මංකොල්ලකාරී අධිරාජ්‍යවාදය නැවතත් ලෝක සමය බවට පත්වේ..
යුද්ධයේ ශාපයෙන් මානව වර්ගයා මුදවා ගැනීමට පිහිටුවන ලද එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර නීතිය, සහ මානව අයිතිවාසිකම් වැනි සංකල්ප පදනම්ව අටවා ගත් සියලු සංවිධාන සහ සම්මුතීන් කඩ කරමින් ලොව ධනවත් බලවත් රටවල් නීතිය යනු තමන් බව සනාථ කරමින් මාස හයක් වැනි කාලයක් ඇතුළත දෙවන වරටත් තම අවිවල නග්න බලය ප්‍රදර්ශනය කළහ. ඒ පසුගිය සෙනසුරාදා ඊශ්‍රායෙලය සහ ඇමරිකාව ඉරානයට ගුවන් සහ මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙනි. මෙම ප්‍රහාරය එල්ල කෙළේ ඉරානයේ දේශපාලන ගමන් මග වෙනස් කිරීම සඳහා එහි නායකත්වය ඝාතනය කිරීමටය. පළමු ප්‍රහාරයෙන් ඉරානයේ අධ්‍යාත්මික නායකයා වූ අයතොල්ලා අලි කමේනි සහ ඔහුගේ පවුලේ සමීතම ඥාතීන් මරා දමන ලදී. මෙවැනි ඝාතන දැනට ඉතිහාසයේ කුණු…