කැනඩාව හුවාවෙයි උරුමක්කාරිය නිදහස් කිරීම චීන ඇමරිකන් සීතල යුද්ධයේ තවත් පිටුවකි..
ලොව බලවත් රටවල් අතර සිරකරුවන් හුවමාරු කර ගැනීම බොහෝවිට දේශපාලන ආන්දෝලනයකට හේතු වන කාරණයකි. පසුගිය සතියේ දින 1000කට අධික කාලයක් කැනඩාවේ වැන්කුවර් නගරයේ තමාගේම නිවාසයේ අත් අඩංගුවේ සිටි මෙන්ග් වන්ෂු ඉන් නිදහස් කිරීමට කැනේඩියානු බලධාරීන් තීරණය කිරීම එවැනි සිද්ධියකි. මෙන්ග් ගමන් ගත් ගුවන් යානය වැන්කුවර් ගුවන් තොටුපොළේ නතර කළ අවස්ථාවේ දී කැනඩාවේ ආරක්ෂක අංශ විසින් ඇය අත් අඩංගුවට ගත්තේ එක්සත් ජනපදයේ ඉල්ලීමක් අනුව බව පසුව හෙළි විය. සන්නිවේදන ක්ෂේත්රයේ නව නිෂ්පාදන ඉදිරිපත් කිරීම අතින් ලොව ප්‍රමුඛස්ථානයට පත්ව සිටි හුවාවෙයි සමාගමේ නිර්මාතෘ ගේ දියණිය වන ඇය එහි මූල්‍ය කළමනාකරණයේ ප්‍රධානියා ද වූවාය. එවකට ඇමරිකානු ජනාධිපති වූ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති…