Socio-Political

දැල් දමා දිට්වා සුළි කුණාටුව මර්දනය කිරීමට වෙර දැරීම..

දැල් දමා දිට්වා සුළි කුණාටුව මර්දනය කිරීමට වෙර දැරීම..

කෙබඳු හෝ ප්‍රශ්නයක් විසඳීමේ මුල්ම පියවර විය යුත්තේ එය නිවැරදිව හඳුනා ගැනීමයි. එසේ නොමැතිව ආවේගශීලීව හෝ වෙනත් බලපෑම් මත ප්‍රතිචාර දැක්වීමෙන් සිදු වන්නේ ප්‍රශ්නය වඩාත් තීව්‍රවී මහත් අවුල් තත්වයකට පත්විමය. මෑත ඉතිහාසයේ ලංකාව මුහුණ පෑ බරපතළම ව්‍යසනය වූ දිට්වා කුණාටුවට ආණ්ඩුවත් විපක්ෂයත් ප්‍රතිචාර දැක් වූ ආකාරයෙන් පැහැදිලි වන්නේ මෙම දෙපාර්ශ්වයටම සිදුව ඇති ඛේදවාචකයේ ස්වභාවය සහ ඊට මුහුණ දිය යුතු ආකාරය ගැන පැහැදිලි අවබෝධයක් නැතිකමය. පළමුවෙන්ම ව්‍යසනයට විපක්ෂය ප්‍රතිචාර දැක් වූයේ සුපුරුදු  ආකාරයට පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත් විය යුතුය යනුවෙනි. එය රාත්‍රි දොළහ වන තෙක් හෝ පැවැත්විමට විපක්ෂය එකඟවන්නේ යැයි විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මංත්‍රීවරයෙකු වු කබීර් හෂීම් පැවසුවේ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන කිසිම විවාදයකින් අර්ථවත්…
Read More
සේවකයින් මගහැර ධනවතුන්ට ලස්සන පොහොසත් රටක් ගොඩ නැගීම..

සේවකයින් මගහැර ධනවතුන්ට ලස්සන පොහොසත් රටක් ගොඩ නැගීම..

ජනාධිපති අනුර කුමාර දිසානායක මුදල් ඇමති ලෙස ඉදිරිපත් කළ දෙවන අයවැය ලේඛනය දැනටමත් බොහෝ දෙනෙකුගේ කතා බහට ලක්ව ඇත. දරා ගත නොහැකි ජීවන බරින් පෙළෙන ජනතාව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා සහනයක් බලා පොරොත්තු වූ අතර වෛද්‍යවරු සහ වෙනත් වෘත්තිකයෝ බදු සහන බලාපොරොත්තු වූහ. මෙම අයවැයෙන් අලුතින් බදු කිසිවක් පනවන්නේ නැති බව කලින්ම ප්‍රකාශ කර තිබුණ නිසා වෙළඳ ව්‍යාපාරිකයන් සහ ආයෝජකයන් අයවැය තුළින් වෙනසක් බලාපොරොත්තු නොවන්නට ඇත. මෙම අයවැයෙන් ඉදිරිපත් කළ පෙරළිකාර යෝජනාව වූයේ වතුකම්කරුවන් ගේ වැටුප රු.200කින් වැඩි කිරීම සහ පැමිණීමේ දිරි දීමනාවක් වශයෙන් භාණ්ඩාගාරයෙන් සහනාධාරයක් වශයෙන් ඔවුන්ට තවත් රු. 200 ක් ගෙවීම ය. ඒ අනුව වතු කම්කරුවන්ගේ වැටුප රු.…
Read More
කිරිපෝරුවේ  පුෂ්පලතා; නිෂ්පාදන ඉලක්ක හමුවේ පලමු බිල්ල..

කිරිපෝරුවේ  පුෂ්පලතා; නිෂ්පාදන ඉලක්ක හමුවේ පලමු බිල්ල..

