Substandard Drugs

‘..තත්ත්ව පාලනයෙන් තොරව ඖෂධ ගෙන්වීමට සම්බන්ධ සියල්ලන්ටම අපරාධ නඩු පවරා දඬුවම් දිය යුතුය..’

‘..තත්ත්ව පාලනයෙන් තොරව ඖෂධ ගෙන්වීමට සම්බන්ධ සියල්ලන්ටම අපරාධ නඩු පවරා දඬුවම් දිය යුතුය..’

ශිරාගත කරන ලද (injection ) ඖෂධ නිසා සිදුවූ මරණ සහ ඇසට දැමු ඖෂධ නිසා දෑස් අන්ධ වීම ඇතුළු අහිතකර සිදුවීම්  රාශියක් මෑත කාලයේ දී අපේ රටේ එක පෙළට සිදු විණි. මේ නිසා රෝගවලට ඖෂධ ගැනීම සම්බන්ධයෙන් සාධාරණ බියක් සාමාන්‍ය  ජනතාව තුළ දැන් පැතිරී තිබේ. ඖෂධ මෙලෙස රෝගීන්ට අහිතකර වන්නේ කොහොමද ? එම ඖෂධයෙහි  අවශ්‍ය මාත්‍රාව තිබේ දැයි සොයා බැලීමතත්ත්වයෙන් බාල සමහර ඖෂධවල, ඖෂධයට වඩා එහි අඩංගු අනෙක් ද්‍රව්‍ය වැඩි විය හැකිය. එම ඖෂධයෙහි සිරුරට හානි කරන රසායන ද්‍රව්‍ය තිබේ දැයි සොයා බැලීම. සමහර ඖෂධයන්හි එම ඖෂධයට අමතරව සිරුරට හානි කරන විවිධ රසායන ද්‍රව්‍ය අඩංගු වී තිබිය හැකිය. මීට එක් උදාහරණයක්…
Read More
බාල ඖෂධවලින් නිර්වින්දනය කර කනත්තට යවන සමාජයක්..

බාල ඖෂධවලින් නිර්වින්දනය කර කනත්තට යවන සමාජයක්..

මුලින්ම කතා බහට ලක් වූයේ ඖෂධ හිඟයකි. අත්‍යවශ්‍ය ඖෂධ පමණක් නොව පැරසිටමෝල් වැනි ඹෟෂධ පවා රජයේ රෝහල්වල නැති බව වෛද්‍යවරු මෙන්ම එම ක්ෂේත්‍රයේ වෙනත් සේවකයෝ ද පැවසූහ. සෞඛ්‍ය ඇමති ඒ ගැන කලබල වූයේ නැත. වෛද්‍යවරුන් කුමක් කීවත් අවශ්‍ය ප්‍රමාණයට ඖෂධ රෝහල් පද්ධතියට ලබා දී ඇති බව මාධ්‍යයට කීවේය. ඖෂධ හිගයන් පවතින්නේ නම් ඉන්දියානු ආධාර ක්‍රමය යටතේ ඒවා ගෙන්වා ගැනීමට කඩිනම් පියවර ගන්නා බවට ඔහු සහතික වූයේය. ඇත්තෙන්ම පසුගිය වසර කිපය තුළ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය නැතිව ඖෂධ කඩිනමෙන් ගෙනවිත් ඇත. එහෙත් හිගය පිරිමැසුණේ නැත. දෙවැනිව මතු වූ ප්‍රශ්නය නිර්වින්දන හෝ වෙනත් එන්නත් නිසා රෝහල්වල රෝගීන් මිය යෑම ය. ලෝකයේ…
Read More
බාල ඖෂධවලින් හා ප්‍රමිතියකින් තොර ප්‍රතිපත්තිවලින් රටම ලෙඩ වෙලා..

බාල ඖෂධවලින් හා ප්‍රමිතියකින් තොර ප්‍රතිපත්තිවලින් රටම ලෙඩ වෙලා..

ආහාර, නිවාස, සෞඛ්‍යය සහ අධ්‍යාපනය ශිෂ්ට සමාජයක පැවැත්ම සඳහා වෙනස් කිරීමකින් තොරව සියලු දෙනාට පහසුවෙන් ලබා ගැනීමට හැකි ආකාරයෙන් සැපයිය යුතු මහජන අවශ්‍යතා ය. මේවා මූලික අයිතිවාසිකම් සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ වෙනත් අණ පනත්වල සඳහන් නොවන නමුත් ඒවා සැපයීම සුරක්ෂිත කිරීම සෑම රජයකම වගකීමකි. ඇත්තෙන්ම රජයක් අවශ්‍ය වන්නේත් ආණ්ඩුවකින් කළ යුතු වන්නේත් මෙම මූලික අවශ්‍යතා ජනතාවට සැපයීමය. සංවර්ධනයේ මිනුම් දණ්ඩක් වන්නේ එම මූලික අවශ්‍යතා ජනතාව භුක්ති විඳින ප්‍රමාණය යි. බංකොළොත් වී ඇති ලංකාවේ ආහාර සැපයුම සහ සෞඛ්‍ය ආරක්ෂාව අද වෙන කවදාවටත් වඩා පිරිහී පහත වැටී ඇති බව දිනපතාම සමාජ මාධ්‍යයේ සහ ජන මාධ්‍යයේ පළ වන පුවත් වාර්තාවලින් නිතර දැක්වේ. අක්ෂි…
Read More