කිරිපෝරුවේ පුෂ්පලතා; නිෂ්පාදන ඉලක්ක හමුවේ පලමු බිල්ල..
නිෂ්පාදන ක්ෂේත්‍රයේ අසීමිත ඉලක්ක හඹායාමේදී කම්කරුවන් මුහුණ දෙන දුෂ්කර වැඩ කොන්දේසි පිලිබඳ කතා බහ දශක ගණනාවක් පුරාවට දිවෙයි. ඒ ගැන යළිත් කරලියට පැමිණෙන්නේ ඇඟළුම් කම්කරු ස්ත්‍රියකගේ මරණයත් සමඟය. මෙවැනි අධික වැඩ කොන්දේසි හමුවේ කම්කරුවන්ට අධික තෙහෙට්ටුව හා මානසික ආතතතියට පත්ව රෝගී වුවද, අවශ්‍ය ඉලක්ක සපුරාලීමට බල කෙරනු ඇත. ලෝක කම්කරු සංවිධානය මගින් වැඩබිමේ ආරක්ෂාව හා සෞඛ්‍ය ගැන සම්මුතීන් සකස් කර තිබුන ද ඒවා ප්‍රායෝගික යථාර්ථයක් වන්නේ ඉතාමත් අවම වශයෙනි. ලංකාවේ වාර්ෂික ව වැඩබිමේ සිදුවන මාරාන්තික නොවන අනතුරු 2,000ක් ද, මාරාන්තික අනතුරු 60-80ක් ආසන්න වන බව ලෝක කම්කරු සංවිධානයේ නවතම වාර්තා පෙන්වා දී ඇත. රෝගී වුවද ඇණවුමට අදාළ නිෂ්පාදන ඉලක්ක සපුරාලීමට…