Blog

අවශ්‍යවන්නේ හරවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක්..

අවශ්‍යවන්නේ හරවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක්..

පහත පලවන්නේ සිවමෝහන් සුමති විසින් Sunday Island Online වෙබ් අඩවියට සැපයූ ලිපියක Ai පරිවර්තනයකි. සංස්කරණය ‘විවරණ’ විසිනි.සිවමෝහන් සුමති මහත්මිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්යවරියකි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව ඇති වූ දැඩි උනන්දුව තරමක් දුරට පහව ගොස් ඇතත්, එම ප්‍රතිසංස්කරණ වටා ඇති ආන්දෝලනය තවමත් පවතී. මා මෙහිදී ‘ආන්දෝලනය’ ලෙස හඳුන්වන්නේ හයවන ශ්‍රේණියේ ඉංග්‍රීසි පෙළ පොතක අන්තර්ජාල අඩවියක වැරදි සබැඳියක් මුද්‍රණය වීම සම්බන්ධයෙන් ඇති වූ ආන්දෝලනය පිළිබඳව නොවේ. එම අර්බුදය තුළින්  අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය වෙත එල්ල වූයේ දරුණු සහ අසාධාරණ ප්‍රහාරයකි. එහෙත් එතැන් සිට මෙම ප්‍රතිසංස්කරණ ගැන වෙනත් මූලික ගැටලු මතු වී ඇති අතර, ඒවා පිළිබඳව කඩිනම් සාකච්ඡාවක් මෙන්ම වැඩිදුර විශ්ලේෂණය සහ ක්‍රියාමාර්ග සඳහා…
Read More
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කුමන අරමුණක් උදෙසාද?

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කුමන අරමුණක් උදෙසාද?

පහත පලවන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ප්‍රකාශයක, Ai පරිවර්තනයකි. සංස්කරණය ‘විවරණ’ විසිනි. රටේ අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම NPP රජයේ ප්‍රධානතම වැඩපිළිවෙළක් වන අතර, බලයට පත් වූ වහාම රජය අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ‘පරිවර්තනීය’ වෙනස්කම් ඇති කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළේය. අධ්‍යාපනය සඳහා වූ අයවැය ප්‍රතිපාදන දළ දේශීය නිෂ්පාදිතයෙන්  2% දක්වා වැඩි කර ඇත (2023 වසරේදී එය 1 .8% ක් විය). මෙම වැඩිවීම ප්‍රමාණවත් නොවුණද, යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, අලුතින් ගුරුවරුන් බඳවා ගැනීම, පාසල්වල පහසුකම් ඉහළ නැංවීම සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හදිසි අවශ්‍යතාවක් ලෙස හඳුනා ගැනීම වැනි කටයුතු සඳහා රජය ප්‍රතිඥා දී තිබේ. මේවා සාදරයෙන් පිළිගත හැකි පියවරයන් වුවද, දැනට ක්‍රියාත්මක වෙමින් පවතින…
Read More
මේ නිදහස් සෞඛ්‍ය සේවයේ අවසානයද?

මේ නිදහස් සෞඛ්‍ය සේවයේ අවසානයද?

නව වසර උදාවත් සමඟම  “විප්ලවීය” කැබිනට් තීරණ දෙකක් එළිදක්වා ඇත. හයේ පොතේ අසභ්‍ය වෙබ් අඩවිය, අහිංසකාවියකට අපහාසකිරීම, මිහින්තලේ වනචාරියා කවුරුන්දැයි සෙවීම වැනි මහා මාතෘකා මධ්‍යයේ  05.01.2026 දින කැබිනට් තීරණ දැණුම්දීමේ පත්‍රිකාවේ අංක 04 වෙනි හා  අංක 05 වෙනි තීරණ  කිසිවෙකුගේ අවධානයට යොමු නොවීය. එසේ අවධානයට යොමුවූවත්, ඒවායේ අන්තර්ගතයේ බැරෑරුම්කම අවබෝධකර ගැනීම සෞඛ්‍ය ආර්ථික විද්‍යාව පිලිබඳ යම් දැනුමක් නැතිව අපහසුය. දැන් සිදුවෙමින් පවතින සිදුවීම් දෙස බලනවිට මේ තීරණ ඒ කැබිනට් පත්‍රිකාවට ඇතුළුකල අය පවා එහි  බැරෑරුම්කම වටහා ගෙන නොතිබියේ නම් පුදුමයක් නොවේ. මේ ලිපියෙන් පසු සිදුවීමට ඉඩ ඇත්තේ මේ තීරණය කැබිනට් පත්‍රිකාවට ඇතුළුකලේ කවුරුන්දැයි සෙවීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා, රහස් පොලීසියට පැමිණිල්ලක්…
Read More
ට්‍රම්ප්ගේ (පැරණි) ලෝක සමය තුළ මාවතක් සොයා යෑම..

