Natural Atomism

සජීවී පදාර්ථ සහ මළ පදාර්ථ අතර වෙනස..

සජීවී පදාර්ථ සහ මළ පදාර්ථ අතර වෙනස..

මම ලියූ 2025/12/26 ‘හේගල්ගේ මළ පදාර්ථ දර්ශනය’ ලිපිය සම්බන්ධව Facebook එකේ ව්‍යාජ නමකින් පෙනී සිටින කෙනෙක් ප්‍රශ්නයක් නගා ඇත. ඔහු මාක්ස්වාදය වෙනුවෙන් පෙනී සිටිමින් විඥානවාදය අනුමත කරමින් ප්‍රශ්නය ඉදිරිපත් කර ඇත. හොඳයි, ඔහුගේ ප්‍රශ්නය පහතින් කළු පාටින් ඉස්මතු කරමින් මගේ පිළිතුරු සටහන් කරන්නෙමි. මෙල්බර්න් සටන්කරුගේ ප්‍රශ්නය – “..මෙහිදී චමිල් සහෝ කියන පරිදි, හේගල් යනු දේවල් බිහිවී ඇත්තේ පදාර්ථ වලින් නොවේ කියන්න තරම් මෝඩ චරිතයක් නෙමෙයි, ඒක අති ඉතාමත්ම සරල දෙයක් හේගල් කතා කරලා තියෙන දේවල් එක්ක බැලුවම. මෙතන dead matter කියන්නේ, අජීවී ද්‍රව්‍ය කියන එකට, එනම් පස්, ගල්, යකඩ වගේ. එනම් හේගල් ට අනුව ජීවි ද්‍රව්‍ය වන්නේ, මිනිසා, සතුන්, ගස්…
Read More