‍රතිපත්තිවලින් රටම ලෙඩ වෙලා..

ආහාර, නිවාස, සෞඛ්‍යය සහ අධ්‍යාපනය ශිෂ්ට සමාජයක පැවැත්ම සඳහා වෙනස් කිරීමකින් තොරව සියලු දෙනාට පහසුවෙන් ලබා ගැනීමට හැකි ආකාරයෙන් සැපයිය යුතු මහජන අවශ්‍යතා ය. මේවා මූලික අයිතිවාසිකම් සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ වෙනත් අණ පනත්වල සඳහන් නොවන නමුත් ඒවා සැපයීම සුරක්ෂිත කිරීම සෑම රජයකම වගකීමකි. ඇත්තෙන්ම රජයක් අවශ්‍ය වන්නේත් ආණ්ඩුවකින් කළ යුතු වන්නේත් මෙම මූලික අවශ්‍යතා ජනතාවට සැපයීමය. සංවර්ධනයේ මිනුම් දණ්ඩක් වන්නේ එම මූලික අවශ්‍යතා ජනතාව භුක්ති විඳින ප්‍රමාණය යි. බංකොළොත් වී ඇති ලංකාවේ ආහාර සැපයුම සහ සෞඛ්‍ය ආරක්ෂාව අද වෙන කවදාවටත් වඩා පිරිහී පහත වැටී ඇති බව දිනපතාම සමාජ මාධ්‍යයේ සහ ජන මාධ්‍යයේ පළ වන පුවත් වාර්තාවලින් නිතර දැක්වේ. අක්ෂි…
Read More
ජාතියේ අනාගතය වනසන ළමා මන්දපෝෂණය..

ජාතියේ අනාගතය වනසන ළමා මන්දපෝෂණය..

අපි වර්තමානයේ මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මන්දපෝෂණය කියලා කියන්නේ. මන්දපෝෂණය මනින ප්‍රධාන විදි තුනක් තියෙනවා. එක තමයි බර මැනීම. දෙවැනි විදිය තමයි උස මැනීම. මේ දෙකම ප්‍රස්තාරයට දාලා උසට සරිලන බර තියනවද කියලා බලන එක තමයි තුන්වෙනි විදිය. බර උස සහ කෘෂ බව මැනිම තමයි මන්දපෝෂණය මැනීමේ ප්‍රධානම ක්‍රමවේද තුන වෙන්නේ. මන්දපෝෂණය ඇති වන විධි කීපයක් තියෙනවා. එක තමයි කැලරි උනතාවය ප්‍රොටීන් ඌනතාවය නිසා ඇති වන මන්දපෝෂණය සහ ක්ෂුද්‍ර රසායන අංශු නිසා ඇතිවන මන්දපෝෂණය ආදී ලෙස එය සඳහන් කළ හැකිය. යම් දරුවකුගේ උස බර ප්‍රමාණවත්ව තිබුනත් යකඩ හෝ වෙනත් විටමින් වර්ගයක ඌනතාවය නිසා මන්දපෝෂණය ඇතිවන අවස්ථා ඕනෑතරම් දැකගත හැකියි.…
Read More