Ancient Sri Lanka

මහින්දාගමනය විද්‍යාත්මක සත්‍යයකි..[අවසන් ලිපිය]

මහින්දාගමනය විද්‍යාත්මක සත්‍යයකි..[අවසන් ලිපිය]

මා විසින් මහින්දාගමනය ගැන ඓතිහාසික සාධක මත ලියූ ලිපිපෙල අවසානයේ මම මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාගෙන් පහත සඳහන් ප්‍රශ්නවලට එතුමාගේ නිශ්චිත පිළිතුරු ගෞරවයෙන් ඉල්ලා සිටියෙමි. දැනට ඇති ඓතිහාසික සාධක මත ක්‍රි පූ 3 වෙනි සියවසේදී අශෝක අධිරාජයා විසින් ලංකාවට බෞද්ධ ධර්මදූත පිරිසක් එවූ බව පිළිගන්නේද? මේ පිරිසගේ නායක හිමිනමගේ නම මහින්ද යැයිද, ඒ වනවිට ලංකාවේ රජුව සිටියේ දේවානම්පිය (තිස්ස) යැයිද පිළිගන්නේද? මේ ධර්මදූත පිරිස විසින් එකල ලංකාවේ සිටි ප්‍රධාන රජු හා ඔහුගේ සහපිරිවර බෞද්ධයන් බවට පත්කල පසු ඉතා කෙටිකලක් තුල ලංකාවේ බුදුදහම පැතිරගිය බව  පිළිගන්නේද? එනිසා මේ සිදුවීම ලංකා ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් ලෙස පිළිගන්නේද? එසේම මම විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු වන එතුමාගෙන්…
Read More
මහින්දාගමනය විද්‍යාත්මක සත්‍යයකි.. [දෙවන කොටස]

මහින්දාගමනය විද්‍යාත්මක සත්‍යයකි.. [දෙවන කොටස]

මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා විසින් පලකරන ලද වීඩියෝ දෙකකට පිළිතුරු වශයෙන් ලියැවන “මහින්දාගමනය විද්‍යාත්මක සත්‍යයකි”  යන ලිපිපෙලෙන් ඉදිරියේදී පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සැපයෙනු ඇත. ඒවානම්, ඉන්දියාවේ විසූ අශෝක රජු ලංකාවට ධර්මදූත පිරිසක් යැවීද ?එසේනම් ඒ කුමන කාලයේද? මේ අය පැමිණියේ ලංකාවටමද? මේ පිරිස බෞද්ධ ධර්මදූතයන්ද? අශෝක රජු බෞද්ධයෙක්ද? මේ අය එනවිටත් ලංකාවේ බෞද්ධයන් සිටියාද? එසේ සිටියේ නම් මේ ධර්මදූත පිරිස ලංකාවට ඒමේ වැදගත්කම කුමක්ද? මේ පිරිස ලංකාවට පැමිණි බවට ඇති සාක්ෂි මොනවාද? මේ පිරිස පැමිණි පසු ලංකාව තුල සීඝ්‍රයෙන් බුදුදහම පැතුරුණාද? යන ඒවායි. මහාචාර්ය නිර්මාල් මහතා මහාවංශයේ මහින්දාගමනය පිලිබඳව ඇති විස්තරය “මිත්‍යාවක්” යැයි හඳුන්වමින් එය ලංකාවේ බුදුදහම පැතිරුණු පසු…
Read More
මහින්දාගමනය විද්‍යාත්මක සත්‍යයකි.. [පලමුකොටස]

මහින්දාගමනය විද්‍යාත්මක සත්‍යයකි.. [පලමුකොටස]

කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාසය විෂය පිළිබඳ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මැතිතුමා යූ ටියුබ් චැනලයක මීට මාස කිහිපයකට පෙර කරන ලද සාකච්ඡාවක් පිලිබඳව මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල විවිධ මත පළවෙමින් පවතී. අද ලංකාවේ සාමාන්‍යයෙන් සිදුවන්නාක් මෙන් මෙවන් කරුණක් සම්බන්ධයන් සිදුවන සාකච්ඡා තම තමන්ගේ පුද්ගලික අදහස් වලින්, අපහාස , අවලාද, මඩ ප්‍රහාර වලින්  ඔබ්බට  නොගොස් එකතැන පල්වෙමින් පවතී. මහාචාර්ය නිර්මාල් රංජිත් මහතාගේ මතය මහාචාර්ය නිර්මාල් රංජිත් මහතාට අනුව මහාවංශයේ සඳහන්වන අන්දමට ධර්මාශෝක අධිරාජයාගේ පුතෙකුවූ මහින්ද නම් මහරහතන්වහන්සේ නමක්, උතුරු ඉන්දියාවේ සිට අහසින් මිස්සක පවුවට වැඩ, ඒ වනවිට ලංකාවේ රජකම්කල දේවානම්පියතිස්ස රජු බෞද්ධයෙකු කලපසු, ලංකාව බෞද්ධ රටක් වූයේ යැයි යන්න මිත්‍යාවකි. අද මහින්දාගමනය…
Read More