නිෂ්පාදන ක්ෂේත්‍රයේ අසීමිත ඉලක්ක හඹායාමේදී කම්කරුවන් මුහුණ දෙන  දුෂ්කර වැඩ කොන්දේසි පිලිබඳ කතා බහ දශක ගණනාවක් පුරාවට දිවෙයි. ඒ ගැන  යළිත් කරලියට  පැමිණෙන්නේ  ඇඟළුම් කම්කරු ස්ත්‍රියකගේ මරණයත් සමඟය.  මෙවැනි අධික වැඩ කොන්දේසි හමුවේ කම්කරුවන්ට අධික තෙහෙට්ටුව හා මානසික ආතතතියට පත්ව රෝගී වුවද, අවශ්‍ය ඉලක්ක සපුරාලීමට බල කෙරනු ඇත. ලෝක කම්කරු සංවිධානය මගින් වැඩබිමේ ආරක්ෂාව හා සෞඛ්‍ය ගැන සම්මුතීන් සකස් කර තිබුන ද ඒවා ප්‍රායෝගික යථාර්ථයක් වන්නේ ඉතාමත් අවම වශයෙනි. ලංකාවේ වාර්ෂික ව වැඩබිමේ සිදුවන  මාරාන්තික නොවන  අනතුරු 2,000ක් ද, මාරාන්තික අනතුරු 60-80ක් ආසන්න වන බව ලෝක කම්කරු සංවිධානයේ නවතම වාර්තා පෙන්වා දී ඇත. රෝගී වුවද ඇණවුමට අදාළ නිෂ්පාදන ඉලක්ක සපුරාලීමට…
Read More
සුළු ධනේශ්වරයේ බයාදුකම පෙන්වන ආර්ථික ගමන් මග..

සුළු ධනේශ්වරයේ බයාදුකම පෙන්වන ආර්ථික ගමන් මග..

ආර්ථික අර්බුදය ඇතිවන්නේ 2021/ 2022 දී ද? නැත. ආර්ථික පසුබැසීම ඇරඹෙන්නේ 2016/17 සමයේ. දෙවන පාද ව්‍යුහ බුබුල  (infrastructure bubble) පිපිරී යාම සමගය. මෙය IMF මැදිහත්වීම හා සමපාත වේ. ඒ මැදිහත්වීම පසුබැස්ම ආපහු හැරවීමට අසමත් වින. ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යෝජනා කළේ  ISD විකුණා ණය ගැන්මය. ප්‍රතිකර්ම දෙකම වැඩ කරේ නැත. 2020 ආර්ථික වෘද්ධි වේගය සෘණ අගයක් ගත්තේ ය. ගෝඨාභය ආංඩුවට ද, ලෙඩට බෙහෙතක් හොයාගත නොහැකි විය. විදේශ ණය සුලුවෙන් අඩුකොට දේශීය ණය මගින් හිලව් කිරීම, බදු සහන හා කෘෂිකර්මික ප්‍රතිසංස්කරණ විසදුම් නො විය. කෝවිඩ් වසංගතය තත්වය නරක් කෙරින. තවත් ණය නොගත හැකි තරමට ණයබර වැඩිවිය. 2021/22 වූයේ කුමක් ද? ආර්ථික පසුබැස්ම…
Read More
වෘත්තීය සමිති ඉදිරියේ  ආණ්ඩුව දණ නැමුවාද..?

වෘත්තීය සමිති ඉදිරියේ  ආණ්ඩුව දණ නැමුවාද..?

වෘත්තීය සමිති ව්‍යාපාරයට   විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා දෙමින්,  කම්කරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්වූ සේවය අවසන් කිරීමේ පනත නැවතත් රටපුරාම බලාත්මක කිරීමේ නියෝගයක්  අධිකරණය මගින් පැනවිණි. ඒ කොළඹ වරාය නගර ආර්ථික කොමිසම් සභාව යටතේ තිබෙන සමාගම් හතරකට බදු සහන හා කම්කරු නීති බලාත්මක නොවන ලෙසට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉකුත් ජුලි 14 වැනිදා අංක 2445/2, 2445/3, 2445/4 සහ අංක 2445/5 ලෙස  නිකුත් කළ ගැසට් නිවේදන  හතරක්  ආපසු කැඳවීම මගිනි. මෙම ගැසට් නිවේදනයට එරෙහිව නඩුව විටින් විට දින තුනක් කැඳවීමෙන් අනතුරුව   අභියාචනාධිකරණයේ දී ඉකුත් 27 වැනිදා  කැඳවූ  අවස්ථාවේදී ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටී නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥයා විසින් ආණ්ඩුවේ තීරණය දැනුම් දී තිබිණ.  ගැසට්ටු හතරක් ආපස්සට…
Read More
ආහාර නිෂ්පාදනයට නව දැක්මක් අවශ්‍යව තිබේ..

