එක්සත් ජාතින්ගේ සාම දෙවොලට අරක්ගත් යුද්ධයේ රාක්ෂයින්..
මේ දිනවල ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ පැවැත්වෙන එක්සත් ජාතික්ගේ 81 වැනි වාර්ෂික සම්මේලනය මෙතෙක් පැවති අන් සියලුම මහා සභාවලට වඩා වෙනස් ය. ඒ අන් කිසිවක් නිසා නොව එහිදී කතා කළ ලොව ප්‍රබල රාජ්‍යය කීප දෙනෙක්ම සංවිධානයේ අරමුණු සහ පරමාර්ථවලට හාත්පසින්ම වෙනත් වාග් ප්‍රලාප ඉදිරිපත් කළ නිසාය. එක්සත් ජාතින්ගේ ප්‍රඥප්තියේ දැක්වෙන ආකාරයට එහි පරමාර්ථ සහ ප්‍රතිපත්ති වන්නේ සාමයට ඇති තර්ජන වැළැක්වීම සහ ඉවත් කිරීම ද ආක්‍රමණික ක්‍රියා හෝ සාමය බිඳී යාමට තුඩු දෙන ක්‍රියා මැඩ පැවැත්වීම ද අරභයා ප්‍රබල විධි විධාන යෙදීම යනාදී වශයෙනි. එමෙන්ම සාමය බිඳී යා හැකි පරිද්දෙන් ඇති වන ජාත්‍යන්තර භේද හෝ ආරවුල් සමගි සමාදානයෙන් සමථයට පත්…
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම..
[මෙය 2026 සැප්තැම්බර් 11 වන දින ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී තරුණ නීතිඥ සංගමය විසින් සංවිධානය කරන ලද ‘අප අලුත් ජනතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් පෙළගැසිය යුත්තේ ඇයි?’ යන තේමාව යටතේ පැවැති ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයේදී මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර පවත්වන ලද කථාවේ සංස්කරණය කරන ලද Ai පිටපතිකි.] අද විශාල ව්‍යාකූලත්වයක් තිබේ: ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිතවාදය යනු කුමක්ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු කුමක්ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය වන්නේ ඇයි? ඒ ගැන මහජන අවධානයට ලක්විය යුතු කරුණු පිළිබඳව සෑම විටම හඬක් නැඟුවේ මේ රටේ වෘත්තිකයන් ඇතුළු සිවිල් සමාජයයි. ඒ සන්දර්භය තුළ නීතිඥ සංගම් ද සෑම විටම පෙරමුණගෙන කටයුතු කර ඇත. අතීතයේදී තත්ත්වය අද තරම් නරක යැයි මා සිතන්නේ නැත. මන්ද අද…
කැළෑව වෙනුවට ගස් දකින දේශපාලන කලාව..
පළාත් සභා ඡන්දය දින නියමයක් නැතිව කල් දමා ඇති සහ වෙනත් ඡන්දයක් පෙනෙන තෙක් මානයේ හෝ නැති තත්වයක් යටතේ වුවද දේශපාලකයන් රට වටා ඡන්ද රැස්වීම් පවත්වමින් ශබ්ද දූෂණය උපරිමයට නංවා ඇති බව පෙනේ. විමල් වීරසිංහ ද ඇතුළත් විපක්ෂයේ ඒකාබද්ධ පෙරමුණ අනුරාධපුරයේ රැස්වීමක් පැවැත්විමට සූදානම් වෙත්ම ජාතික ජන බලවේගය ජනාධිපති ගේ නායකත්වයෙන් රැස්වීම් මාලාවක් සූදානම් කර ඇත. එහි පළමු රැස්විම් දෙක පැවැත් වුණේ කළුතර දිස්ත්‍රික්කයේය. ඒකාබද්ධ විපත්ෂයේ රැස්වීම අනුරාධපුරයේ පැවැත් වු දිනම ජනාධිපති අනුර තුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් පොළොන්රුවේ ජන රැලියක් පැවැත්විණ. ඊට පසුදින අනුරාධපුරායේ ජනතා විමුක්ති පෙරමුනේ තවත් රැලියකි. (නාමල් රාජපත්ෂ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමත් ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමත් අතර ඇති…
