භවගත වීම

By Mahinda Hattaka

Price:  
Rs1750
Rs1400
භවගත වීම : පරිවර්තනය – මහින්ද හත්තක

“භවගත වීම” යනු ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමාගේ බිරිඳ වන මිෂෙල් ඔබාමා විසින් රචිත සුප්‍රසිද්ධ “Becoming” නැමැති ස්වයං ලිඛිත චරිතාපදානයේ [Autobiography] සිංහල පරිවර්තනයයි. මෙම කෘතිය සිංහල භාෂාවට පරිවර්තනය කර ඇත්තේ ප්‍රවීණ ලේඛක මහින්ද හත්තක විසිනි.

මෙම කෘතිය හරහා මිෂෙල් ඔබාමාගේ ළමා කාලය, ඇයගේ අධ්‍යාපනය, වෘත්තීය ජීවිතය, බැරැක් ඔබාමා සමඟ ඇති කරගත් විවාහය සහ ඇමරිකාවේ ප්‍රථම කාන්තාව ලෙස ගත කළ අත්දැකීම් පිළිබඳව ඉතා රසවත්ව සිංහල පාඨකයාට සමීප කර ඇත.

මෙම කෘතිය, අදාල ප්‍රකාශන ආයතනයෙන්,  ප්‍රධාන පෙළේ පොත් සැල් මඟින් හෝ  grantha.lk | kbooks.lk  වැනි අන්තර්ජාල පොත් අලෙවිසැල්  හරහා පහසුවෙන් ඇණවුම් කර ලබාගත හැකිය.


මම නීතිඥවරියක් වූයෙමි. රෝහලක උපසභාපති වූයෙමි. තරුණ ජනතාවට ප්‍රයෝජනවත් වෘත්තීන් ගොඩනඟා ගැනීමට උදව් කරන ලාභ නොබෙදන ආයතනයක අධ්‍යක්ෂිකාවක් වූයෙමි. වැඩි වශයෙන්ම සුදු ළමයින් සිටි පාසලක වැඩ කරන පංතියේ කළු ශිෂ්‍යාවක් වූයෙමි. මම හැම ආකාරයේ තැන්වලම එකම අප්‍රිකානු-ඇමරිකානු ගැහැනිය වූයෙමි. මම මනාලියක්, වෙහෙසට පත් මවක්, දුකින් පිරුණු දුවක් වූයෙමි. මම ඇමරිකා එක්සත් ජනපදයේ පළමු කාන්තාව වූයෙමි. නිල වශයෙන් තනතුරක් නොවුවත් ඉන් මා හට නොසිතූ ආකාරයේ වේදිකාවක් නිර්මාණය විය. එය මා හට අභියෝගයක් වුව සියල්ල මම නිහතමානිව දැරුවෙමි. ඒවායේ උසස් බවක් මෙන්ම ඇදවැටීමක් ද විය. සමහර විට ඒ සියල්ල සිදුවූයේ එකවරම ය.

Availability

available

Total Pages

330

ISBN

978-624-5664-30-6

Format

Paperback

Country

Sri Lanka

Language

Sinhala

Translator

Mahinda Hattaka

Dimension

148 X 210 mm

Average Ratings

Submit Your Review You are not allowed to submit a review. Please Log In