ආහාර නිෂ්පාදනයට නව දැක්මක් අවශ්‍යව තිබේ..

නව රජයේ ආහාර නිෂ්පාදනය පිළිබඳ උපාය මාර්ගික සැලසුම මගින් ආහාර නිපදවන්නන්ගේ ආරක්ෂාව හා මන්දපෝෂණය තුරන් කිරීමට නොහැකි බව  ඉඩම් හා කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය[MONLAR] ලෝක ආහාර දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී තිබේ. ඔක්තෝබර් 16 වැනිදාට යෙදෙන  ලෝක ආහාර දිනය  ලොව පුරා රාජ්‍යයන් විසින් සමරනු ලබන්නකි. ඒ අතරතුර ම  සාගින්න, මන්දපෝෂණය, දුප්පත්කම, දේශගුණික බලපෑම්,  ණය බර දරා ගත නො හැකිව ලෝ පුරා  මිලියන ගණන්  ජනයා  කුසගින්නේ හෝ මරණ මංචකයේ සිටිනු ඇත.  මේ මොහොත වන විටත් බිලියන 10 ක ජනතාවක් පෝෂණය කිරීමට ප්‍රමාණවත් ආහාර නිෂ්පාදනයක් තිබුන ද  මිනිසුන් සාගින්නෙන් මියයාම මහත් ගැටළුවකි. එම නිසාම  සැමරීමකින් එහාට ආහාර දිනය යථාර්තයක් කිරීමට ගෝලීය බලවතුන් අසමත් වී ඇත. එහෙත් දහස් ගණන් ගැමි ගොවීන්, ධීවරයන්, ආදිවාසීන්, කෘෂිකාර්මික කම්කරුවන් මෙන්ම පාරිභෝගිකයන් ද විරෝධය පාමින් විදි…
Read More
IMF විසින් නිර්මාණය කළ  දුප්පතුන්ට පහර දී ධනවතුන් ඉතිරි කිරීම: සමාජ ස්ථාවරත්වය අහිමි කිරීම..

IMF විසින් නිර්මාණය කළ  දුප්පතුන්ට පහර දී ධනවතුන් ඉතිරි කිරීම: සමාජ ස්ථාවරත්වය අහිමි කිරීම..

2020 ගණන් ගෝලීය දකුණේ පීඩාවේ දශකයක් බවට පත්ව ඇත. සංවර්ධනය වෙමින් පවතින රටවල් අතුරින් අඩක් පමණ දැන් ණය අර්බුදයක සිටින අතර, 2010 සිට තත්ත්වය තවත් පිරිහී ඇත. 2008 ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසුව, බටහිරින් ලැබුණු මූල්‍ය ප්‍රාග්ධනය ශ්‍රී ලංකාව වැනි ඊනියා නැගී එන වෙළඳපොළවල් වෙත ගලා ආවේය. මෙවැනි ඉහළ පිරිවැයක් සහිත ප්‍රාග්ධනය යටිතල පහසුකම් සුඛෝපභෝගී පරිභෝජනය සඳහා අවශෝෂණය කර ගත් අතර අපේ රටවල එය පැවතියේ කෙටි කාලයකි. ප්‍රමාණවත් ප්‍රතිලාභ නොමැතිව සහ දැවැන්ත ණය බරක් සහිතව, බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල් දැන් ණය ආපසු ගෙවීමට අපහසු තත්ත්වයකට පත්ව ඇත. එක්සත් ජාතීන්ගේ වෙළඳ හා සංවර්ධන සමුළුවේ (UNCTAD) මේ වසරේ නිකුත් කරන ලද ‘ණයෙන්…
Read More
සුළං මෝල් -වැලි කැණීම් මැද මන්නාරමේ ගිනිපුපුරු..

සුළං මෝල් -වැලි කැණීම් මැද මන්නාරමේ ගිනිපුපුරු..

