Natural Disasters

දැල් දමා දිට්වා සුළි කුණාටුව මර්දනය කිරීමට වෙර දැරීම..

දැල් දමා දිට්වා සුළි කුණාටුව මර්දනය කිරීමට වෙර දැරීම..

කෙබඳු හෝ ප්‍රශ්නයක් විසඳීමේ මුල්ම පියවර විය යුත්තේ එය නිවැරදිව හඳුනා ගැනීමයි. එසේ නොමැතිව ආවේගශීලීව හෝ වෙනත් බලපෑම් මත ප්‍රතිචාර දැක්වීමෙන් සිදු වන්නේ ප්‍රශ්නය වඩාත් තීව්‍රවී මහත් අවුල් තත්වයකට පත්විමය. මෑත ඉතිහාසයේ ලංකාව මුහුණ පෑ බරපතළම ව්‍යසනය වූ දිට්වා කුණාටුවට ආණ්ඩුවත් විපක්ෂයත් ප්‍රතිචාර දැක් වූ ආකාරයෙන් පැහැදිලි වන්නේ මෙම දෙපාර්ශ්වයටම සිදුව ඇති ඛේදවාචකයේ ස්වභාවය සහ ඊට මුහුණ දිය යුතු ආකාරය ගැන පැහැදිලි අවබෝධයක් නැතිකමය. පළමුවෙන්ම ව්‍යසනයට විපක්ෂය ප්‍රතිචාර දැක් වූයේ සුපුරුදු  ආකාරයට පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත් විය යුතුය යනුවෙනි. එය රාත්‍රි දොළහ වන තෙක් හෝ පැවැත්විමට විපක්ෂය එකඟවන්නේ යැයි විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මංත්‍රීවරයෙකු වු කබීර් හෂීම් පැවසුවේ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන කිසිම විවාදයකින් අර්ථවත්…
Read More