IMF විසින් නිර්මාණය කළ දුප්පතුන්ට පහර දී ධනවතුන් ඉතිරි කිරීම: සමාජ ස්ථාවරත්වය අහිමි කිරීම..
2020 ගණන් ගෝලීය දකුණේ පීඩාවේ දශකයක් බවට පත්ව ඇත. සංවර්ධනය වෙමින් පවතින රටවල් අතුරින් අඩක් පමණ දැන් ණය අර්බුදයක සිටින අතර, 2010 සිට තත්ත්වය තවත් පිරිහී ඇත. 2008 ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසුව, බටහිරින් ලැබුණු මූල්‍ය ප්‍රාග්ධනය ශ්‍රී ලංකාව වැනි ඊනියා නැගී එන වෙළඳපොළවල් වෙත ගලා ආවේය. මෙවැනි ඉහළ පිරිවැයක් සහිත ප්‍රාග්ධනය යටිතල පහසුකම් සුඛෝපභෝගී පරිභෝජනය සඳහා අවශෝෂණය කර ගත් අතර අපේ රටවල එය පැවතියේ කෙටි කාලයකි. ප්‍රමාණවත් ප්‍රතිලාභ නොමැතිව සහ දැවැන්ත ණය බරක් සහිතව, බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල් දැන් ණය ආපසු ගෙවීමට අපහසු තත්ත්වයකට පත්ව ඇත. එක්සත් ජාතීන්ගේ වෙළඳ හා සංවර්ධන සමුළුවේ (UNCTAD) මේ වසරේ නිකුත් කරන ලද ‘ණයෙන්…