මන්නාරම් දුපත්වැසියන්ගේ  ජන දිවියට හා පරිසරයට වන බලපෑම නොතකා මෙතෙක් පැවති ආණ්ඩු විසින් ගෙනගිය බලහත්කාරී සංවර්ධන ව්‍යාපෘතීන්ට එරෙහිව මතු වූ විරෝධය  සමනය කිරීමට පොලිසිය යොදවා පහර දීම, තත්වය තවත්  උණුසුම් වීමට බලපෑමක්විය. පුනර්ජනනිය බලශක්තියට තමන් එරෙහි නොවුවද  උද්ඝෝෂකයන් පවසන්නේ  මන්නාරම් දුපතෙන් ඔබ්බට මෙම ව්‍යාපෘති රැගෙන යන ලෙසය. කුඩා කොදෙව්වක් වූ එයට මහාපරිමාණ සුළං මෝල් ව්‍යාපෘති තවත් දරාගත නොහැකිය. මන්නාරම් දුපත පුනර්ජනනීය විදුලි බල ව්‍යාපෘති වෙනුවෙන් යෝග්‍ය කළාපයක් ලෙස තෝරා ගැනෙන්නේ මිට දස වසකට ඔබ්බෙනි. විශේෂයෙන් සුළං විදුලි බල ව්‍යාපෘති සඳහාය. ලෝක බැංකුව විසින් 2000 වසරේදී සම්පාදනය කරනු ලැබූ වාර්තාවක් මගින් ලංකාවේ සුළං විදුලි බලය ජනනය කිරීමේ විභය පවතින ප්‍රදේශ කිහිපයක්…
Read More
දරුවන්ට ශාරීරික දඬුවම්දීම  වැරදියි..

දරුවන්ට ශාරීරික දඬුවම්දීම  වැරදියි..

පාසල්වලදී දරුවන්ට ශාරීරික දඬුවම්දීම නතර කිරීම සඳහා  දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන ඇති කිරීම සම්බන්ධයෙන් සමාජයේ විවිධ  පාර්ශවයන් මීට පක්ෂව සහ විපක්ෂව මේ දිනවල තම අදහස් දක්වයි. ගරු ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ද නිවේදනයක් නිකුත් කරමින් ඊට සිය විරෝධය පළ කර තිබේ. සමාජයේ මේ කතිකාවතට හේතු වී තිබෙන්නේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර මේ වන විට මෙය දෙවරක් කියවා අවසාන කර ඇති දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන පිළිබඳ කෙටුම්පතයි. වෘත්තීය සමිති නායකයින් හා ඇතැම් විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ද පාසලක විනය පවත්වා ගැනීමට මෙමගින් බාධා පැමිණේ යයි යන සැකය නිසා මේ ගැන බියවී ඇති බව පෙනේ. දරුවන් යනු හඬක් නැති, ඡන්ද බලයක්  නැති පිරිසකි. ඒ නිසා ඒ…
Read More
වතු කම්කරු වැටුප් වැඩි වීම් අද නොවේ හෙට ..

වතු කම්කරු වැටුප් වැඩි වීම් අද නොවේ හෙට ..

රාජ්‍ය අංශයට වඩා පෞද්ගලික අංශයට වතු කළමනාකරණය කළ හැකිය යන වැරදි මතයක් මත සමාගම් 22 කට වතු කළමනාකාරිත්වය බාර දී ඇත. අවාසනාවකට මෙන් ඇතැම් සමාගම්වල වකම කළමනාකරණ උපායමාර්ග ලෙස පෙනී යන්නේ කම්කරුවන් භුක්ති විඳින ඕනෑම මුල්‍ය සහ වෙනත් අයිතීන් අහිමි කිරීමෙන් ඔවුන්ගේ ලාභය උපරිම කර ගැනීමයි. පෞද්ගලික කළමනාකාරිත්වය යටතේ මෙන්ම දැනට රාජ්‍ය පාලනයේ ඇති වතුවල කම්කරුවන්ට, දෛනික වැටුප් ලබන අනෙකුත් කම්කරුවන් හා සසඳන විට ලැබෙන අඩුම වැටුපකි. මෙම තත්වය ඔවුන් දරිද්‍රතාවයට තල්ලු කරයි. සමාගම් වල කම්කරු විරෝධී ක්‍රියා අතර ස්වාධීන අනියම් සේවකයන්ගේ සේවක පදනමක් පිහිටුවීමේ පියවරක් වන බාහිර වගා ක්‍රමය [outgrow system] පුළුල් කිරීම, අත්තනෝමතික ලෙස සේවා ඉලක්ක සහ සම්මතයන්…
Read More