India

හොල්මන් ධනවාදයෙන් කැළඹෙණ ඉන්දියාව අවදි කළ කැරපොතු අරගලය..

හොල්මන් ධනවාදයෙන් කැළඹෙණ ඉන්දියාව අවදි කළ කැරපොතු අරගලය..

සති දෙකකට වැඩි කාලයක් ඉන්දියාවේ අගනුවර නවදිල්ලියේ සහ සෙසු ප්‍රධාන නගර ගණනාවක පැවති ශිෂ්‍ය තරුණ විරෝධතාවය ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලිම වූ අධ්‍යාපන ඇමති ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය තනතුරෙන් ඉල්ලා අස්වීමෙන් අවසන් විය. වෛද්‍ය විද්‍යාලවලට පිවිසීම සදහා වූ ජාතික යෝග්‍යතා සහ ප්‍රවේශ පරීක්ෂණයේ (NEET ) ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම සහ අධ්‍යාපනය හා සම්බන්ධ වෙනත් දූෂණ ක්‍රියා නිසා හටගත් මෙම විරෝධතාවය ලංකාව, බංග්ලාදේශය සහ නේපාලනයේ හටගත් තරුණ ශිෂය විරෝධතාවයන්ට බෙහෙවින් සමානය. එහෙත් එහි ඉල්ලිම් සහ සංවිධාන ස්වරූපය සැලකිය යුතු ආකාරයෙන් වෙනස් ය. මුලින්ම මෙම විරෝධතාවයට නායකත්වය දීමට සංවිධානයක් කලින් ම බිහි විය. එය හැඳින්වූයේ කැරපොතු ජනතා පක්ෂය නමිනි. පාලක භාරතීය ජනතා පක්ෂයේ නමට (බීජේපී)…
Read More