ඇත්ත තිත්ත වීමට ඉස්සර,. වස කනවද? පලිබෝධ නාශක පාලනය කරනවද?
ගොඨාභය රාජපක්ෂ පාලන සමයේ අවිධිමත්ව ස්ථාපිත කරන්නට උත්සාහ ගත් කාබනික වගා සංග්‍රාමය උපන්ගෙයිම මිය ගියේ ගොවියා කබලෙන් ලිපට වට්ටමින් හා ආණ්ඩුවට ගෙදර යන්නට එක් බලවත් හේතුවක්ද වෙමිනි. අදවනවිට, තමන්ම ගෙවත්තේ වවා ගතහොත් හෝ ඉහළ මිළක් ගෙවා සුපිරි වෙළඳසැළකින් මිළට ගතහොත් හෝ නොවන්නට කාබනික ආහාර පරිභෝජනයට අවස්ථාව අහිමි මෙරට ජනයාට වස යෙදූ බව දැන දැනම එළවලු ඇතුළු සෙසු ආහාර පරිභෝජනය කරන්නට සිදුව ඇත. ඊට හේතුව කාබනික ආහාර සුලබ නොවීම හා කාබනික වගාවට පමණක් යොමුවීම දුෂ්කර වීමයි. එසේම උඩරට හා පහතරට එළවළු වර්ග බොහෝමයක් කෘෂි රසායනික නොයොදා වගා කළ නොහැකි බව ගොවීන්ගේ අත්දැකීමයි. ලංකාවේ කෘෂිකර්මාන්තයේ ස්වභාවය අනුව සම්පූර්ණයෙන්ම කාබනික ගොවිතැනට යොමුවීම ප්‍රායෝගික…