විනාඩියක් පමණයි…
පූරක: සුපුරුදු පරිදි අදත් මේ ඇරඹෙන්නේ ඔබට රසාස්වාදය ගෙනා විනාඩියක් පමණයි. අද අපේ විනාඩියක් පමනයි වැඩ සටහනට සම්බන්ද වන්නේ සිරිවර්දන මහත්තයා. අද අපේ මාතෘකාව 22. තහනම් වචනය සූරසේන. තරගයේ නීති රීති. විනාඩියකට වඩා නිශ්ශබ්දව ඉන්න බෑ. තනි වචනයෙන් උත්තර දෙන්න බෑ.තහනම් වචනය කියන්න බෑ. පැහැඳිළියිද? සිරිවර්දන: ඔව් පැහැඳිළියි. පූරක: එහෙනම් අපි පටන් ගනිමු. 22 කියන්නේ මොකක්ද? සිරිවර්දන: විසිදෙක කියන්නේ 21 ට පස්සේ එන 23 ඉස්සර එන එක. පූරක: 21 ට පස්සේ එන 23 ට ඉස්සර දේවල් ගොඩක් තියෙනවනේ. මේ 22 කියන්නේ උත්තරීතර නීතිය. මේ රටේ ව්‍යවස්ථාව. ඒ ගැන මොනවද දන්නේ? සිරිවර්දන: මගෙන් අහන්නේ ව්‍යවස්තාව ගැනද? විය අවස්තාව සන්දිවෙලා තමයි ව්‍යවස්තාව…
ප්‍රජාතන්ත්‍රවාදී අනුකූලතාව ආරක්ෂා කරගමු!
මාධ්‍ය නිවේදනයයි ප්‍රජාතන්ත්‍රවාදී අනුකූලතාව ආරක්ෂා කරගමු! ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඉතිහාසය පරිශීලනය කිරීමේදී, පාලකයන් විසින් සිය දේශපාලන බලය තහවුරු කරගැනීම උදෙසා භාවිත කරන ලද උපායමාර්ගවලට වඩා, එකී සංශෝධනයන්හි අන්තර්ගතය ප්‍රජාතන්ත්‍රවාදී අගයන් ආණ්ඩුවල පැවැත්ම සහ ස්ථාවරත්වය තීරණය කර ඇති බව ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් රැකගැනීමේ ව්‍යාපාරය (MDDR) ලෙස අප දැඩි ලෙස අවධාරණය කරමු. ව්‍යවස්ථා සංශෝධනයක් පිටුපස පවතින පාලකයන්ගේ පෞද්ගලික හෝ දේශපාලනික අරමුණු කවරක් වුවද, එහි අන්තර්ගතය මෙන්ම එය සම්මත කරගනු ලබන ක්‍රියාවලිය ප්‍රජාතන්ත්‍රවාදී වන විට රට සහ ආණ්ඩුව ස්ථාවර වන බව ඉතිහාසය විසින් සනාථ කර ඇත. එම ක්‍රියාවලිය ප්‍රජාතන්ත්‍ර විරෝධී වන සෑම අවස්ථාවකදීම අදාළ ආණ්ඩු බිඳවැටීමට ලක්වීම අනිවාර් ය සාධකයක් වී තිබේ.…
වී මෝල් හිමියන්ට අඩු පොලියට ණය දීමෙන් ගොවියාට සෙතක් නැත..
යල කන්නයේ වී අස්වැන්න නෙළා ගැනීමත් සමග නැවත වරක් වී අලෙවි කිරීමේ ප්‍රශ්නය ජන මාධ්‍ය යේ සහ සමාජ මාධ්‍යයේත් රජයේත් කැපී පෙනෙන මාතෘතාවක් විය. රජය නියම කර ඇති වී කිලෝ එකට රු.120/ මිලට වඩා ශතයක්වත් අඩුවෙන් වී නොවිකුණන ලෙස කෘෂිකර්ම ඇමති සහ වෙළඳ ඇමති ගොවීන්ට තරයේ අවවාද කෙළේ වී මොල් හිමියන් සුපුරුදු පරිදි අඩු මිලට වී මිලදී ගන්නා බව දිවයිනේ නොයෙකුත් ප්‍රදේශවලින් වාර්තා වු නිසාය. වී අලෙවි මණ්ඩලයේ ගබඩා සහතික මිලට ගැනීමට සූදානමෙන් සිටින බවද ඔවුහු අවධාරණය කළහ. ඒ අනුව ගොවීන් කොපමණ ප්‍රමාණයක් සහතික මිලට වී අලෙවි කෙළේද යන්න ප්‍රකාශ නොවුවත් වී අලෙවි මණ්ඩලයේ ගබඩා පිරි ඉතිරී ගොස් ඇති බවට…