පීඩිතයා හා පීඩකයා වෙන් කර පෙන්වූ රත්න ශ්‍රීන්ගේ ‘මතක පද’
අවසානයේ රත්න ශ්‍රී විජේසිංහ නම් අප ජ්‍යෙෂ්ඨ කිවිසුරු විසින් දෙමළා පීඩිතයා බවත් සන්නද්ධ සිංහල හමුදා නියෝජනය කරන්නේ ‘පීඩකයා’ බවත් උදෙසන ලදි. උදෙසනවා යනු ‘ඩික්ලෙයා’ කිරීම යන්න හඟවන සිංහල වචනයයි. උදෙසනවා යනු තමන්ගේ අදහස ප්‍රසිද්ධියේ කියා පෑම යි. නොවළහා කියා පෑමයි. අවකංව කීමයි. බොක්කෙන් ම කීම යි. මගේ අදහස වන්නේ ‘මතක පද’ අතරතුර සිදුවූ මෙම රත්න ශ්‍රීන්ගේ මෙම උදෙසීම, සමස්ථ සමාජය විසින් මඟහැර නොයා යුතු වැදගත් සංසිද්දියක් බව යි. ගැඹුරු මෙන්ම කර්ණ රසායන හඬ පෞරුෂයක් සහිත, ගැමුණු ජයන්ත වන්නිනායක නම් අප මිත්‍රවරයාගේ ‘මතක පද’ යනු සිංහල සහෘද ප්‍රජාව අතර බෙහෙවින් කීර්තිමත් මතකාවර්ජන ගීතමය සංලාපයකි. ගැමා විසින් ඒය මුලින් නිර්මාණය කෙරුණේ ගුවන්…