ජාතියේ අනාගතය වනසන ළමා මන්දපෝෂණය..
අපි වර්තමානයේ මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මන්දපෝෂණය කියලා කියන්නේ. මන්දපෝෂණය මනින ප්‍රධාන විදි තුනක් තියෙනවා. එක තමයි බර මැනීම. දෙවැනි විදිය තමයි උස මැනීම. මේ දෙකම ප්‍රස්තාරයට දාලා උසට සරිලන බර තියනවද කියලා බලන එක තමයි තුන්වෙනි විදිය. බර උස සහ කෘෂ බව මැනිම තමයි මන්දපෝෂණය මැනීමේ ප්‍රධානම ක්‍රමවේද තුන වෙන්නේ. මන්දපෝෂණය ඇති වන විධි කීපයක් තියෙනවා. එක තමයි කැලරි උනතාවය ප්‍රොටීන් ඌනතාවය නිසා ඇති වන මන්දපෝෂණය සහ ක්ෂුද්‍ර රසායන අංශු නිසා ඇතිවන මන්දපෝෂණය ආදී ලෙස එය සඳහන් කළ හැකිය. යම් දරුවකුගේ උස බර ප්‍රමාණවත්ව තිබුනත් යකඩ හෝ වෙනත් විටමින් වර්ගයක ඌනතාවය නිසා මන්දපෝෂණය ඇතිවන අවස්ථා ඕනෑතරම් දැකගත හැකියි.…