රවීණ හින්දි පරිවර්තක ඩී. පී. සමරසිංහගේ සාහිත්‍ය මෙහෙවර ඇගයීමේ උළෙල අප්‍රේල් 30 දා..
ප්‍රවීණ ලේඛක සහ හින්දි පරිවර්තක ඩී. පී. සමරසිංහ පරිවර්තනය කළ ‘කර්නල් හැපී’ ග්‍රන්ථයේ නවතම මුද්‍රණය එළිදැක්වීම සහ ඔහුගේ 35 වසරක සාහිත්‍ය නිර්මාණ මෙහෙවර ඇගයීමේ විශේෂ උළෙල, ‘35 වර්ෂෝන් කා අනුවාද් කේ ලියේ ප්‍රණාම්’ අප්‍රේල් මස 30 වැනිදා පස්වරු 1.00 සිට 5.00 දක්වා කොළඹ මහජන පුස්තකාල ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. සම්භාවනීය විද්වතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම උළෙලේදී, ‘කර්නල් හැපී’ ග්‍රන්ථයේ නවතම මුද්‍රණය කතෘ ප්‍රකාශනයක් ලෙස එළිදැක්වෙන අතර, ඔහුගේ ජනප්‍රිය කෘතියක් වන ‘දඟකාර මහල්ලා’ ග්‍රන්ථයේ නවතම මුද්‍රණය ද ඉදිරි සාහිත්‍ය උත්සවය වෙනුවෙන් නිකුත් කිරීමට නියමිතය. ඩී. පී. සමරසිංහ 1978 වසරේ සිට හින්දි භාෂාවෙන් පළවූ නවකතා සහ කෙටිකතා සෘජුවම සිංහලට පරිවර්තනය කරමින්…