Blog

බාල ඖෂධවලින් නිර්වින්දනය කර කනත්තට යවන සමාජයක්..

බාල ඖෂධවලින් නිර්වින්දනය කර කනත්තට යවන සමාජයක්..

මුලින්ම කතා බහට ලක් වූයේ ඖෂධ හිඟයකි. අත්‍යවශ්‍ය ඖෂධ පමණක් නොව පැරසිටමෝල් වැනි ඹෟෂධ පවා රජයේ රෝහල්වල නැති බව වෛද්‍යවරු මෙන්ම එම ක්ෂේත්‍රයේ වෙනත් සේවකයෝ ද පැවසූහ. සෞඛ්‍ය ඇමති ඒ ගැන කලබල වූයේ නැත. වෛද්‍යවරුන් කුමක් කීවත් අවශ්‍ය ප්‍රමාණයට ඖෂධ රෝහල් පද්ධතියට ලබා දී ඇති බව මාධ්‍යයට කීවේය. ඖෂධ හිගයන් පවතින්නේ නම් ඉන්දියානු ආධාර ක්‍රමය යටතේ ඒවා ගෙන්වා ගැනීමට කඩිනම් පියවර ගන්නා බවට ඔහු සහතික වූයේය. ඇත්තෙන්ම පසුගිය වසර කිපය තුළ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය නැතිව ඖෂධ කඩිනමෙන් ගෙනවිත් ඇත. එහෙත් හිගය පිරිමැසුණේ නැත. දෙවැනිව මතු වූ ප්‍රශ්නය නිර්වින්දන හෝ වෙනත් එන්නත් නිසා රෝහල්වල රෝගීන් මිය යෑම ය. ලෝකයේ…
Read More
බාල ඖෂධවලින් හා ප්‍රමිතියකින් තොර ප්‍රතිපත්තිවලින් රටම ලෙඩ වෙලා..

බාල ඖෂධවලින් හා ප්‍රමිතියකින් තොර ප්‍රතිපත්තිවලින් රටම ලෙඩ වෙලා..

ආහාර, නිවාස, සෞඛ්‍යය සහ අධ්‍යාපනය ශිෂ්ට සමාජයක පැවැත්ම සඳහා වෙනස් කිරීමකින් තොරව සියලු දෙනාට පහසුවෙන් ලබා ගැනීමට හැකි ආකාරයෙන් සැපයිය යුතු මහජන අවශ්‍යතා ය. මේවා මූලික අයිතිවාසිකම් සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ වෙනත් අණ පනත්වල සඳහන් නොවන නමුත් ඒවා සැපයීම සුරක්ෂිත කිරීම සෑම රජයකම වගකීමකි. ඇත්තෙන්ම රජයක් අවශ්‍ය වන්නේත් ආණ්ඩුවකින් කළ යුතු වන්නේත් මෙම මූලික අවශ්‍යතා ජනතාවට සැපයීමය. සංවර්ධනයේ මිනුම් දණ්ඩක් වන්නේ එම මූලික අවශ්‍යතා ජනතාව භුක්ති විඳින ප්‍රමාණය යි. බංකොළොත් වී ඇති ලංකාවේ ආහාර සැපයුම සහ සෞඛ්‍ය ආරක්ෂාව අද වෙන කවදාවටත් වඩා පිරිහී පහත වැටී ඇති බව දිනපතාම සමාජ මාධ්‍යයේ සහ ජන මාධ්‍යයේ පළ වන පුවත් වාර්තාවලින් නිතර දැක්වේ. අක්ෂි…
Read More
දේශපාලනයේ දූෂණය හෙළිකරන එක්ස්ප‍්‍රස් පර්ල් හානිය..

දේශපාලනයේ දූෂණය හෙළිකරන එක්ස්ප‍්‍රස් පර්ල් හානිය..

උත්තරීතරයැයි හැඳින්වෙන පාර්ලිමේන්තුවේ මේ දිනවල පැවැත්වෙන වාද විවාද හුදු විනෝදාස්වාදය ගෙන දීමට අමතරව මහජන නියෝජිතයින් නිරුවත් කරන දෙයක් බවට පත්වීම සැබැවින්ම සංවේග ජනකය. වාද විවාදවලදී උක්ත කරුණ ගැන ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් ප්‍රතිපත්ති ස්ථාවරය පැහැදිලි කිරීමට වඩා එකිනෙකාට චෝදනා කර ගැනීම බෙහෙවින් සිදු වන්නකි. ඔවුන් තර්ක විතර්ක කරන ආකාරයෙන් සහ හැසිරීමෙන් පෙනී යන්නේ ප‍්‍රතිපත්ති සම්පාදනය වාග් හුවමාරුවකට වැඩි දෙයක් නොවන්නේය යන්නයි. සමහර කරුණුවල තමන්ගේ මතයට ගැලපෙන කොටස පමණක් ඉදිරිපත් කර සම්පුර්ණ සත්‍යය පහදා ගැනීම වඩාත් දුෂ්කර තත්වයකට හෙළයි. මේ බව හොඳින් නිරීක්ෂණය වන්නේ පසුගිය දා සමහර අය ලෝකයේ විශාලතම සමුද්‍රික ආපදාව වශයෙන් හඳුන්වන එක්ස්ප‍්‍රස් පර්ල් නැව සම්බන්ධයෙන් පැවති විවාදයයි. ශ‍්‍රී ලංකාවේ…
Read More
බුරුල් කරා තල්ලු කරා..

