OPINIONS

ඉතිහාසය මූලිකව තබාගැනීම: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහි තර්කයක්..

ඉතිහාසය මූලිකව තබාගැනීම: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහි තර්කයක්..

මෙම වසර මුලදී, අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව කතා කිරීමට පටන් ගත් විට, බොහෝ දෙනෙකුට ඉහළ බලාපොරොත්තු තිබුණි. රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්තිම දිගටම කරගෙන යාමට වත්මන් ආණ්ඩුව තීරණය කර තිබියදීත්, අඩුම තරමේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ හෝ තත්ත්වය වෙනස් වනු ඇතැයි යනුවෙන් ප්‍රබල විශ්වාසයක් පැවතුණි. තම දේශපාලන පැවැත්ම තහවුරු කිරීමට එකදු පිරිවෙනක්වත් මඟ නොහැරි දේශපාලන පක්ෂයක් ලෙසත්, සාධාරණ සහ සමාන අධ්‍යාපන ක්‍රමයක් වෙනුවෙන් දිගු කලක සිට පෙනී සිටි පක්ෂයක් ලෙසත්, ඔවුන්ගෙන් ඉහළ බලාපොරොත්තු තැබීම සාධාරණය. අධ්‍යාපනයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් ලෙස පුද්ගලයින් සහ කණ්ඩායම්, 2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට අගමැතිනිය සැලසුම් කරමින් සිටි ප්‍රතිසංස්කරණ ගෙනහැර දක්වන ඕනෑම විධිමත් ලේඛනයක්…
Read More
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිල්ලර තාක්ෂණ මානයක් නොවේ..

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිල්ලර තාක්ෂණ මානයක් නොවේ..

මීට මසකට පමණ පෙර, – එනම් මා රෝගාතුරවීමට පෙර – අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මා ලියූ කෙටි සටහනක මෙසේ යෝජනා කළෙමි. “ගුරු සංගම්, අන්තරේ, FUTA මෙන්ම අධ්‍යාපනය ගැන උනන්දු පුර වැසියන් මේ යෝජිත ප්‍රතිසංස්කරණයන් දෙස බැලිය යුත්තේ ‘අධ්‍යාපනයට සියයට 6  ක්’ යෝජනාවේ ප්‍රිසමය තුළිනි.” හරි හැටි සුවයක් නැතද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන අපහසුවෙන් හෝ යමක් ලිවිය යුතු යැයි සිතීමි. අසනීපය මරණය වෙත මසකින් ළං කළ ද සිදුවීම් විසින් මා මසකින් පස්සට තල්ලු කර ඇත. එසේ වුවද, මසක කාලය තුළ ඇත්තටම ආංඩුව යෝජනා කරන්නේ කුමක්ද යන්න ගැන පැහදිලි උත්තරයක් දීමට අධ්‍යාපන ඇමති හරිනි අමරසූරිය අසමත්ව ඈත. ඒ 2020 යෝජනා ද? එසේ නැත්නම් රනිල්…
Read More
කාල් මාක්ස් විශ්වයේ විවිධත්වය තුළ සමස්ථය හඳුනාගත්තා..

කාල් මාක්ස් විශ්වයේ විවිධත්වය තුළ සමස්ථය හඳුනාගත්තා..

කාල් මාක්ස් ආචාර්ය උපාධි නිබන්ධය ආසන්න වශයෙන් මීට වසර 182ට පෙර එනම් වර්ෂ 1841දී පමණ ජර්මන් භාෂාවෙන් ලියා අවසන් කරන ලද 1842 වර්ෂයේ දී මුද්‍රණයෙන් එළි දැක්වුන කාල් මාක්ස්ගේ ආචාර්ය උපාධි නිබන්ධය වූයේ ‘ඩිමොක්‍රිටස්ගේ ස්වාභාවික දර්ශනය සහ එපිකියුරස්ගේ ස්වාභාවික දර්ශනය අතර වෙනස’ යන්න ය. එය ලොව පුරා විශාල ප්‍රමාණයක් විද්වතුන්ගේ සහ විචාරකයින්ගේ අවධානය දිනාගත් සුවිශේෂ කෘතියක් ලෙසින් ද සැලකෙයි. භාෂා ගණනාවකට පරිවර්තනය වී ඇති මෙම ඓතිහාසික නිබන්ධය මුල්වතාවට සිංහල භාෂාවට පරිවර්තනය කර එළි දැක්වීමක් පසුගිය පෙබරවාරි 22 දින සිදුව ඇත. දක්ෂ ලේඛකයෙකු මෙන්ම වාමාංශික දේශපාලන ක්‍රියාකාරීකයෙකු වන චමිල් ජයනෙත්ති මහතා විසින් එම සුවිශේෂ කාර්ය සිදුකර ඇත. ජයනෙත්ති මහතා කාල් මාක්ස්ගේ…
Read More
ශ්‍රමය, සොබාදහම හා මාක්ස්වාදය..

ශ්‍රමය, සොබාදහම හා මාක්ස්වාදය..

මාක්ස් විසින් ධනවාදය පිළිබඳ ඔහුගේ විශ්ලේෂණය තුළට ස්වාභාවික තත්වයන් ඇතුළත් කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමට, ඉතිහාසය පිළිබඳ මාක්ස්ගේ භෞතිකවාදී සංකල්පයන් සලකා බැලීමට අවශ්‍ය වේ. මාක්ස්ගේ ස්වාභාවික භෞතිකවාදය, ඓතිහාසික භෞතිකවාදය හා අපෝහක භෞතිකවාදය සමග සමාජීය මූලද්‍රව්‍ය පිළිබඳ පුළුල් දෘෂ්ටියක් සපයන අතර, ස්වාභාවික මානව නිෂ්පාදන බලවේගයන් ගැන ද විස්තරාත්මක විග්‍රහයක් ඉදිරිපත් කරයි. මාක්ස් ස්වභාවධර්මය හා මානව ඉතිහාසය සමග ධනේශ්වර ප්‍රාග්ධනය විශ්ලේෂණය කරන්නේ ‘ප්‍රාග්ධනය ශ්‍රම වටිනාකමක්‘ ලෙසය. එනම් සෘජු පරිභෝජනයක් ලෙස හෝ වක්‍ර නිෂ්පාදන මාධ්‍යයන් ලෙස හෝ මානව අවශ්‍යතා තෘප්තිමත් කරන නිෂ්පාදනයක් ගැන හෝ මාක්ස් පෙන්වන්නේ: “භාවිත අගයන් හා ප්‍රාග්ධනයේ සමාජ ස්වරූපය කුමක් වුවත්, ද්‍රව්‍යමය නිෂ්පාදනය සමාජයට වැඩි කරනවා වෙනුවට මූල්‍ය ප්‍රාග්ධනය වැඩිකිරීමක්…
Read More