අවබෝධතා ගිවිසුමෙන් කියවෙන ගල්ප් කලාපයේ නව දේශපාලන යථාර්ථය..
පසුගිය සතියේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ස්විට්සර්ලන්තයේ දීත් ඉරාන ජනාධිපති තෙහෙරාන් නගරයේ දීත් අත්සන් කළ අවබෝධතා ගිවිසුම සටන් විරාමයක් ද යුද්ධයෙන් හෙම්බත් වූ දෙපාර්ශ්වය විඩා නිවා ගැනීමට ගත් කල් බැලීමක් ද යන්න ඉදිරි දින කීපය තුළ පැහැදිලිවනු ඇත. අවබෝධතා ගිවිසුමේ පළමු වගන්තියම කඩ කිරීමේ චෝදනාවක් මත ඉරානය දින කීපයකට පෙර විවෘත කළ හෝර්මුස් සමුද්‍රසන්ධිය නැවත වසා දැමු බවද වාර්තාවේ. ඉරානය පවසන ආකාරයට අවබෝධතා ගිවිසුම අනුව ලෙබනනය ඇතුළු සියලු පෙරමුණුවල සටන් නතර කළ යුතු වුවද ඊශ්‍රායෙලය දිගටම ලෙබනනයට ගුවන් පුහාර එල්ල කරයි. එමනිසා ඇමරිකාව එය නතර කිරීමට පියවර ගත යුතුය. හොර්මුස් සමුද්‍රසන්ධිය නැවත වසා දමා ඇත්තේ එමනිසාය. ස්විට්සර්ලන්තයේ පැවති සාකච්ඡාවලින් පසුව…