ට්‍රම්ප්ගේ (පැරණි) ලෝක සමය තුළ මාවතක් සොයා යෑම..

මෙය, තිසරණී ගුණසේකර විසින් Daily FT වෙබ්අඩවියට සම්පාදනය කල ලිපියක Ai පරිවර්තනයකි. සංස්කරණය ‘විවරණ’ විසිනි. මරිකා එක්සත් ජනපදය ස්වදේශික ඇමරිකානුවන්ට එරෙහි අවසන් ප්‍රහාරය දියත් කළේ දකුණු ඩැකෝටා ප්‍රාන්තයේ වයිට් රිවර් (සුදු නදිය) හි අතු ගංගාවක් වන වුන්ඩඩ් නී ක්‍රීක් (Wounded Knee Creek) ප්‍රදේශයේදීය. 1890 දෙසැම්බර් මාසයේදී ඇමරිකානු හමුදාව විසින් 300කට ආසන්න ලැකෝටා (Lakota) ජාතිකයන් පිරිසක් සමූලඝාතනය කළ අතර ඔවුන්ගෙන් වැඩි පිරිසක් කාන්තාවන් සහ දරුවන්ය. ඉන් ඉඩම් පැහැර ගැනීම්වලට සහ බලහත්කාරයෙන් සිදුකෙරුණු සංස්කෘතික යටපත් කිරීම්වලට එරෙහිව ස්වදේශික ඇමරිකානුවන් ගේ විරෝධය අවසන් විය. ස්වදේශික ජනතාවගේ විරෝධය මර්දනය කිරීමත් සමඟ, යටත් කර ගැනීමට තවත් ‘භූමිය’  ඉතිරිව නොමැති බව එක්සත් ජනපද සංගණන කාර්යාංශය ප්‍රකාශ…
Read More
කැලෑ නීතිය සාමාන්‍ය භාවිතය වන ලෝක සමයක ආරම්භයක්..

කැලෑ නීතිය සාමාන්‍ය භාවිතය වන ලෝක සමයක ආරම්භයක්..

විද්‍යා තාක්ෂණයේ සුවිශේෂී ඉදිරි පිමි සමග ලෝකය එකම ගමක් වී ඇතැයි යන්න එම සංවර්දනයත් සමගම දැන් ලෝකයම වල් වැදෙමින් පවතීයැයි වෙනස් කිරීමට කාලය එළඹ ඇතැයි සිතේ. රටේ ජනතා ඡන්දයෙන් තේරී පත් වූ රාජ්‍ය නායකයෙකු මහ රෑ කඩා වදින හොර කණඩායමක් විසින් අත් අඩංගුවට ගෙන පැහැර ගෙන යෑමක් සිදු විය හැක්කේ වල් වැදී ඇති ලෝකයක ය. සාමය තහවුරු කොට සමානාත්මතාවය සහ ස්වෛරීත්වය පවතින ලෝකයක එවැනි දෙයක් සිදුවීම අදහා ගත නොහැකි තරම්ය. එහෙත් විසි එක්වැනි සිය වසේ පළමු කාර්තුව පසු කරන අපට දකින්නට ඇසෙන්නට ලැබෙන්නේ එවැනි දේය. කණගාටුව වන්නේ මානව අයිතිවාසිකම් සහ නීතිය පදනම් පාලනයක් ගැන කතා කරන බලවත් රටවල් මේ සියල්ල…
Read More
සජීවී පදාර්ථ සහ මළ පදාර්ථ අතර වෙනස..

සජීවී පදාර්ථ සහ මළ පදාර්ථ අතර වෙනස..

