X-Press Pearl Disaster

දේශපාලනයේ දූෂණය හෙළිකරන එක්ස්ප‍්‍රස් පර්ල් හානිය..

දේශපාලනයේ දූෂණය හෙළිකරන එක්ස්ප‍්‍රස් පර්ල් හානිය..

උත්තරීතරයැයි හැඳින්වෙන පාර්ලිමේන්තුවේ මේ දිනවල පැවැත්වෙන වාද විවාද හුදු විනෝදාස්වාදය ගෙන දීමට අමතරව මහජන නියෝජිතයින් නිරුවත් කරන දෙයක් බවට පත්වීම සැබැවින්ම සංවේග ජනකය. වාද විවාදවලදී උක්ත කරුණ ගැන ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් ප්‍රතිපත්ති ස්ථාවරය පැහැදිලි කිරීමට වඩා එකිනෙකාට චෝදනා කර ගැනීම බෙහෙවින් සිදු වන්නකි. ඔවුන් තර්ක විතර්ක කරන ආකාරයෙන් සහ හැසිරීමෙන් පෙනී යන්නේ ප‍්‍රතිපත්ති සම්පාදනය වාග් හුවමාරුවකට වැඩි දෙයක් නොවන්නේය යන්නයි. සමහර කරුණුවල තමන්ගේ මතයට ගැලපෙන කොටස පමණක් ඉදිරිපත් කර සම්පුර්ණ සත්‍යය පහදා ගැනීම වඩාත් දුෂ්කර තත්වයකට හෙළයි. මේ බව හොඳින් නිරීක්ෂණය වන්නේ පසුගිය දා සමහර අය ලෝකයේ විශාලතම සමුද්‍රික ආපදාව වශයෙන් හඳුන්වන එක්ස්ප‍්‍රස් පර්ල් නැව සම්බන්ධයෙන් පැවති විවාදයයි. ශ‍්‍රී ලංකාවේ…
Read More