Iran-US-Israel War

අවබෝධතා ගිවිසුමෙන් කියවෙන ගල්ප් කලාපයේ නව දේශපාලන යථාර්ථය..

අවබෝධතා ගිවිසුමෙන් කියවෙන ගල්ප් කලාපයේ නව දේශපාලන යථාර්ථය..

පසුගිය සතියේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ස්විට්සර්ලන්තයේ දීත් ඉරාන ජනාධිපති තෙහෙරාන් නගරයේ දීත් අත්සන් කළ අවබෝධතා ගිවිසුම සටන් විරාමයක් ද යුද්ධයෙන් හෙම්බත් වූ දෙපාර්ශ්වය විඩා නිවා ගැනීමට ගත් කල් බැලීමක් ද යන්න ඉදිරි දින කීපය තුළ පැහැදිලිවනු ඇත. අවබෝධතා ගිවිසුමේ පළමු වගන්තියම කඩ කිරීමේ චෝදනාවක් මත ඉරානය දින කීපයකට පෙර විවෘත කළ හෝර්මුස් සමුද්‍රසන්ධිය නැවත වසා දැමු බවද වාර්තාවේ. ඉරානය පවසන ආකාරයට අවබෝධතා ගිවිසුම අනුව ලෙබනනය ඇතුළු සියලු පෙරමුණුවල සටන් නතර කළ යුතු වුවද ඊශ්‍රායෙලය දිගටම ලෙබනනයට ගුවන් පුහාර එල්ල කරයි. එමනිසා ඇමරිකාව එය නතර කිරීමට පියවර ගත යුතුය. හොර්මුස් සමුද්‍රසන්ධිය නැවත වසා දමා ඇත්තේ එමනිසාය. ස්විට්සර්ලන්තයේ පැවති සාකච්ඡාවලින් පසුව…
Read More
යැංකි-සයොනිස්ට් මිසයිල වලට ඉරානය යටපත් කරන්න බැහැ..

යැංකි-සයොනිස්ට් මිසයිල වලට ඉරානය යටපත් කරන්න බැහැ..

ඇමරිකාව හා ඊශ්‍ර්‍රායලය ඉරානයට පහර දීම බොහෝ කලක සිට තිබුණු සැලැසුමක් බව අපට පෙනෙනවා. ඉරානයේ සිටි කාසිම් සුලෙයිමානි හමුදා ජෙනරාල්වරයා කුර්දි සටන්කරුවන්ගේ පවා ආදරය දිනාගත් කෙනෙක්.  ඔහුගේ අභිලාෂය වුණේ මුළු මැද පෙරදිග කලාපයේ සුන්නි, ෂියා වැනි ඉස්ලාම් ආගමෙන් බිඳී ගිය සියළු ආගමික කොටස් එකතු කරළා මුස්ලිම් කියන ජාතික අන්‍යයතාවයට ගෙනෙන්න. ඒ තුළින් මැද පෙරදිග ඉරාන ආරක්‍ෂක යාන්ත්‍රණය ගොඬනැගීමේ දිගු කාලීන සැළසුමක් ඔහු සතුව තිබුණා. ඇමරිකන් සහය ලැබූ ISIS  (Islamic State of Iraq and Syria)  සන්නද්ධ පිරිස් අසාද්ගේ සිරියාවෙන් පලවා හැරීමට සුලෙයිමානී ජෙනරාල්වරයා වරක් කුර්දි සටන්කාමීන්ද තම හමුදාවට එකතු කරගත්තා. මැද පෙරදිග කලාපයේ බොහෝ පාලකයන් බ්‍රිතාන්‍ය සම්භවයක් තිබෙන හා ඇමරිකන් රූකඩයන්…
Read More