මම ලියූ 2025/12/26 ‘හේගල්ගේ මළ පදාර්ථ දර්ශනය’ ලිපිය සම්බන්ධව Facebook එකේ ව්‍යාජ නමකින් පෙනී සිටින කෙනෙක් ප්‍රශ්නයක් නගා ඇත. ඔහු මාක්ස්වාදය වෙනුවෙන් පෙනී සිටිමින් විඥානවාදය අනුමත කරමින් ප්‍රශ්නය ඉදිරිපත් කර ඇත. හොඳයි, ඔහුගේ ප්‍රශ්නය පහතින් කළු පාටින් ඉස්මතු කරමින් මගේ පිළිතුරු සටහන් කරන්නෙමි. මෙල්බර්න් සටන්කරුගේ ප්‍රශ්නය – “..මෙහිදී චමිල් සහෝ කියන පරිදි, හේගල් යනු දේවල් බිහිවී ඇත්තේ පදාර්ථ වලින් නොවේ කියන්න තරම් මෝඩ චරිතයක් නෙමෙයි, ඒක අති ඉතාමත්ම සරල දෙයක් හේගල් කතා කරලා තියෙන දේවල් එක්ක බැලුවම. මෙතන dead matter කියන්නේ, අජීවී ද්‍රව්‍ය කියන එකට, එනම් පස්, ගල්, යකඩ වගේ. එනම් හේගල් ට අනුව ජීවි ද්‍රව්‍ය වන්නේ, මිනිසා, සතුන්, ගස්…
Read More
දැල් දමා දිට්වා සුළි කුණාටුව මර්දනය කිරීමට වෙර දැරීම..

දැල් දමා දිට්වා සුළි කුණාටුව මර්දනය කිරීමට වෙර දැරීම..

කෙබඳු හෝ ප්‍රශ්නයක් විසඳීමේ මුල්ම පියවර විය යුත්තේ එය නිවැරදිව හඳුනා ගැනීමයි. එසේ නොමැතිව ආවේගශීලීව හෝ වෙනත් බලපෑම් මත ප්‍රතිචාර දැක්වීමෙන් සිදු වන්නේ ප්‍රශ්නය වඩාත් තීව්‍රවී මහත් අවුල් තත්වයකට පත්විමය. මෑත ඉතිහාසයේ ලංකාව මුහුණ පෑ බරපතළම ව්‍යසනය වූ දිට්වා කුණාටුවට ආණ්ඩුවත් විපක්ෂයත් ප්‍රතිචාර දැක් වූ ආකාරයෙන් පැහැදිලි වන්නේ මෙම දෙපාර්ශ්වයටම සිදුව ඇති ඛේදවාචකයේ ස්වභාවය සහ ඊට මුහුණ දිය යුතු ආකාරය ගැන පැහැදිලි අවබෝධයක් නැතිකමය. පළමුවෙන්ම ව්‍යසනයට විපක්ෂය ප්‍රතිචාර දැක් වූයේ සුපුරුදු  ආකාරයට පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත් විය යුතුය යනුවෙනි. එය රාත්‍රි දොළහ වන තෙක් හෝ පැවැත්විමට විපක්ෂය එකඟවන්නේ යැයි විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මංත්‍රීවරයෙකු වු කබීර් හෂීම් පැවසුවේ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන කිසිම විවාදයකින් අර්ථවත්…
Read More
සේවකයින් මගහැර ධනවතුන්ට ලස්සන පොහොසත් රටක් ගොඩ නැගීම..

සේවකයින් මගහැර ධනවතුන්ට ලස්සන පොහොසත් රටක් ගොඩ නැගීම..

