“සංවිචාරණීය සමාජයක්” [A Deliberative Society] යනු ප්රවීණ ලේඛක විජයානන්ද ජයවීර විසින් රචිත, දේශපාලනය සහ ආර්ථිකය පිළිබඳ විකල්ප කියවීමක් ඉදිරිපත් කරන ශාස්ත්රීය ග්රන්ථයකි. නියෝජිත ප්රජාතන්ත්රවාදයේ [Representative Democracy] පවතින දුර්වලතා සහ අර්බුද මැඩපැවැත්වීම සඳහා, පොදු යහපත මුල්කරගත් සහ ජනතාව සෘජුව සම්බන්ධ වන විකල්ප දේශපාලන හා ආර්ථික ක්රමවේදයක් [Deliberative Society / සංවිචාරණීය සමාජයක්] ගොඩනැගීම පිළිබඳව මෙහි සාකච්ඡා කෙරේ.