“හරිත සමාජවාදය” යනු චමිල් ජයනෙත්ති විසින් රචිත දේශපාලනික සහ පාරිසරික විද්‍යාත්මක කරුණු විග්‍රහ කෙරෙන ශාස්ත්‍රීය කෘතියකි. සාම්ප්‍රදායික මාක්ස්වාදී සහ සමාජවාදී දර්ශනය, නූතන පාරිසරික අර්බුදයන් සහ හරිත දේශපාලනය [Green Politics] සමඟ සංකලනය කරමින් “හරිත සමාජවාදය” [Eco-socialism] ලාංකීය සමාජයට ගැලපෙන පරිදි විග්‍රහ කිරීම එහි මූලික අරමුණ වී ඇත.
මෙම කෘතිය, අදාල ප්‍රකාශන ආයතනයෙන්, ප්‍රධාන පෙළේ පොත් සැල් මඟින් හෝ Grantha.lk වැනි අන්තර්ජාල පොත් අලෙවිසැල් හරහා පහසුවෙන් ඇණවුම් කර ලබාගත හැකිය.
සොබාදහමේ පැවැත්ම සමස්තයක් වශයෙන් නිරන්තරවම වෙනස් වන වර්ධනය වන තත්ත්වයක පවතී. වර්ධනය, පියවරෙන් පියවර වෙනස්වීමේ ආකාරයෙන් හෝ පිමි ආකාරයෙන් සිදුවෙයි. සොබාදහමේ පැවැත්ම එක් පද්ධතියක් තුළ අඛණ්ඩ ලෙස පියවරෙන් පියවර වෙනස්වීම පරිණාමීය අංග ලක්ෂණ මුළු පෘථිවි පෘෂ්ඨය තුළම දැක ගත හැකිය.එවිට පරිණාමය, විප්ලවීය ස්වරූපයක් ගනී ‘හරිත සමාජවාදය’ නැමැති මෙම කෘතිය, ජීවයේ අනාගතය හා සමාජ ගැටලු පිළිබඳව නව දැක්මක් සමාජ ගත කිරීමට දරණ උත්සාහයකි. මෙම කෘතිය ඒ පිළබඳ උන්දුවක් දක්වන පුළුල් පාඨකයා සඳහා ය.