ජනාධිපති අනුර කුමාර දිසානායක මුදල් ඇමති ලෙස ඉදිරිපත් කළ දෙවන අයවැය ලේඛනය දැනටමත් බොහෝ දෙනෙකුගේ කතා බහට ලක්ව ඇත. දරා ගත නොහැකි ජීවන බරින් පෙළෙන ජනතාව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා සහනයක් බලා පොරොත්තු වූ අතර වෛද්‍යවරු සහ වෙනත් වෘත්තිකයෝ බදු සහන බලාපොරොත්තු වූහ. මෙම අයවැයෙන් අලුතින් බදු කිසිවක් පනවන්නේ නැති බව කලින්ම ප්‍රකාශ කර තිබුණ නිසා වෙළඳ ව්‍යාපාරිකයන් සහ ආයෝජකයන් අයවැය තුළින් වෙනසක් බලාපොරොත්තු නොවන්නට ඇත. මෙම අයවැයෙන් ඉදිරිපත් කළ පෙරළිකාර යෝජනාව වූයේ වතුකම්කරුවන් ගේ වැටුප රු.200කින් වැඩි කිරීම සහ පැමිණීමේ දිරි දීමනාවක් වශයෙන් භාණ්ඩාගාරයෙන් සහනාධාරයක් වශයෙන් ඔවුන්ට තවත් රු. 200 ක් ගෙවීම ය. ඒ අනුව වතු කම්කරුවන්ගේ වැටුප රු.…
Read More
කිරිපෝරුවේ  පුෂ්පලතා; නිෂ්පාදන ඉලක්ක හමුවේ පලමු බිල්ල..

කිරිපෝරුවේ  පුෂ්පලතා; නිෂ්පාදන ඉලක්ක හමුවේ පලමු බිල්ල..

නිෂ්පාදන ක්ෂේත්‍රයේ අසීමිත ඉලක්ක හඹායාමේදී කම්කරුවන් මුහුණ දෙන  දුෂ්කර වැඩ කොන්දේසි පිලිබඳ කතා බහ දශක ගණනාවක් පුරාවට දිවෙයි. ඒ ගැන  යළිත් කරලියට  පැමිණෙන්නේ  ඇඟළුම් කම්කරු ස්ත්‍රියකගේ මරණයත් සමඟය.  මෙවැනි අධික වැඩ කොන්දේසි හමුවේ කම්කරුවන්ට අධික තෙහෙට්ටුව හා මානසික ආතතතියට පත්ව රෝගී වුවද, අවශ්‍ය ඉලක්ක සපුරාලීමට බල කෙරනු ඇත. ලෝක කම්කරු සංවිධානය මගින් වැඩබිමේ ආරක්ෂාව හා සෞඛ්‍ය ගැන සම්මුතීන් සකස් කර තිබුන ද ඒවා ප්‍රායෝගික යථාර්ථයක් වන්නේ ඉතාමත් අවම වශයෙනි. ලංකාවේ වාර්ෂික ව වැඩබිමේ සිදුවන  මාරාන්තික නොවන  අනතුරු 2,000ක් ද, මාරාන්තික අනතුරු 60-80ක් ආසන්න වන බව ලෝක කම්කරු සංවිධානයේ නවතම වාර්තා පෙන්වා දී ඇත. රෝගී වුවද ඇණවුමට අදාළ නිෂ්පාදන ඉලක්ක සපුරාලීමට…
Read More
සුළු ධනේශ්වරයේ බයාදුකම පෙන්වන ආර්ථික ගමන් මග..

සුළු ධනේශ්වරයේ බයාදුකම පෙන්වන ආර්ථික ගමන් මග..

ආර්ථික අර්බුදය ඇතිවන්නේ 2021/ 2022 දී ද? නැත. ආර්ථික පසුබැසීම ඇරඹෙන්නේ 2016/17 සමයේ. දෙවන පාද ව්‍යුහ බුබුල  (infrastructure bubble) පිපිරී යාම සමගය. මෙය IMF මැදිහත්වීම හා සමපාත වේ. ඒ මැදිහත්වීම පසුබැස්ම ආපහු හැරවීමට අසමත් වින. ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යෝජනා කළේ  ISD විකුණා ණය ගැන්මය. ප්‍රතිකර්ම දෙකම වැඩ කරේ නැත. 2020 ආර්ථික වෘද්ධි වේගය සෘණ අගයක් ගත්තේ ය. ගෝඨාභය ආංඩුවට ද, ලෙඩට බෙහෙතක් හොයාගත නොහැකි විය. විදේශ ණය සුලුවෙන් අඩුකොට දේශීය ණය මගින් හිලව් කිරීම, බදු සහන හා කෘෂිකර්මික ප්‍රතිසංස්කරණ විසදුම් නො විය. කෝවිඩ් වසංගතය තත්වය නරක් කෙරින. තවත් ණය නොගත හැකි තරමට ණයබර වැඩිවිය. 2021/22 වූයේ කුමක් ද? ආර්ථික පසුබැස්ම…
Read More