“අපූරු මිනිසෙක්” යනු ස්ටීව් ජොබ්ස් [Steve Jobs] සම්බන්ධයෙන් වෝල්ටර් අයිසැක්සන් [Walter Isaacson] විසින් රචිත සුප්‍රසිද්ධ චරිතාපදානයේ සිංහල පරිවර්තනයයි. මෙම කෘතිය සිංහලට පරිවර්තනය කරන ලද්දේ ප්‍රවීණ පරිවර්තකයකු වන මහින්ද හත්තක විසිනි.
මෙම කෘතිය, අදාල ප්‍රකාශන ආයතනයෙන්, ප්‍රධාන පෙළේ පොත් සැල් මඟින් හෝ grantha.lk | kbooks.lk | slbooks.lk | Bookshop.lk වැනි අන්තර්ජාල පොත් අලෙවිසැල් හරහා පහසුවෙන් ඇණවුම් කර ලබාගත හැකිය.
ඒ මා මරණයට ඉතාමත් සමීප වූ අවස්ථාවයි. තවත් දශක කීපයක් ගත වන තෙක් එසේ වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. මෙම අත්දැකීම ලත් මට මරණය ප්‍රයෝජනවත් එහෙත් හුදු බුද්ධිමය සංකල්පයක්ව තිබිය දී වඩාත් නිරවුල්ව මේ දේ කිව හැක. කිසිවෙකුට මරණය අවශ්‍ය නැත. දිව්‍ය ලෝකයට යෑමට අවශ්‍ය මිනිසුන්ට පවා එහි යෑමට මරණය අවශ්‍ය නැත. එහෙත් අප සියලු දෙනාගේම ගමනාන්තය මරණයයි. කිසිවෙකුට ඉන් ගැලවිය නොහැක. එසේ වී ඇත්තේ මරණය ජීවිතයේ හොඳම නිර්මාණය වීම නිසාය. එය ජීවිතයේ වෙනස්කම් කිරීමේ නියෝජිතයා වීම නිසාය. ඉන් අලුත් දේට ඉඩ සැලසීමට පැරණි දේ ඉවත් කරයි. දැන් අලුත් දේ ඔබයි. එහෙත් වැඩි ඈතක නොවන කිසියම් දිනක ඔබත් ක්‍රමයෙන් විය පත්ව ඉවත් කරනු ඇත. එය නාට්‍යෝචිතව දැක්වීම ගැන සමාවන්න. එහෙත් එය සත්‍යයි.