බුරුල් කරා තල්ලු කරා..

අනුර හලාවත රැස්වීමට ගොස් ගෙදර ආවේය.රෑ නින්දට ගියේ රනිල්ට රැල්ලක් ගහන්න පටන් අරන් කියා එක එකා කියන කතාව ගැන හිත හිතා ය. ණයක් අරන් ඒක පෙන්නලා මිනිස්සු වෙනස් කරන්න පුළුවන් නම් මොකටද මෙහෙම ජනතාවක් කියා හිත හිතා නින්දට වැටුණු අනුරට මධ්‍යම රාත්‍රියේදී බර්ටෝල් බ්‍රෙෂ්ට් හමුවිය. බ්‍රෙෂ්ට් මදවේලාවක් අනුර දෙස බලා සිට ඇසුවේ ‘..තාම අලුත් ජනතාවක් පත් කරගන්න බැරි වුණා නේද..’ කියාය. අනුර විමසිලිමත්ව බලා අමුත්තා කවුදැයි සැකහැර දැනගෙන කීවේ, ‘..හලාවත බස්ටෑන්ඩ් එක කට කපලා හිටියා, ලොකු අවුලක් නෑ..’ කියාය. බ්‍රෙෂ්ට් මුහුණට බැරෑරුම් පෙනුමක් ආරූඪ කරගෙන කීවේ ‘..ඒ උනාට ඉතින් ඉස්සරත් ඔහොම කට කපලා හිටියනේ..’ කියාය. අනුර කීවේ ‘..අපිට හති වැටෙනකම්…
Read More
அடக்குமுறைக்கு எதிராக, பொது மக்களின் அடிப்படை உரிமை உட்பட வாழ்வதற்காக சுதந்திரத்தை பாதுகாத்துக்கொள்வதற்காக தீர்க்கமான தலையீடு செய்வோம்!!

அடக்குமுறைக்கு எதிராக, பொது மக்களின் அடிப்படை உரிமை உட்பட வாழ்வதற்காக சுதந்திரத்தை பாதுகாத்துக்கொள்வதற்காக தீர்க்கமான தலையீடு செய்வோம்!!

08 பிப்ரவரி 2023 நாடு பாரிய பொருளாதார நெருக்கடியை எதிர்கொண்டு, நாட்டு மக்களின் வாழ்வதற்கான உரிமையும் மீறப்பப்பட்டுள்ள இவ்வேளையில், அரச நிதியை அதிகளவில் பயன்படுத்தி அரசாங்கத்தால் 75வது சுதந்திர தின கொண்டாட்ட நிகழ்வுகளை நடத்தியமைக்கு எதிர்ப்புத் தெரிவித்த சமூக செயற்பாட்டாளர்கள், தொழிற்சங்கங்கள், தொழில் வல்லுனர்கள், சிவில் அமைப்புகள் மற்றும் பொது மக்களால் மேற்க்கொள்ளப்பட்ட கள அமைதியான சத்தியாக்கிரகத்தின் மீது வன்முறை குழுகள், காவல்துறை மற்றும் இராணுவம் ஆகியவற்றின் ஊடாக மேற்கொள்ளப்பட்ட வெட்கமற்ற மற்றும் கொடூரமான தாக்குதலை சிவில் அமைப்புகள் மற்றும் சிவில் செயற்பாட்டாளர்கள் என்ற வகையில் நாங்கள் வன்மையாகக் கண்டிக்கிறோம். குறிப்பாக அரசாங்கத்தின் “சுதந்திரதின கொண்டாட்ட” நிகழ்வுகள் இடம்பெறும் நாட்களில் ஆர்ப்பாட்டங்கள் மற்றும் பேரணிகளை நடத்துவது குறித்து நீதிமன்றத்தால் விதிக்கப்பட்ட உத்தரவுக்கமைய எவ்வித குழப்பங்களோ அல்லது பொதுமக்களுக்கு இடையூறுகள் எதுவுமின்றி நடத்தப்பட்ட சத்தியாகிரகத்தின் மீது மேற்கொள்ளப்பட்ட தாக்குதலின் நாட்டு மக்களின் அமைதியாக ஒன்றுகூடும் உரிமை மற்றும் எதிர்ப்புத் தெரிவிக்கும் உரிமை தற்போதைய…
Read More
ජාතියේ අනාගතය වනසන ළමා මන්දපෝෂණය..

