මාරි කියුරි

By Mahinda Hattaka

Price:  
Rs800
Rs640

මාරි කියුරි : පරිවර්තනය – මහින්ද හත්තක


‘මාරි කියුරි’  [Mari Curie]  යනු නොබෙල් ත්‍යාගලාභී විද්‍යාඥවරියක වූ මාරි කියුරිගේ ජීවන කතාව ඇතුළත්, එවී කියුරි [Eve Curie]) විසින් රචිත ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයයි. මෙම කෘතිය සිංහලයට පරිවර්තනය කරන ලද්දේ ප්‍රවීණ පරිවර්තකයකු වන මහින්ද හත්තක විසිනි. මෙම  ග්‍රන්ථය මගින් මාරි කියුරි නම් ඒ ශ්‍රේෂ්ඨ විද්‍යඥවරිය දහසකුත් අභියෝග මතින්  තම ජිවිතය ජයග්‍රහණය කල ආකාරය පිළිබදව දැන ගැනීමට හැකිය.

මෙම කෘතිය, අදාල ප්‍රකාශන ආයතනයෙන්,  ප්‍රධාන පෙළේ පොත් සැල් මඟින් හෝ  grantha.lk | Bookrack.lk | Bookshop.lk | sithuwilibooks.lk වැනි අන්තර්ජාල පොත් සාප්පු හරහා පහසුවෙන් ඇණවුම් කර ලබාගත හැකිය.


ලොව මාරි කියුරි හඳුනා ගන්නේ රේඩියම් සොයා ගත් විඥවරිය ලෙසිනි. ඇත්තෙන්ම රේඩියම් සොයා ගැනීම විද්‍යාවේ එතෙක් පැවති නිම් වළලු ඉමහත් සේ පුළුල් කිරිමකි. මෙතෙක් නිශ්චිත ප්‍රතිකාරයක් සොයා ගත නොහැකිව ඇති පිළිකා රෝගය සමහර තත්වයන් යටතේ සුව කිරීමටත් පාලනය කිරීමටත් රේඩියම් ප්‍රතිකාර ක්‍රමයක් බිහි වූයේ එම සොයා ගැනීම නිසාය. ඒ මාරි කියුරි නම් ශ්‍රේෂ්ඨ විද්‍යඥවරිය මානව වර්ගයාට කළ එක දායාදයක් පමණි.

ඇය තම ශික්ෂණය බුද්ධිය හා දැනුම ධනය හෝ කීර්තිය පුද්ගල අභිමතාර්ථය සඳහා යොදා ගැනීම තරයේම ප්‍රතික්ෂේප කළාය. මහත් ධන උල්පතක් බවට පත් කළ හැකි වූ රේඩියම් වෙන් කර ගැනීමේ ක්‍රියාවලිය සඳහා පේටන්ට් අයිතිය ලබා ගැනීමට එම පරීක්ෂණයේ මෙන්ම ජීව්තයේ සහකරුවා වූ පියරි කියුරි යෝජනා කළ විට ඇය එය බැහැර කළාය. විද්‍යා දැනුම කිසි විටෙකත් පෞද්ගලිකව අයිති කර නොගත යුතු පොදු දේපොළක් බව ඇය තරයේ විශ්වාස කළාය. තමා ගේ සහ තම සැමියා ගේ සොයා ගැනිම ඔවුන් ගත කළ අගහිග කමින් පිරුණු ජීවිතයෙන් ගොඩ ඒමට ඉණිමගක් කර ගැනීමට ඇය සිතුවේ නැත.

ඇය වැනි ම ලෝ ප්‍රකට විඥයෙකු වන ඇල්බර්ට් අයිස්ටයින් ඇය හැඳින් වූයේ මෙසේය. ‘’සියලු ප්‍රකට පුද්ගලයන් අතුරෙන් ප්‍රසිද්ධියෙන් උදම් නොවු එකම පුද්ගලයා මාරි කියුරිය. අපිස් සහජ එමෙන්ම තම පුදුමාකාර ඉරණම ගැන කොහෙත්ම නොදත් ඇය තම ජීවිතය තුළ අමුත්තෙකු සේ සැරි සැරුවාය.”

Availability

available

Total Pages

158

ISBN

978-624-5664-82-5

Format

Paperback

Country

Sri Lanka

Language

Sinhala

Translator

Mahinda hattaka

Dimension

148 X 210 mm

Average Ratings

Submit Your Review You are not allowed to submit a review. Please Log In