බුරුල් කරා තල්ලු කරා..
අනුර හලාවත රැස්වීමට ගොස් ගෙදර ආවේය.රෑ නින්දට ගියේ රනිල්ට රැල්ලක් ගහන්න පටන් අරන් කියා එක එකා කියන කතාව ගැන හිත හිතා ය. ණයක් අරන් ඒක පෙන්නලා මිනිස්සු වෙනස් කරන්න පුළුවන් නම් මොකටද මෙහෙම ජනතාවක් කියා හිත හිතා නින්දට වැටුණු අනුරට මධ්‍යම රාත්‍රියේදී බර්ටෝල් බ්‍රෙෂ්ට් හමුවිය. බ්‍රෙෂ්ට් මදවේලාවක් අනුර දෙස බලා සිට ඇසුවේ ‘..තාම අලුත් ජනතාවක් පත් කරගන්න බැරි වුණා නේද..’ කියාය. අනුර විමසිලිමත්ව බලා අමුත්තා කවුදැයි සැකහැර දැනගෙන කීවේ, ‘..හලාවත බස්ටෑන්ඩ් එක කට කපලා හිටියා, ලොකු අවුලක් නෑ..’ කියාය. බ්‍රෙෂ්ට් මුහුණට බැරෑරුම් පෙනුමක් ආරූඪ කරගෙන කීවේ ‘..ඒ උනාට ඉතින් ඉස්සරත් ඔහොම කට කපලා හිටියනේ..’ කියාය. අනුර කීවේ ‘..අපිට හති වැටෙනකම්…