ජාතියේ අනාගතය වනසන ළමා මන්දපෝෂණය..

අපි වර්තමානයේ මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මන්දපෝෂණය කියලා කියන්නේ. මන්දපෝෂණය මනින ප්‍රධාන විදි තුනක් තියෙනවා. එක තමයි බර මැනීම. දෙවැනි විදිය තමයි උස මැනීම. මේ දෙකම ප්‍රස්තාරයට දාලා උසට සරිලන බර තියනවද කියලා බලන එක තමයි තුන්වෙනි විදිය. බර උස සහ කෘෂ බව මැනිම තමයි මන්දපෝෂණය මැනීමේ ප්‍රධානම ක්‍රමවේද තුන වෙන්නේ. මන්දපෝෂණය ඇති වන විධි කීපයක් තියෙනවා. එක තමයි කැලරි උනතාවය ප්‍රොටීන් ඌනතාවය නිසා ඇති වන මන්දපෝෂණය සහ ක්ෂුද්‍ර රසායන අංශු නිසා ඇතිවන මන්දපෝෂණය ආදී ලෙස එය සඳහන් කළ හැකිය. යම් දරුවකුගේ උස බර ප්‍රමාණවත්ව තිබුනත් යකඩ හෝ වෙනත් විටමින් වර්ගයක ඌනතාවය නිසා මන්දපෝෂණය ඇතිවන අවස්ථා ඕනෑතරම් දැකගත හැකියි.…
Read More
ආර්ථික අර්බුදයට ජනතා විසඳුමක්..

ආර්ථික අර්බුදයට ජනතා විසඳුමක්..

ජගත් ගුරුසිංහ, සුමනසිරි ලියනගේ සහ කල්ප රාජපක්ෂ විසින් රචිත මෙම කුඩා පොත් පිංච අප රට  මුහුණ දී ඇති ආර්ථික අර්බුදය තේරුම් ගැනීමට ඉමහත් දායකත්වයක් ලබා දේ. උග‍්‍ර කඩදාසි හිඟයක් පවතින තත්වය තුළ මෙවැනි උත්සාහයක් ගැනීම ද අගය කළ යුතු ය. කතුවරුන් විසින් ම දක්වන ආකාරයට මෙම පොත් පිංච ඉදිරිපත් කිරීමේ ප්‍රධාන අරමුණු තුනකි. අර්බුදයේ වපසරිය පමණට වඩා පුම්බා දැක්වීමට සමාජයේ ඉහළ පංතිය ගන්නා වෑයම හෙළිදරව් කිරීම, සැබෑ ජාතික පරිශ්‍රමයකින් අර්බුදයෙන් ගොඩ ආ හැකි බව පෙන්වීම සහ පාලක පංතිය විසඳුම් වශයෙන් ඉදිරිපත් කරන වැඩ පිළිවෙළ නිසා පහළ මාලයේ ජනතාව වඩාත් දුෂ්කර තත්වයකට පත්වීම යන කරුණු ගැන සාමාන්‍ය ජනතාවට තේරුම් ගත හැකි…
Read More
කැනඩාව හුවාවෙයි උරුමක්කාරිය නිදහස් කිරීම චීන ඇමරිකන් සීතල යුද්ධයේ තවත් පිටුවකි..

කැනඩාව හුවාවෙයි උරුමක්කාරිය නිදහස් කිරීම චීන ඇමරිකන් සීතල යුද්ධයේ තවත් පිටුවකි..

ලොව බලවත් රටවල් අතර සිරකරුවන් හුවමාරු කර ගැනීම බොහෝවිට දේශපාලන ආන්දෝලනයකට හේතු වන කාරණයකි. පසුගිය සතියේ දින 1000කට අධික කාලයක් කැනඩාවේ වැන්කුවර් නගරයේ තමාගේම නිවාසයේ අත් අඩංගුවේ සිටි මෙන්ග් වන්ෂු ඉන් නිදහස් කිරීමට කැනේඩියානු බලධාරීන් තීරණය කිරීම එවැනි සිද්ධියකි. මෙන්ග් ගමන් ගත් ගුවන් යානය වැන්කුවර් ගුවන් තොටුපොළේ නතර කළ අවස්ථාවේ දී කැනඩාවේ ආරක්ෂක අංශ විසින් ඇය අත් අඩංගුවට ගත්තේ එක්සත් ජනපදයේ ඉල්ලීමක් අනුව බව පසුව හෙළි විය. සන්නිවේදන ක්ෂේත්‍රයේ නව නිෂ්පාදන ඉදිරිපත් කිරීම අතින් ලොව ප්‍රමුඛස්ථානයට පත්ව සිටි හුවාවෙයි සමාගමේ නිර්මාතෘ ගේ දියණිය වන ඇය එහි මූල්‍ය කළමනාකරණයේ ප්‍රධානියා ද වූවාය. එවකට ඇමරිකානු ජනාධිපති වූ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති…
Read More