ආහාර නිෂ්පාදනයට නව දැක්මක් අවශ්‍යව තිබේ..
නව රජයේ ආහාර නිෂ්පාදනය පිළිබඳ උපාය මාර්ගික සැලසුම මගින් ආහාර නිපදවන්නන්ගේ ආරක්ෂාව හා මන්දපෝෂණය තුරන් කිරීමට නොහැකි බව ඉඩම් හා කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය[MONLAR] ලෝක ආහාර දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී තිබේ. ඔක්තෝබර් 16 වැනිදාට යෙදෙන ලෝක ආහාර දිනය ලොව පුරා රාජ්‍යයන් විසින් සමරනු ලබන්නකි. ඒ අතරතුර ම සාගින්න, මන්දපෝෂණය, දුප්පත්කම, දේශගුණික බලපෑම්, ණය බර දරා ගත නො හැකිව ලෝ පුරා මිලියන ගණන් ජනයා කුසගින්නේ හෝ මරණ මංචකයේ සිටිනු ඇත. මේ මොහොත වන විටත් බිලියන 10 ක ජනතාවක් පෝෂණය කිරීමට ප්‍රමාණවත් ආහාර නිෂ්පාදනයක් තිබුන ද මිනිසුන් සාගින්නෙන් මියයාම මහත් ගැටළුවකි. එම නිසාම සැමරීමකින් එහාට ආහාර දිනය යථාර්තයක් කිරීමට ගෝලීය බලවතුන් අසමත් වී ඇත. එහෙත් දහස් ගණන් ගැමි ගොවීන්, ධීවරයන්, ආදිවාසීන්, කෘෂිකාර්මික කම්කරුවන් මෙන්ම පාරිභෝගිකයන් ද විරෝධය පාමින් විදි…