Environmental & Climate Issues

සුළං මෝල් -වැලි කැණීම් මැද මන්නාරමේ ගිනිපුපුරු..

සුළං මෝල් -වැලි කැණීම් මැද මන්නාරමේ ගිනිපුපුරු..

මන්නාරම් දුපත්වැසියන්ගේ  ජන දිවියට හා පරිසරයට වන බලපෑම නොතකා මෙතෙක් පැවති ආණ්ඩු විසින් ගෙනගිය බලහත්කාරී සංවර්ධන ව්‍යාපෘතීන්ට එරෙහිව මතු වූ විරෝධය  සමනය කිරීමට පොලිසිය යොදවා පහර දීම, තත්වය තවත්  උණුසුම් වීමට බලපෑමක්විය. පුනර්ජනනිය බලශක්තියට තමන් එරෙහි නොවුවද  උද්ඝෝෂකයන් පවසන්නේ  මන්නාරම් දුපතෙන් ඔබ්බට මෙම ව්‍යාපෘති රැගෙන යන ලෙසය. කුඩා කොදෙව්වක් වූ එයට මහාපරිමාණ සුළං මෝල් ව්‍යාපෘති තවත් දරාගත නොහැකිය. මන්නාරම් දුපත පුනර්ජනනීය විදුලි බල ව්‍යාපෘති වෙනුවෙන් යෝග්‍ය කළාපයක් ලෙස තෝරා ගැනෙන්නේ මිට දස වසකට ඔබ්බෙනි. විශේෂයෙන් සුළං විදුලි බල ව්‍යාපෘති සඳහාය. ලෝක බැංකුව විසින් 2000 වසරේදී සම්පාදනය කරනු ලැබූ වාර්තාවක් මගින් ලංකාවේ සුළං විදුලි බලය ජනනය කිරීමේ විභය පවතින ප්‍රදේශ කිහිපයක්…
Read More
වියතුන් තැනූ “මෝඩ බැම්ම”ක් නිසා දුක්විඳින මාතර මිනිස්සු

වියතුන් තැනූ “මෝඩ බැම්ම”ක් නිසා දුක්විඳින මාතර මිනිස්සු

ලංකාවේ ගොවින් සදහටම දුක් විඳින්නන්ය. වැස්ස, නියඟය, අලි පාලු කිරිම, ණය බර, අතරමැදියන් ගසා කෑම , අධික පොහොර මිල වැනි මෙකී නොකී සියලු සියළු දෑ නිසා අපේ ගොවින් සදා දුකින් පෙළේ. මේ දුකින් පෙළෙන්නන් අතරට අමුතු ගැටලුවක් නිසා එකතුවී ඇති පිරිස මාතර දිස්ත්‍රික්කයේ ගොවියන්ය. මෙය සිදුව ඇත්තේ ලංකාවේ මෙතෙක් නොඇසූ අලුත්ම හේතුවක් නිසාය. මේ ගැටලුවට මුල මාතර දිස්ත්‍රික්කය හරහා ගලන නිල්වලා ගඟ හරහා මෑතදී බඳින ලද බැම්මකි. දුරදිග නොබලා  වර්ෂ 2019 දී ඉදිකිරිම ආරම්භවූ මේ බැම්ම නිසා දුක් විඳින්නේ ගොවියන් පමණක් නොවේ. මේ නිසා ගොවියන් නොවන වැසියන්ට තම ගෙවල් දොරවල් වසරකට කිහිපවරක් ගංවතුරට යටවනු හිසෙහි අතගසා බලා සිටීමට සිදුවී තිබේ.…
Read More